ප්‍රේමයේ භයානක!!


මුසාවාදයක් වුව
ඉතා ඉමිහිරිය,
ප්‍රේමයේ දවටනයක
ඔතා පිළිගන්වන විට

ඉතින් අවසන් වරයි මේ
තමන්ටම කියාගෙන
නැවත නැවතත්
යලිත් යලිත්
දහවල ඇදවැටුණ
ප්‍රේමයේ මරු වළට
කැමැත්තෙන් පැනීම


ඒ තමා ස්වභාවය
ප්‍රේමයේ භයානක!!

Comments

  1. සුළඟක් උනත් කෙතරම් මනරම්ද
    මල් සුවඳ ගෙන එන නිසා

    පොකුණක් සදා ගොහොරුව පවතීද
    බිඟු තුඩක් නොලබනු නිසා

    තරුවක් විදා අහසක් හිනැහෙයිද
    සොමි උවන සඟවන නිසා

    බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
    නුඹ මුවෙන් පවසන නිසා

    ReplyDelete
  2. අපූරුයි අමා.. ප්‍රේමය හරි සැහැල්ලුයි කොටු ගහලා කූඩු නොකරනවා නම් එතකොට ඒ තරන් භයානක නැ හරිම සුන්දරයි...

    ReplyDelete

Post a Comment

Popular Posts