අමාගේ හීන සාප්පුවේ ආදරණිය වයසට යෑම!!! ( පළවෙනි උපන්දිනය)






කාලය කියන්නේ අතින් අල්ලලා නවත්තලා තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි...කාලය තියෙන්නේ ගෙවිලා යන්න...සමහර සිදුවීම් තියෙනවා කාලය ගෙවිලා යන්න යන්න වටිනාකමක් එකතු වෙන...සමහර මතක තියෙනවා දියසෙවල බැඳෙන්න බැඳෙන්න සුන්දර වෙන...මගේ ජීවිතේ තදින්ම ඉතිරි වෙලා තියෙන එහෙම මතකයක් තමයි ; අමා..

එතකොට කවුද අමා කියන්නේ ? ඒක තමා ඔයාලගේ හිතට මුලින්ම මතුවෙන දැවෙන ප්‍රශ්නය..අමා කියන්නේ කියලා ඉවරයක් වෙන්නේ නැති උමංදාව වගේ හීනයක් ...මට අමාගේ ආරම්භය වගේම අවසානයක් පේන්නේ නෑ...අමා එක්ක ජීවිතේ ගොඩක් අහුමුළු සම්බන්ධ නිසා අමාගේ ජන්මය ගැන මීට වඩා දෙයක් කියන එක නිෂ්ඵල වගේම වෙහෙස කර වැඩක්...

 සැප්තැම්බර් දෙවෙනිදා..  මට ඒ දවස කවදාවත් අමතක නොවෙන්න හේතු දෙකක් තියෙනවා..පළවෙනිම හේතුව මතක් කරන්න අකමැති එකක්.. ඒත් අමතක කරන්න අමාරු දෙයක්.. මතක් කරලා ඵලක් නැති දෙයක්..
අනික මතක් කරන්න ආසම ආස දෙයක්..ඒක පොඩි හිච්චි කොල්ලෙක් දැකපු ලොකු හීනෙක කොටසක්...මීට අවුරුද්දකට කලින් අදවගේ දවසක තමා අමා එයාගේ හීන අනිත් අයත් එක්ක බෙදාගන්න බ්ලොග් හිදැසක සාප්පුවක් දාන්න පටන් ගත්තේ...
හීන මගේ වුනාට හීන සාප්පුව මගේ විතරක්ම නෙමෙයි..මේ සාප්පුවේ හැම බ්ලොග් ගලක්ම වගේ සදාතනික මිත්‍රත්වයෙන් , ආදරණිය සිහිකැඳවීම් වලින් තෙත් වෙලා තියෙනවා... " අමාගේ සිහින සාප්පුව " කියන දළඹු හීනය මුලින්ම හිතේ ඇති කලේ ඒ වෙනකොට මගේ දිගක් පළලක් නැති ලියවිලි කියවපු ආදරණිය යාලුවෝ...එහෙම කියපු අය ගැන වෙන වෙනම මතක් කරන්න්න තිබුණා නම් සතුටුයි..ඒත් නාම ලේඛනය ගොඩක් දිග එකක් නිසා ඒ හැමෝම මම ආදරෙන් මෙහෙම මතක් කරන්නම් <3

ඒ කාලේ මට තිබ්බ ලොකුම ගැටළුව තමයි " කොහොමද දැන් බ්ලොග් එක හදන්නේ?  කියන එක ....ඒ වෙනකොට මට තිබ්බ ජංගම සගයාත් ඒ සඳහා සුදුසු කෙනෙක් නෙමෙයි...ඉතින් මගේ දළඹු හීනය කරට අරගත්ත කසුන් එයාගේ හීනයක් වගේ හිතලා මේ බ්ලොග් එක හදලා දුන්නා...කසුන් කාලයේ හෙවනැලි වල හැංගිලා හෝ මේ ලියවිල්ල කියවනවා නම් මේ ස්තුතිය ඔයාට...දළඹු හීනය සමනලයෙක් කලාට ආයිමත් ස්තූතියි..
"අමාගේ හීන සාප්පුව" හැදුවාට ඒකට පෝස්ට් දාන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ...මොකද මට ඒකට අවශ්‍ය මෙවලම් තිබුනේ නැති නිසා...එහෙම අසරණ වෙලා හිටපු කාලේ " උඹ මට ලියලා දීපන්..මම පෝස්ට් කරන්නම්" කියලා මගේ දස වද ඉවසමින් මුල් කාලේ පෝස්ට්     උඩුගත කරපු දිනේෂ් සිල්වා මගේ හොඳම යාලුවාට ස්තූතියි...අකුරෙන් අකුර කියවලා වැරදි හදහදා බ්ලොගය ලස්සන කරන්න මටත් වඩා වෙහෙසුණ අත් දෙක වගේ ඉන්න දිනේෂ් සිල්වාට ආයිමත් ආයිමත් ස්තූතියි..

"මල්ලි උඹ ලියන්න පටන් ගනින්...ඕනිම උදව්වක් කරන්නම්" කියලා නතර නොවී වචන වලට පණ දුන්න ශානු  අක්කාට ( ආදරණිය සුදු කිඹුලි) ස්තූතියි...අද වගේම හෙටත් හෙටින් පසු මතුවටත් හැමදාටමත් ශානු අක්කා ඉස්සර වගේම හයියක් වෙලා ඉන්න බව දන්නවා...

