භාවිතයේ නොමැති අංකය

මා සතුව ඇති,

ඔබේ අංකය,

භාවිතයෙන් ඔබ ඉවත් කළ,

මම දිනපතා අමතන





පතොක් පඳුරක් වගේ ප්‍රේමය,

දුෂ්කරම කාලයක

එකම ලෙස පැවතීම

කොයිතරම් වෙහෙසද





මා ඇමතු අංකය

භාවිතයේ නොමැති මුත්

ඔබේ සිහින් කටහඬ

දිවා රෑ මට ඇසෙන..




Comments

Post a Comment

Popular Posts