ආච්චා
අව්ව රස්නෙට කරකුට්ටන් වෙච්ච පොල් අතු හෙවිල්ල, බක් මහ වැස්ස උහුළගෙන ඉන්න දත කෑවත්, සමහර විසේ තියෙන වැහි බිංදු නවත්තන්න තරම් හයිහත්තියක් නැතිය.. වතුර වැටෙන තැන් ඇස් පුංචි කරමින් හොයන ආච්චා, ඒ තැන් වලින් බෙලෙක් කෝප්ප, කට කැඩිච්ච හට්ටි තියන්නී ය.. ඒ බෙලෙක් කෝප්ප වලට "ටොක් ටොක් " හඬින් වැටෙන වැහි බිංදු, බෙලෙක් කෝප්පයේ ගැටී පුංචි කඳුළු කැට තරම් බිඳිති වී ගොම මැටි පොළව තෙමයි..ආච්චා තියෙන හැම හට්ටියම ගේ පුරා තිබ්බත් මේ වැහි වතුර කාන්දුව නවත්තනවා නම් බොරු ය.. එහෙමැයි කියා ආච්චාගේ 'වැහි පොද ඇල්ලිල්ල' නම් නවතින පාටක් නැතිය..
මම දණිස් පොල්කටු දෙක වකුටු කරගෙන පිළිකන්නට වී සිටිමි.. ඇස් කණ කරන රිදී පැහැ අකුණුකට පසුව එන, අහසේ 'බඩ ගුරුගුරු' සද්දයට මම ආසා කලෙමි..ආච්චා කහිමින් තවමත් වතුරෙන් නොතෙමෙන්න සංග්‍රාමයක ය.. තව ටිකකින් ආච්චා හති වැටෙන විත්තිය දනිමි..පසුව මා අසලට විත් "හුච්චෝ, සරදියැල් කාරයාට කියලා මේ සිංහල අවුරුද්දටවත් වහළ හෙවිල්ල ගන්න ඔනි." යැයි පවසා මා අසලින් විත් ඉඳගනියි... උපතින්ම ගොත මට ආච්චී යැයි කියන්නට දිව නමාගන්නට කරදරය..දන්නා කාලේ සිට ආච්චී මට අච්චා ය.. අච්චා මහපු දම්පාට මල් වැටුණ සුදු ගවුම ඇඳ, කොණ්ඩය තනි කරලට බැඳගෙන,රස්සාවක් සොයා කොළඹ ගිය අම්මා කෙනෙක් ගැන මතකයක් මා ඇත..නැවත ආපසු එනවිට රැගෙන එනවා යැයි කියූ සීනි මුරුක්කු මල්ල ද අම්මා ද අද වනතුරුත් නාවේ ඇයි දැයි මයේ කුඩා මොළගෙඩියට නොතේරෙයි.. අච්චාගෙන් ඇසූ විට අච්චා නවත්තනේ නැතිව පටන් ගන්නා කැස්ස නිසා ආයිමත් ආයිමත් ඒ ගැන හාරහාරා සොයා පළක් නැතැයි සිතමි..තාත්තා කෙනෙක් ගැන නම් මතකයක් වත් නැත්තේ ය.. මතකයක් වත් නැති කෙනෙක් ගැන වද වෙන්නේ මක්කට ද..
වැහි වලාකුළු අහස මුදුනට එක්කහු වී නොන්වත්වාම දියව යමිනි.. බෙලෙක් කොප්ප,කබල් හට්ටි වලට වැටෙන වැහි බිංදු හඬ ද, ඇදුම නිසා අමාරුවෙන් හුස්ම ගන්නා අච්චාගේ පපුවේ ගොරගොරය ද හැර ඉඳහිට ඇහෙන අකුණක හඬ පමණක් අප අවටය..
"අච්චා මට ඉස්කෝලේ යන්න බෑ.. මම පොල් ලෙලි තලන්න එන්න ද හෙට ඉදන්"
ඉස්කෝලේ යන්නට මා කැමැත්තක් නැතිය.. යාන්තම් අකුරු දෙකක් ගලපා ලිව්ව ද, ගණන් සෑදීම නම් වහ කනවාට වඩා අපහසුය..වහ කෑවාම නම් එක සැරේ මැරෙන එකය.. ගණන් සෑදීම සැරෙන් සැරේ මැරෙනවා වැන්න.. ඉස්කෝලේ ඇඳුම් කොයිතරම් අපුල්ලා සේදුවත් අච්චාගේ පීනස් තෙල් ගඳ අහක් වෙන්නේ නැති නිසා කොල්ලෝ පංතියේ මුල්ලක පුටුවකට මා තල්ලු කර තනි කර ඇත.. ඉස්කෝලේ දි දුක හිතෙන දේවල් කොයිතරම් වුනත්, දුකට වඩා බඩගින්න වැඩි ය.. විවේක කාලයේදි ළමයි ගෙදරින් ඔතාගෙන එන බනිස් ගෙඩි, බත් මුල් බෙදා හදාගෙන කෑවත්, ඒ අසලට යන්නට මා බියවීමි.. ගොත ගඳ කොල්ලෙක් වෙනුවෙන් ඔහුන්ගේ හිත් උණු වේ දැයි දන්නේ කවුද.. ඉස්කෝළ වත්ත පහළ කරාමයෙන් එන සීතල වතුර දෝත් දෙකක් බිව්වාම හවස් වෙනකන් හොඳටම ඇතිය..හවසට අච්චා බතක් මාළුවක් නැත්නම් අලයක් තම්බා තියේ..