බ්ලොග් ලොකෙන් මම ආසම බ්ලොග් කිහිපය අතර උඩින්ම තියෙන බස්සිගේ නවාතැනේ සදාදර හිමිකාරි " බස්සි අක්කා" එහෙමත් නැත්නම් යශෝධා අක්කාටත් ස්තූතියි...ශානු අක්කා පෙන්නපු පාරදිගේ බස්සිව හොයාගෙන ආපු ගමනේදි  " සින්ඩි"  ගැන මෙලෝ දැනීමක් නැතිව හිටපු මට" සින්ඩි" ගෑන කියලා දීලා සින්ඩි කිහිපයකට යන්න පාර කියාපු , ඒ වගේම තාම වැඩෙන අංකුර බ්ලොග්කාරයෙක් වෙච්ච මගේ නිර්මාණ බස්සිගේ නවාතැනේ එල්ලලා " එන්න අමාගේ හීන සාප්පුව පැත්තට " කියලා නිහතමානිව ආරාධනා කරපු අපේ ආදර බස්සිට ආයිමත් ස්තූතියි..

බ්ලොග් එකේ මුලින්ම කොමෙන්ට් කරපු දිනේෂ්ව,ශිරාන් අයියාවත් ආදරෙන් මතක් කරන්න කැමතියි..
මගේ නිර්මාණ කියවලා ඒ ගැන අදහස් පළකරපු හැම සහෝදර බ්ලොග්කරුවෙක්ට හා
කාරියෙක්ටම ස්තූතියි...
වත් පොතේ නිර්මාණ රසවිඳින ඉස්සර රසවිඳපු ඒ වගේම තාමත් ඉස්සර වගේම යාලුවෝ වගේ ඉන්න "දොස්තර නෝනා" ටත් " මචං" සහෝදරයාටත් අනිත් හැම යාලුවෙක්ටමත් ගොඩක් ස්තූතියි...
නිර්මාණයක් රස විඳලා අවංක විචාරය ලබා දුන්න එතනින් නොනැවතී ඒ නිර්මාණය පෝෂණය කරන්න දායක වෙච්ච හැම කෙනෙක්ටම ස්තූතියි...වත් පොතේ නිර්මාණ කියවලා සිහින සාප්පුවට නිකමට හරි ගොඩ වෙච්ච හැමෝටම ස්තූතියි...
ඇස් ඇරගෙන දකින හීන හැබෑවක් කරගන්න තියපු පළවෙනි පුංචි පියවර අවුරුද්දක් වගේ දිග කාලයක් පැවතිච්ච එක ගැන සතුටුයි...
ඒ වගේම මම විභාග අස්සෙත් කුරුටු ගානවා දැකලා කිසිම දොසක් නොකියපු අම්මාටත් තාත්තාටත් ස්තූතියි...එයාලා නැත්නම් මේ කිස්ම දෙයක් මේ විදිහට නොවෙන්න තිබ්බා...හීන සාප්පුවට නිතර ගොඩ වෙමින් වැරදි අඩුපාඩු පෙන්නලා දුන්න තාත්තාට විශේෂයෙන්ම ස්තූතියි...
අමාගේ හීන සාප්පුව නිසා ලැබිච්ච ආදරේ හිතා ගන්න බැරි තරම්...ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි...මිනිස්සුන්ගේ ආදරේ ලැබෙන්න පින් කරන්න ඔනිලු...ඉතින් මමත් චූටි ඇබිත්තන් පිනක් කරලා තියෙනවා ඇති..ඉදිරියටත් අමාගේ හීන සාප්පුවට ගොඩ වෙලා හීන බෙදාහදා ගන්න එන්න කියලා ආරාධනා කරන ගමන් නවතින්නම්..
එහෙනම් සුභ උපන්දිනයක් " අමාගේ හීන සාප්පුවට"

Comments

  1. සුබ පැතුම් මල්ලී...තව චිරාත් කාලයක් අමාගේ හිතිවිලි, හීන වල කොටස් කරුවන් වෙන්න අපි හැමෝටම ඉඩ ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...

    තෙරුවන් සරණයි !!!

    ReplyDelete
  2. විසල් සුවිසල් පුංචි කොලුවා ගැන ආඩම්බරයි, නිතරම් කමෙන්ට් නොකලත් උඹේ හැම කතාවම වගේ කියවනවා. දිගටම ලියන්න පොතකුත් කරන්න දිරිය ලැබෙන්න මගෙන් සුභ පැතුම් .

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඉවාන් අයියේ...නිතර කොමෙන්ට් නොකලාට කියවලා යන්න එන එකම ලොකු සතුටක් ^_^

      Delete
  3. ඔන්න තුශානිගෙනුත් දිගු ගමනකට සුබ පැතුම්...

    ReplyDelete
  4. සුබ පැතුම් ඔබට

    ReplyDelete
  5. මූණු පොතෙනුත් සුබ පැතුවලු ඉතින් අපි නම්! සුබ පැතුම් නැවතත්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිතූ අක්කේ 😊😊

      Delete
  6. වසරක් පුරාවට ඉහිරුව රසවින්දනයට ස්තුතියි අමා..දිගටම ලියන්න...

    ReplyDelete
  7. දලම්බුවෙකුගේ හීනය සමනලයෙක් වෙන්න; ඒ හීනය හැබෑ කරගන්න ඒ අහිංසක දළඹුවා ට කෝෂයක් හදල දෙන්න මටත් පුළුවන් වුනා කියල මම හීනෙකින් වත් හිතුවේ නැහැ.. හැබැයි උපන්දින හීනය ඇතුලේ ඒ කතාව ලස්සනට ගලපලා තිබුණා.. මතක්කරලා පලක්හේ නැති තු ඔක්කොටමයි ... මතක් කරලා සතුටු වෙන්න කැමති හේතු ඔක්කොටමයි.. සුභම සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete

Post a Comment

Popular Posts