රෑ අහසේ සත් සහෝදරියන්ගේ කතාව..


තරු ගැන , හඳ ගැන මිනිස්සුන්ගේ තියෙන නොසංසිදෙන කුකුස ජානගත දෙයක් කියලා වෙලාවකට මට හිතෙනවා...ලෝක ශිෂ්ඨාචාර වල ළදරුවියේ ඉඳන් මේ දක්වා මිනිසා රැගෙන ආපු අහසෙන් එපිට ලෝකය ගැන කුකුස අද වෙනකොට "තාරකා විද්‍යාව" කියන විසල් දොරටුවක් විවර කරගෙන තියෙනවා..

මේ කියන්න යන්නේ මේ වෙනකොට අමාගේ හීන සාප්පුව ලියන මගේ විශ්ව විද්‍යාලය ඒ කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුලේ තියෙන හුදෙක් සංගමයකින් එහා පරාසයක් දක්වා විහිදුන අපේ "Astro Club" එක කරන අපූරු වැඩක් ගැන..

අපේ සංගමය විසින් හැම සතියකම පාහේ තාරකා විද්‍යාව සම්බන්ධ ලිපි ඔබත් සමඟ මුහුණු පොතේ අපේ පිටුව තුලින් බෙදාහදා ගන්න  කැමැත්තෙන් ඉන්නවා.. ඔන්න මේ සතියේ ඉදන් තරු  ගැන විතරක් නෙමෙයි අපේ විශ්වයේ අසල්වාසීන් ගැන පවා විස්තර,  අමා  ඒ කියන්නේ මම  ලියන්න බලාපොරොත්තු වෙනවා..


ඉතින් අමාගේ හීන සාප්පුවට ගොඩ වෙලා  හීන මිලට ගන්න ඔයාලගේ දැනුම පොතටත් යමක් එකතු කරන්නයි මම සූදානම් වෙන්නේ.. මේ පහළ තියෙන ලින්ක් එක ඔස්සේ පුළුවන් ඔයාලට ගිහින් අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරලා  දිගටම අපේ   තාරකා සංගමය සමඟ දැනුම බෙදා ගන්න...මුහුණු පොතේ යන මගේ ලිපි ගැන ඔයාලට "තරු ගැන තොරතුරු" කියන බ්ලොග් ලේබලය යටතේ ගිහින් ඔත්තු සොයා ගන්න පුළුවන්..

එහෙනම් මේ සතියේ මුහුණු පොතට එකතු වෙන මගේ ලිපිය තමයි, " රෑ අහසේ සත් සහෝදරියෝ"

ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න




Comments

  1. සතුටුයි අමා.. සුභ පැතුම්... මාත් කැමැතිම සබ්ජෙක්ට් එකක් අහස.. බලන් ඉන්නවා ඔයාගේ කතා කියවන්න..

    ReplyDelete

Post a Comment

Popular Posts