අප අතර..








අප අතර



දරාගත නොහැකි ලෙස
ඝනකම් නිහඬබව,
සුලඟ මෙන් පැහැදිලි
දැනෙන නොදැනෙන
ප්‍රේමය,
බිඳුණ පින්තූරයකි
අප දෙදෙන සිනහසෙන,



අප අතර


කඳුළු පිසදැමූ
ඉවත් කළ ලේන්සුය,
ප්‍රාර්ථනා වෙනුවෙන් පා කළ
ඇහි පිහාටු කිහිපයක්ය,
ඔබ නොසළකා හල මුත්
තවමත් මල් පිපෙන
කුඩා පතොක් බඳුනක්ය,



ඔබ අප අතරින්
මහ මුහුදක් තනනවද?
මම  කුඩා මෝසමක් තනමින්
ඔබ නික්ම යෑමට තනන
රුවල් නෞකා රුවල් ඉරන්නද??


අප අතර
අපි තවම ඉන්න බව
හිතෙන්නේ මට
විතරමද!!

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒක හෙන ගොන් සහ කුහක කතාවක් , කවියක ලස්සන හදවතින් අගය කරන්න බැරිනං නිකා ඉන්න.

      Delete
  2. හිත පටලවන කවි

    ReplyDelete

  3. //අප අතර
    අපි තවම ඉන්න බව
    හිතෙන්නේ මට
    විතරමද!!//

    ලස්සනයි...

    ReplyDelete

Post a Comment

Popular Posts