මගේ වරද!
හැන්දෑ වලාකුළු මෙන්
රෝස පැහැ කම්මුළ් ගැන ය,
සමන් මල් සුවඳ ඉහිරුණ
දිගු කැරළි කෙස් වැටිය ගැන ය,
නිවිනිවී දැල්වෙනා තරු
නොවෙයි ඒ කුඩා ඇස් ගැන ය,
ඔබ ලියන කුඩා කවි
ඇය ගැන ය..
සිතින් සිඹිනෙම්
අක්බඹරු කෙහෙරැළි,
හදින් තදකර
බදාගන්නෙම් හසරැළි,
අතින් අල්ලා බලනු තහනම්
කෞතුකාගාරයක
සිතුවමක්
පෙම්වත ඔබ,
මට..
කෘෂව , කුඩාව
නොසැලකිය හැකි ප්‍රභාව,
ආදරේ දිය නොහැකි
ආදරෙ ලබනු නොහැකි,
අන්තර් භවයක
පහළ වීම,
මගේ වරද!
මා කවි ලියන්නේ ඔබට,
ඔබ කියවා ඉවතලන,
ඉහිරුණ වර්ණවත්
රසානය පිසදමන,
ඒ සුදු කඩදාසි කොළ වල
නොසෑහෙන්න ආදරේ
තවරා ඇත්තෙමි.
කියවමි ඔබේ කවි,
පිහිතල මෙන් වචන
හද මස කීතු කළ ද,
පෙම්වත,
නොකියවා සිටිය හැකිද
ඔබව මට!
පෙම්වත,
ReplyDeleteනොකියවා සිටිය හැකිද
ඔබව මට!