"කෝචිචි අපිට එපා" ළමයින්ගේ කතාව




ප්‍රිය විප්පයෝගය කියන එක කොයිතරම් අමාරු දෙයක් ද කියන එක අපි හැමෝම දන්න දෙයක්.. ඒම දුක හිතෙන, තනි හිතෙන වෙලාවක යාලුවොන්ට  ලඟින් ඉන්න පුළුවන් නම් කොයිතරම් දෙයක් ද.. අපේ හොදම යාලුවෙක්ගේ ආච්චි අම්මා වලාකුළු අතරට ගියා කිව්වාම අපිට දැනුනෙත් එහෙම..


අපි කලින් දා ඉදන් ලෑස්ති වුනා මළගෙදර යන්න.. අපේ දුකේදි වගේම සැපේදිත් අපිත් එක්කම ඉන්න, එක බත් එක බෙදාගෙන කන හොදම යාලුවාගේ ආච්චි අම්මා නැති වුනා කිව්වාම, ඒ යාලුවත් එක්ක ඒ දුක හැකි විදිහට බෙදාගන්න යන එක අපේ යුතුකම කියලා අපි දැනගෙන හිටියා.. දුර ගමන් යනවා කියන එක කොච්චර මට කොච්චර අමාරුයි ද කියන එක, මාත් එක්ක field trip සහ trip එහෙම ගියපු ජනතාව දන්නවා... ඒත් අපේ යාලුවාගේ ආච්චි අම්මා ගැන අපේ යාලුවා කියලා තියෙන කතා වගේම යාලුවා ආච්චි අම්මාට කොච්චර ආදරේද කියලා අපි දන්න නිසා ඒ ආච්චි අම්මා අපිටත් හරිම ලඟයි.. ඉතින් මළගෙදර ගැන දැනගත්ත ගමන් හතර වටේට කෝල් කරලා මළගෙදර යන්න ලෑස්ති වුනා..