"මගෙන් කුණු හබ්බ අහගන්නෙ නැතිව ඉස්කෝලේ පල.. අකුරක් දෙකක් ඉගෙන ගෙන විභාග පාස් කරලා ඔපීසියක රස්සාවකට යන්න ඔනි උඹ.. උඹ උඹේ හිතුමනාපෙට වැඩ කරලා මාව මරා ගනින් පුළුවන් නම්"
අච්චාගේ කටහඬ වෙව්ලයි.. මම අච්චා දෙස බලා සිටිමි.. අච්චාගේ හිසේ පැහුණු කෙස් ගස් මට දුර සිට ද ගණන් කළ හැකිය.. දෑස් මඬ පැහැයට හැරී නිතර කඳුළෙන් තෙතය.. මුහුණ අතපය බක් මහට අස්වද්දන කුඹුරු කොටහක් මෙන් කැඹලි වලට බෙදී ඇත..
වැස්ස තුරල් වෙන්නට යයි.. වලාකුළු එහාට මෙහාට වී පෑදෙන නිල් අහසේ, හිරු තම රැස් කෙදිති දිගාරිමිනි.. ඈතින් එනු පෙනෙන්නේ සරදියැල් මාමාය.. සරදියැල් මාමා දකින මට දැනෙන්නේ පොළව පළාගෙන යන තරම් බියක් මුසු ලැජ්ජාවකි..
අච්චා දවල් පොල් ලෙලි තන්නට ගිය පසු බොහෝවිට මා තනිව ගෙට වී සිටියි.. යහළුවන් හා සෙල්ලමකට යෑමට මට යහළුවන් නැතිය.. ගොතය නිසා උන්ගේ උසුළු හැර වෙන ඇයි හොදැයියක් උන් මට නොපෙන්වයි..මම ගෙට වැදී අඟුරු කෑල්ලකින් පත්තර පිටු වල චිත්‍ර අදිමින් ද, කෝටු කෑල්ලක් ගෙන මිදුලේ කුරුටු ගාමින් ද හැන්දෑ වෙන තුරු සිටින්නට කැමැත්තෙමි.. දිනක් දහවලක, සරදියැල් මාමා පැමිණෙන විට මම අඟුරු කෑල්ලකින්පත්තර පිටුවක මල් වත්තක් අදිමින් සිටියෙමි.. කිසිම කතාවක් නැතිව පැමිණි මාමා, අඟුරු කැබැලි පොඩි කර දමා මගේ අතින් ඇඳගෙන දිරච්ච අච්චාගේ ඇඳ මතට දමාගත්තා මතකය.. මට මතක එච්චරය.. මල් වත්ත අදින්නට එදා මට බැරි වුණි.. මම දැන් මල් වත්තක් සිහිනෙන් දකින්නට ද බිය වෙමි..
සරදියැල් මාමා පැමිණ අච්චා ලඟින් ඉඳගෙන , මා දෙස බලා කටේ හපමින් තිබූ හපය ගෙයි දොරකඩට වීසි කර කෙළ ගැසීය..
"සරදියැලෝ, මෙන්න මූට ඉස්කෝලේ යන්න බැහැය කියනවා..මූට දෙකක් ඇනපන් මොලේ පෑදෙන්න"
මම බිම බලාගෙන සිටියෙමි..
"අම්මේ මූට දෑතේ වැඩක් ඉගැන්නුවොත් නාකද.. මොකෝ මූගේ මහ එව්වෝ ඉංග්‍රීසි විභාග පාස් වෙච්ච එවුන් යෑ.."
අච්චා මා අතින් ඇද ඇඟේ වැරහුණ පපුව මතට තුරුල් කරගන්නීය..ඈ ලඟින් එන පීනස් තෙල් ගඳ, කුඩා කල සිට හුරු නිසා දෝ දැන් සුවඳක් ය.. මම ඇඟේ පපු මැද හිස සඟවා ගනිමි..
"දෑත වැඩ? මේ කිරි සප්පයට මොන දෑතේ වැඩ ද? මගේ දෑහ පියවෙනකන් මූ ඉස්කෝලේ යාවි.. මොකෝ මූ උඹලගෙන් කාලා ඉන්නවා කියලෑ"
ආච්චගේ පපුව ගොරගොර ගායි...මට ඇඬෙන්නට විය..
"මම කිව්වෙ මූගේ හොදට..ඔනි නම් මගේ කම්මල පැත්තේ එවහන් මූව අම්මේ.. වැඩක් පලක් කියලා දෙතෑකි ඔනි නම්"
අච්චා මගේ කඳුළු පිහියි.. සරදියැල් මාමාගේ සරම කැහැපට ගසා නැවත පිටව යන්නට යයි..
"උඹ කවදා හරි ලොකු මහත්තයෙක් වෙයන්.. ඔකුන්ගේ හිතේ උඹව අතවැසිකමට ගන්න.. උන් මගේ දරුවෝ තමා බන්..මම දන්නේ නැතෑ මුන්ගේ නූල් සූත්තර"
අච්චාගේ වචන වල බලාපොරොත්තුව ඇස් වල නැති වග මට පෙනෙයි..නැවත මා තුරුල් කරගත් අච්චා කිසිත් නොකියා ඇගේ පපුවෙන් ඇහෙන "ගොරගොර" හඬ අහන්නට ඉඩ දී නිහඬව සිටියි..
වැස්ස පායා තිබුන ද අපේ පොල් අතු පැළ තවමත් තෙමෙයි..

සංවේදී කතාවක්
ReplyDelete