යුග්මයෙන් මිදී නිදහසේ ඉගිලෙන්නෝ....

 



'"ලිංගිකත්වය, එක පැත්තක කොටු දහසක් තියෙන රූබික් කැටයක් මෙනි.. ඔබ එය කරකවන හැම වාරයකදිම, තවතවත් විසඳාගත නොහැකි දුෂ්කර ප්‍රෙහෙලිකාවන් මතුවනු ඇත.."


මීට ටික කාලයකට කලින් යාලුවෝ එකතු වෙලා ඕපදූප කතා කරකර ඉන්න වෙලාවක  මම මගේ යාලුවන්ගෙන් අහපු ප්‍රශ්නයක් තමා, "කවදාහරි ඔයාලට homosexual  කෙනෙක් යටතේ වැඩකරන සිද්ද වුනොත් ඔයාලා මොකද කරන්නේ?" කියන එක.. එතන හිටපු ගොඩක් අය කිව්වේ "ඒක අපිට නම් කිසිම විදිහකට ප්‍රශ්නයක් නෙමෙයි." කියන එක...ඒත් එතන හිටිය එක ළමයෙක් කලේ , "මම නම් කවදාවත් ඒම කෙනෙක් යටතේ වැඩ කරන්නේ නෑ.. මම එහෙම කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවත් එකට වැඩ කරන්නවත් කැමති නෑ" කියලා එතනින් නැගිටලා ගියපු එක.. මම ඒ වෙලේ ඉදන් කල්පනා කලේ ඇයි මිනිස්සු තව කෙනෙක්ගේ ලිංගිකත්වය හෝ ලිංගික නැමියාව නිසා හෙලා දකින්න පෙළබෙන්නේ කියන එක ගැන.. මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව තමා "නොදැනුවත්කම"... තමන් නොදන්න දෙයක් දැන ගන්න තියෙන කුතුහලය,  අපි  වයසින් වැඩිවෙනකොට මැරිලා ගිහින් බය එතන හිදැස පුරවනවා.. ඇත්තටම  homophobic  කෙනෙක් එක්ක කතා කරනකොට තේරෙන දෙයක් තමා එයාල ඇත්තටම බය එයාලටම නේද කියන එක..ඒ බය නැතිවෙන්න කරන්න පුළුවන් හොදම බෙහෙත තමා නොදන්නා දේ ගැන ඉගෙනගෙන බය අහකට වීසි කරලා දාන එක.. 


මේ ලඟදි  දවසක අහන්න ලැබිච්චි අලුත් වචනයක් තමා non-binary කියන එක.. අහපු ගමන් "මේ මොකක්ද යකෝ" කියලා හිතෙන ජාතියේ වචනයක් නිසාත්, ලංකාවට මේ වචනය අලුත් නිසාත් (මම හිතන විදිහට) යමක් ලියන්න ඔනි කියලා හිතුනා...


 ගොඩක් මිනිස්සු විස්වාස කරන්නේ  gender සහ sex  කියන්නෙ එක සමාන දෙවල් ය, තෝරාගැනීම් විදිහට තියෙන්නේ  ගැහැනු සහ පිරිමි (female & male)  විතර ය, කියන එක..


බාග වෙලාවට ගැහැනු සහ පිරිමි කියන කුලක දෙකටම තමන්ව අයිති නැහැ නේද කියලා හිතෙන පිරිසක් ඉන්නවා.. ඔහුන් "යුග්මයෙන් පිටත" තැනක  නවතිනවා.. ඔවුන්ට තමා මම දන්න තරමින් කියන්නේ non-binary කියලා.. මේ වචනය ලිංගිකත්වය එක්ක එකතුවෙලා, gender identities විසාල ප්‍රමාණයකට ලෝකය ඉදිරියට එන්න, තමන් වෙනුවෙන් හඬක් නගන්න ශක්තියක් වෙලා තියෙනවා.. 


non-binary  අයගේ ලිංගිකත්වය  දියරයක් වගේ කිව්වොත් මම හිතන්නේ ඒ උදාහරණය හොදටම ගැලපෙනවා..ඔවුන්ව    "ඔයා ගෑනු කෙනෙක්" , "ඔයා පිරිමි කෙනෙක්" කියලා වෙන් කරලා කියන්න අමාරුයි.. සමහරු මේ ගැහැණු සහ පිරිමි කුලක දෙක තුළම මාරුවෙන් මාරුවට ඉන්න පුළුවන්.. සමහර අය ඒ කුලක දෙකෙන්ම වෙන් වෙලා ඉන්නත් පුළුවන්..