මළගෙදර යන දවසේ උදේ අටේ ඉදන් දොළහා වෙනකන් එක දිගට ලෙක්චර්ස්.. මළගෙදර තියෙන්නේ සාමාන්‍යයෙන් ටිකක් දුර විත්තිය මගේ යාලුවා තද බෝල අකුරෙන්ම ටයිප් කරලා එව්වේ මගේ දුර ගමන් භීතිකාව ගැන දන්න නිසාමයි...මම ඉතින් හිටපන්කෝ මම කොහොම හරි එන්නම් කියලා කිව්වේ දැඩි අධිෂ්ඨානයෙන් ..ඉතින් මම හතර වටේම ක "එහෙනම් හලෝ අපි දොළහට යන්න පිටත් වෙමු"කියලා කට්ටියට කෝල් කරාම හැමෝම කැමති වුනත්, අපේ යාලුවන්ගෙන් කට්ටියකට ලෙක්චර්ස් ඉවර වෙන්නේ දෙකට කියපු නිසා අපි ඉතින් ආයිත් හතර අතේ කල්පනා කලා මොකෝ කරන්නේ කියලා.. අපි දෙකට ලෙක්චර්ස් ඉවර වෙන  යාලුවාට සුපුන් කියලා නම දෙමුකෝ😌.. සුපුන් කිව්වා "එහෙනම් උඹලා දොළහට පලයල්ලා.. අපි තව කට්ටියක් එක්ක දෙකට එන්නම්" කියලා.. ඉතින් ඒ ප්‍රශ්නෙත් ඉවරවුන නිසා දොළහට ලෙක්චර්ස් ඉවර වෙච්ච ගමන් මම මගේ අනිත් යාලුවෝ ටික හොයාගෙන කැම්පස් එකෙන් එළියට ආවා..කැම්පස් එකෙන් එළියට ආවාට පස්සේ අපි කලින් කතා කරගෙන හිටිය විදිහට හයිවේ බස් එකෙන් ගම්පහට ගිහින් එතන ඉදන් තව බස් එහෙක යන්න තමා ලෑස්ති වුනේ.. අපි ඉතින් විජේරාමේට ගිහින් ඉන්නකොට මගේ යාලුවා කෝල් කරලා කිව්වා "මේ ඔයි ට්‍රේන් එකේ එන එක ලේසියි ලු..මේ දැන් ටිකකට කලින් තව කට්ටියක් ආවා" කියලා..අපි ඉතින් හැරෙන තැපෑලෙන් කොටුවට යන්න බස් එහෙක නැග්ගා කොටුව ස්ටේශමට එන්න.. බස් එකේ ඉන්නකොට හෙනටම වැස්ස.. මිනිස්සු දියාරු වෙලා තමා බස් එකට නැගින්නේ.. මමයි මගේ තව යාලුවෙකුයි (අපි එයාට රෝජි කියමු😌) එක සීට් එහෙක (අපි හය දෙනෙක් හිටියා..හය දෙනා තැන් තුනක ඉදගෙන හිටියේ) ඉදගෙන හිටියේ. ටික දුරක් ඔහොම සාමකාමීව ගියපු බස් එකේ ඉස්සරහා දොර පැත්තෙන් ඔන්න එක පාරට වලියක හඬක් ඇහෙන්න ගත්තා.. බෙල්ල ජිරාෆ් වගේ දිග් කරලා බලන්න හදනකොටම තමා දැක්කේ වලියට කකුළ් දෙකක් තියෙන විත්තිය.. ඒ ඇන්ටි, අවුරුදු පනස් පහක විතර, තෙත කුඩේ අතේ තියාගෙන යටි ගිරියෙන් කොන්දොස්තර මහත්තයාට බනිනවා.. "උඹලා නම් මහ යක්කු.. මේ වයසක අපිට නගින්න පුළුවන් ද එහෙම සුටුස් ගාල බස් එකට..කිසිම අනග්ගුණක් නැති යක්කු," කියකියා එක දිගට බනිනවා.. කරුමයක මහත කියන්නේ, ඒ මනුස්සය ඇවිත් හිටගත්තේ හරියටම අපි දෙන්නා ලඟින්.. තෙත කුඩේ හරියටම බෑග් එක උඩින් අල්ලන් හිටිය නිසා දැන් මම බාගෙට තෙත් වෙලා හිටියේ.. ඇන්ටිගෙන් ගේම ඉල්ලන්න කියලෑ ඉතින්.. කමක් නෑ ඇන්ටි වතුර නෙහ් කියලා හිත හදන් අහක බලන් හිටියා.. මෙ මනුස්සයා අපි දෙන්නාට හින්ට් ගහගහා අපෙන් සීට් එක ඉල්ලනවා කියලා තේරෙන්න ටියුබ් ලයිට් වෙච්ච අපිට ටික වෙලාව ගියා ඉතින්... බඩ දරු අම්මා කෙනෙක්ට, ආච්චි කෙනෙක්ට, එහෙම නැත්නම් අබාධිත කෙනෙක්ට සීට් එක දෙන එක වෙනම කතාවක්.. ඒත් මේ ගේම ඉල්ලන ඇන්ටිට සීට් එක දෙන්නේ නම් නෑ කියලා මම පුංචි හිත තදකරගෙන හිටියා.. හින්ට් වලින් පලක් නෑ කියලා දැන ගත්ත ඇන්ටි අපේ සීට් එකට හරියටම සමාන්තරව ඉදගෙන හිටිය ඉස්කෝලේ යන හත වසර වගේ ගෑනු ළමයෙක් ගාවට ගිහින්, "ඔය ළමයින්ට හිටගෙන යන්න බැරි මොකෝ. නැගිටලා මට සීට් එක දෙන්න" කියලා බස් එකටම ඇහෙන්න කෑ ගහලා සීට් එක ඉල්ලුවා... අනේ ඒ ළමයා මේ මොන හෙනයක් ද ඇන්ටි වගේ මූණ හදාගෙන අමාරුවෙන් සීට් එකෙන් නැගිටලා සීට් එක දුන්නා.. වලි බර ඇන්ටි ඉදගත්තාට පස්සේ මොළේ නිවරැදි තැන ස්ථානගත වුන නිසා ද මන්දා කටවහගත්තා..ඔන්න අපි කොටුවට ලඟා වුනා කොහොම හරි..


අපේ හය දෙනගේ නම් මෙමයි කියමුකෝ: දිල්,ඉශු,පමූ, රෝජි සහ නෙකා.. දිලුයි ඉශුයි බස් එකෙන් බැහැපු ගමන් අත් අල්ලන් "ට්‍රේන් එක ට්‍රේන් එක" කියල දුවන්න පටන් ගත්තා.. මමයි රෝජිත් උන් දෙන්නා පස්සේන් දුවගෙන ගියා.. බාගයක් දුර ගියාට පස්සෙ තමා මතක් වුනේ "අෆ්ෆටසිරි කෝ අනිත් ඩබල" කියලා.. මමයි රෝජි හැරිලා බලනකොට උන් දෙන්නා විසාකා තොමෝ වැස්සේ ඇවිදන් ගිය තාලෙට ඇවිදගෙන එනවා ට්‍රේන් එකට.. මම ඈත ඉදන් අත වනලා ඉක්මනට වරෙන් කිව්වාම ඔන්න අඩිය ඉක්මන් කරලා එන්න පටන් ගත්තා..  ඉතින් උන් දෙන්නා එන නිසා මමයි රෝජි ගියා දිල්ගෙයි ඉශූගෙයි පස්සෙන්.. අපි ආයිත් හැරිලා බලනකොට පමූ වෙන ටිකට් කවුන්ටරයක් ගාව හිටගෙන ඉන්නවා.. අපි ගිහින් "මේ මොකෝ මෙතන.. ඔතන නෙමෙයි ඔයි ටිකට් දෙන්නේ අතන" කියලා මුන් දෙන්නා කියාපි, "අනේ අපි දෙන්නාට ඇස් පේන්නේ නැ ඔයි කණ්නාඩිය නැතිව.. මම හිතුවේ උඹයි අර  හිටගෙන ඉන්නේ" කියලා.. 