මේ non-binary  කියන වචනය තමන්ට උපතින් ලැබුණ ස්ත්‍රී පුරුෂ භාවය එක්ක gender identity  එක නොගැලපෙන ඔනිම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්  umbrella term  එකක්... මේ විසාල කුඩය  යට ඔනිම කෙනෙක්ට ඇවිත් නවතින්න පුළුවන්..තව දෙයක් තමා transgender  කියන එකයි non binary  කියන එකයි එකිනෙකට වෙනස් කියන එක.. transgender  කෙනෙක් non-binary  වෙන්න පුළුවන්...ඒත් non-binary හැමෝම transgender  අය නම් නෙමෙයි... 


අනිත් මම දැකපු තවත් දෙයක් තමා non-binary community  එක ඇතුලේ තියෙන pronouns පාවිච්චියේ දි ඇති වෙන ප්‍රශ්න.. අපි මෙහෙම හිතමු.. සාමාන්‍ය පිරිමි කෙනෙක්ට කවුරු හරි ගිහින් ගෑනු කෙනෙක්ට අපි පාවිච්චි කරන pronouns වලින් කතා කලා කියලා.. එතකොට ඒ පිරිමි ළමයාට කොයිතරම් අපහසුතාවක් ඇති වෙයිද.. සමහරවිට තරහා යන්නත් පුළුවන්.. ඒ වගේම තමා non-binary  සමහර අය ඉන්නවා she/her/hers, herself හෝ,he/ his/him/himself කියන pronouns පාවිච්චි නොකර ( මොකද ඔවුන් ඒ කුලක දෙකටම අයිති නැති නිසා) they/ them/their/theirs, themself කියන pronouns  එයාලව හඳුන්වන්න පාවිච්චි කරන.. සමහර non-binary  අය ඉන්නවා she/her/hers, herself හෝ he/ his/him/himself දිගටම පාවිච්චි කරන.. සමහර අය මේ දෙකම පාවිච්චි කරනවා.. මේ පහළ මම දාලා තියෙන්නේ තව එහෙම ලෝකයේ non-binary  අය පාවිච්චි කරන pronouns කිහිපයක්..


ze( or zie), hir/hirs, hir, hirself


ze (or zie), zir/zirs, zir, zirself


xe, xyr/xyrs, xem, and xemself


ve, vis, ver, and verself


(තව මෙහෙම එව්වා ලිස්ට් එකක් තියෙනව.. තේරුම් නම් අහන්න එපා.. මම දන්නෙත් නෑ හරියට)


කවමදා හරි ඔයාලට non-binary  කෙනෙක්ව හම්බුනොත් ඔයාලා කරන්න ඔනි මුල්ම දේ තමා ආචාරශීලී විදිහට එයාලා පාවිච්චි කරන pronoun එක අහන එක..ගොඩක් වෙලාවට ඔවුන්  ගොඩක්ම comfortable  pronoun එක මොකක්ද කියනවා....සමහරු තමන්ගේ හරිම අනන්‍යතාවය හොයාගන්න කාලයක් අරගන්නවා.. තවත් සමහරු බයෙන් චකිතයෙන් තමන්ගේ මුලු ජීවිත කාලෙම ගෙවලා දානවා.. ඒකට නම් හේතු ගොඩක් තියෙනවා...


අන්තිමට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ ඒ මිනිහා ගෑනු ද පිරිමිද එහෙම නැත්නම් ඒ මනුස්සයාගේ කකුල් දෙක මැද්දේ තියෙන්නේ මොකක්ද කියන එක මත නෙමෙයි කියන එක.. කළු, සුදු, තළෙලු , උස , මිටි, වගේ ලේබල් වලින් ඈත් වෙලා මිනිස්සු හැමෝමටම එක වගේ සළකන්න පුළුවන් තැනට ලෝකය අරන් එමු...ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි..


P.S- මේ ලඟදි තමා දැන ගත්තේ මගේ ආසම ගායකයා Sam Smith , non-binary artist  කෙනෙක් විදිහට come out  වෙලා කියලා❤


Some people are born in the mountains, while others are born by the sea. Some people are happy to live in the place they were born, while others must make a journey to reach the climate in which they can flourish and grow. Between the ocean and the mountains is a wild forest. That is where I want to make my home.


-Maia Kobabe-

Comments

  1. සබන් බෝලයක් වගේ කතාවක්. එළියෙන් ලස්සනට පෙනුනට ඇතුල හිස්.

    ReplyDelete

Post a Comment

Popular Posts