අපි ඉතින් සයන්ස් ළමයි නෙහ්😌😌 ඒ නිසා වැඩි replicate  ගාණක් එකම නියැදියෙන් එන විදිහට ටිකට් ගන්න තමා කතා වුනේ..මුලින්ම ටිකට් ගත්තේ ඉශූයි දිලුයි.."මීරිගමට ටිකට් දෙකක්" කියල කිව්ව ගමන් උන් දෙන්නාට බෝලවත්ත ටිකට් දෙකක් දුන්නා.. ඇයි කියලා බැලුවාම තමා දැක්කේ බෝල වත්ත ටිකට් එකම තමා මීරිගමට දෙන්නේ කියලත්..ඉශූ ඇහුවා ටිකට් දෙන්න හිටිය අයියාගෙන්"ප්ලැට්ෆෝම් එක කීයද අයියේ"  කියලා.. යාන්තම් දැලි රැවුල වැවීගෙන අයියා කෙනෙක් තමා ටිකට් දෙන්න හිටියේ ඉතින්😐 ඒ අයියා ඇඟිලි වලින් එක පෙන්නලා කටින් "ප්ලැට්ෆෝම් නම්බර් ටූ" කිව්වා..  අන්දමන්ද වෙලා ගියපු ඉශූ මගේ උරහිස කොනිත්තලා "ඒ මොකක්ද ඔයි කිව්වේ, උඹත් අහපන්" කියලා කිව්වා.. මම ටිකට් අරන් "ප්ලැට්ෆොම් එක මොකක්ද " කියලා ඇහුවාම ඇඟිලි දෙකක් උස්සලා "ප්ලැට්ෆෝම් නම්බර් වන්" කිව්වා 🤣🤣.. අපි  ඉතින් අසරණ හිතෙන් ප්ලැට්ෆෝම් එක හොයා ගන්න බැරිව උන්නේ.. එතන ලඟ ස්ටේශමේ වැඩ කරන අන්කල් කෙනෙක්ගෙන් අපි ඇහුවා ඉතින් කොහෙද ප්ලැට්ෆෝම් එක කියලා.. ඒ මනුස්සයා එක පාරට මගේ අතේ තිබ්බ ටිකට් දැකලා "එක එක" කියලා කිව්ව නිසා අපි ඉතින් පළවෙනි වේදිකාවට ආපු දුම්රියට ගොඩ වෙලා ඔන්න ඉදගෙන ඉන්නවා.. එක පාරටම රොජිටයි මටයි අපේ මුතුන් මිත්තෝද මන්දා ටෙලිපති ටොක්ක ඇන්නා වගේ වෙලා අනිත් උන්ගෙන් ඇහුවා "මේ බන් මේක හරි කෝච්චිය ද දන්නේ නෑ නේද" කියලා.. දැන් හය දෙනාටම සුවර් නෑ ඉතින්.. අපි ඔන්න අපිත් එක්ක ඉදගෙන හිටිය අනිත් මනුස්සයෙක්ගෙන් අහන්න යනකොටම අනවුස්මන්ට් එකක් දුන්නා අපි ඉදගෙන යන කෝච්චිය හලාවතට යනවා කියලා...


(දැන් ඔයාලට තේරෙනවා ඇති ලංකාවේ ගම් දනව් ගැන අපිට තියෙන හසල දැනුම ගැන..අපි මීරිගමට යන්න හලාවත ට්‍රේන් එකේ පුළුවන් කියලා ජොලියේ ඉදන් හිටියා..😌)


ඔන්න ට්‍රේන්  එක යන්න පටන් ගත්තා..මුලින් හම්බුන ස්ටේශම් වල නම්  ටිකක් තේරෙනවා ඉතින් .. අපි කෝකටත් ගූගල් මැප් දාගත්තා.. ඉශූ"තව පැය දෙකක් යනවා.. ආයිත් මේ මගුල පැයකින් බලමු" කියලා ෆෝන් එක දාගත්තා බෑග් එකට.. රෝජි ෆෝන් එකෙන් මල් කඩන ගමන් මැප් එක බලනවා.. මම ඉස්සරහා ශීට් එකේ මං දිහා කන්න වගේ බලන් ඉන්න මිනිහා දිහා බලන් ඉන්නවා..  ඔක්කොමත් හරි පමුදියි නෙකායි නොන්ස්ටොප් කියනවා.. ඔන්න ඉතින් මීගමුවත් පහු වුනා.. මෙන්න යකෝ ගූගල් මැප් එකේ එන්න එන්න වෙලාව වැඩියෙන් පෙන්නන ගත්තා.. පැයයි විනාඩි හතලිහ ටිකකින් බලනකොට පැයයි විනාඩි පනස් පහ වෙලා.. අපි ඉතින් ෆුල් කොන්ෆියුස්.. පාරවල් ගැන පාරවල් වල නම් ගැන මෙලෝ ලෝකයක් දන්නේ නැති වුනත් එන්න එන්නම පහුවෙන ස්ටේශන් වල නම් ගම් නිකන් යාපනේ පැත්තෙ නම් වගේ නේද කියලත් නිකන් හිතෙන්න ගත්තා.. ඔන්න එතකොට තමා රෝජිට කෝල් එකක් ආවේ.. "අනේ හලෝ අපි වැරදි කෝච්චියක නැගලා තියෙන්නේ"  කියලා කියාගෙන ෆෝන් එක මට දුන්නා😌.. මේ මටයි ෆෝන් එක දුන්නේ 😌.. මම සුටුස් ගාලා ෆෝන් එක දිල්ට දුන්නා.. අපිට එතකොට තමා හීන් දාඩිය දාගෙන ආවේ.. වටපිටාවේ කැලෑව.. වගුරු බිම් වගේ එව්වත් පේනවා.. බැහැලා වගුරක් දිගේ බඩ ගාන්න කියලද ඉතින් 😌.. අපේ සෝකිය තත්ත්වේ දැකපු ඇන්ටි  කෙනෙක්  අපිට "වයිකාලෙන් බැහැලා ඔයාලා ආයිත් මීගමුවට යන්න..

 එතනින් බස් අරන් යන්න" කියලා කිව්වා.. නෙකාට හාර්ට් ඇටෑක් වගේ ඇවිත් පපුවත් අල්ලගෙන ඒ අස්සේ.. අපි වයික්කාලේ ස්ටේශමට ගිය ගමන් ස්ටේශන් මාස්ටර් ව හම්බෙන්න ගියේ... ඒ මනුස්සයා අපේ දුක තේරුම් අරන් ද කොහෙද මූණු වලින් කතාව  බාගෙට කියනකොටම "අර අනිත් කොච්චිය යන්න හදන්නේ මීගමුවට.. දුවලා යන්න ටිකට් අරන් " කිව්වා.. අපි අස්ප ගමනින් ගිහින් ට්‍රේන් එකට නැග්ගා.. 


ආයිත් ඉතින් ජීවිත අවදානමේ දාගන්න පුළුවන් ද.. අපි ඉතින් ආයිත් විද්‍යාත්මය ක්‍රමේට කෝච්චි පෙට්ටියේ කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා මේක ශුවර් එකටම යන්නේ මීගමුවට නේද කියලා.. අපේ පරීක්ෂණය ඉතා සාර්ථක වෙච්ච නිසා ආයිත් ගූගල් මැප් දාගෙන ඔන්න බලන් හිටියා මීගමුවට එනකන්.. මීගමුවට ආවට පස්සේ නම් අපේ නැති වෙලා තිබුණ භූගෝල දැනුම පහළ වුනා.. අපි ඉතින් වේලහන යන්න කියලා ආවත් වට වන්දනාවේ ගිහින් මළගෙදර යනකොට හයාමාර වෙලා.. අපිට පස්සේ ආපු හැමෝඅ ඒ වෙනකොටත් මළගෙදර ඇවිත් හිටියා..


මළගෙදර පේන මානේ දි අපි දැක්කා ලයිට් එහෙම තියන් මිනිස්සු එහෙම හෙනම කුකුසෙන් අපි දිහා බලන් ඉන්නවා.. ගියාම තමා වැඩේ තේරුනේ.. මළගෙදර හැමෝටම අපේ මේ "චූටි වැරැද්ද" ගැන අපේ නරුම මිතුරෝ කියලා නෙහ්.. මිනිස්සු අපේ ලඟට ඇවිත් "අර මීරිගම කියලා හලාවත ගියපු කැම්පස් ළමයි නේද මේ" කියලා.. ඔව් අපි මාස්ක් දාගෙන හිටියේ කොරෝනා වලින් බේරෙන්න මිසක් විලිලැජ්ජාවට එහෙම නෙමෙයි..


*මේකේ නම් ගම් එහෙම මනකඃල්පිතයි ඉතින්.. මම මම කියලා කතාවේ තිබ්බාට මමත්  නෑ 😌😌

Comments

Popular Posts