(අ)හිමි
මා හදවත, කුරුම්බැට්ටි මැශිමක් මෙන් සිහින එකිනෙක අමුණමින් ය.. සැන්දෑ ආලෝකය වලාකුළු මත ඉසිමින් බැස යන රන්වන් හිරු එළිය, සඳළුතල ජනෙල් වීදුරු තුලින් කිමිද විත්, මන්ත්‍රන් ගේ හෙළුවැලි පිට මත ඉහිරෙයි.. මන්ත්‍රන්ගේ සුවපත් නිද්‍රාවේ සටහන් නිදා සිටින මුහුණ මත තැවරෙන යුරු දෙස බලා සිටින විට ඇතිවුණ තෘෂ්ණාව නිසා සෙමෙන් දෙතොල් මත හාදුවක් තැබුවෙමි.. ඔහු නිදිගැට කඩමින් දෑස් සෙමෙන් ඇහැරවමින් දෑත් මා දෙසට යොමු කර මා වැළදගන්නට තැත් කළද , මම සුලඟක් මෙන් ඇඳ'තිරි අතරින් ලුහුටා ගොස් කණ්ණාඩි මේසය අසල ඉඳගත්තෙමි..
"හැන්දෑ පහයි වෙලාව..දැන් එයා වැඩ ඇරිලා එනවා ඇති.. ඔයා ගෙදර නොහිටියොත් හරි නැහැ නෙහ්"
මන්ත්‍රන් ඇඳ මත ඉදගෙන මා ඉතිරි කළ "පෙම් සැපුමක්" මූණ ඇඹුල් කරගෙන පිරිමදිමින් ය.. මම පුයර අහුරක් මූණ මත තවරමින්, කැඩපත තුළින් ඔහු නරඹමි.. නින්ද ඔහු වෙත රැගෙන ආ සාමයේ සෙවනැලි, අවදිවීම පුළුස්සා දමන හැටි!! ඔහු වටපිට බලමින් කලිසම ද කමිසය ද අහුලා පසෙකින් තමා නානකාමරයට ගොස් මහ හඬින් දොර වසන හඬ ඇසෙයි... මම බිම වැටුණ යට ගවුම අහුලා ඒ තුළ සැඟවුනෙමි..
නානකාමරය තුළින් ඇහෙන වැසි හඬ, වැසි නොවැටෙන ග්‍රීස්මය මද්දේ වැහි වලාකුළු නැති සෝකය අවුළුවාලමින්ය.. ඇඳ රෙදි තවමත් ඉතා උණුහුම් ය.. මන්ත්‍රන් ගේ විලවුන් සුවඳ කොට්ටා උර මත ඉතිරි ය.. මම තවමත් වෙහෙසව, නොසන්සුන්ව ඇඳ මත වැතිරී නානකාමරයේ ටයිල් මත වැටී සුණු විසුණු වී යන කඳුළු හැඩයේ පොද හිතින් එකින් එක ගණිමි...
සිවිලිම මත්තේ නොනවත්වාම කැරකෙන පංකාව,මා අතින් අල්ලා මතක කඩතොළු'තර රැගෙන යයි..මලින් තුරු බරවන, අතු අගින් ගිලිහෙනා මල් වහින පෙබරවාරියේ සැන්දෑවක, මන්ත්‍රන්ගේ උරහිස මත මා හිස තබාගෙන සිටින විට "බීතෝවන්ගේ තනුවකට" නාද වුන දුරදොඩනයේ අනෙක් පස සිටින ඇය,ඔබට නිවසට රැගෙන පැමිණෙන ලෙස බඩුලයිස්තුවක් කියනු ඇසෙයි.. මල් එකින් එක අපි මතට වැටෙන විට, ඔබ මා හිතින් අතහැර ඇය හා සිනහසෙන යුරු දකිමි..හිත ගෝණි කට්ටකින් සූරනු තරම් ය.. ඔබ රිදවනු නොහී මා දෑස් තරවටු කර කඳුළු සඟවමි.. ඔබව හිමි ඇයට මිස මට නොවෙයි කියා මුල සිට මා දැන සිටි වග හිතට බලකර සිටිමි..
බණ පොත් පෙරලි පෙරලී බණ අසන්නැයි කියන විට, වයින් වීදුරුවක් ඉතිරෙන්නට විස්කි පුරවා ගනිමි.. මා මියගිය පසුව යන ආපය ගැන, දැන් ඉදන් අසා කැළබෙනු කිම..විස්කි වීදුරුවේ පතුළටම කිමිදී ආපසු පියවි ලෝකයට පැමිණෙන විට දැනෙන වේදනාබර විඩාව,ඔබ අහිමිබව දැනෙන විට හද මතින් ගලන ලෝදිය, අනේ අපාය මීට වඩා දරුණු විය හැකි ද.. ආගම දහම් අතහැර ඔබ දෑත මත වෙලෙමින්..
ඇය උදෑසන සිට හවස් වෙනතුරු වෙහෙසවී ඔබ සොයා පැමිණෙනු ඇත.. ඔබ ඇය වැළදගෙන අනාගතයේ සුභ සිහින කාලය මත සිතියම් කරනු ඇත.. ඔබේ සැලසුම් අතර කවුරුත් නොදන්නා ඒ නොවැදගත් සැලසුමව මා ඉතිරි වෙනු ඇත.. මට සැමවිටම වරදකාරි ලෙස හැඟෙයි... ඇයගෙන් මන්ත්‍රන්ව උදුරාගන්නට පැමිණි රාක්ෂසියක් ලෙස මා ඇයට දැනෙනු නියතය.. ලෝකයම මා දෙසට ගල් ගසන්නට ගල් එකතු කරනු ඇත.. මම හඬා වැලපී දියව යනු ඇත..
ඇයට පෙර ඔහුට මා මුණ ගැසුනා නම් කතාව කොයිතරම් වෙනස් වන්නට තිබුණි ද.. දෙගිඩියාව පසෙකලා මට ඔහුව මහ මඟ පවා සිප ගන්නට තිබුණි.. එසේ නම් ඔහුගේ සිහින සිතියම මා මතින් ලකුණු කරනු ඇත.. නමුත් දැන් කිසිවක් ආපසු හැරවිය නොහැක.. මට හදවත පැලී යන තරම් දැනෙන ප්‍රේමය ද නවතාලිය නොහැකිය.. ඔහුට එය හැකි දැයි නොදනිමි.. බාගදා පිරිමින්ට හදවතේ උවමනාවට වඩා ඉඩකඩ තියෙනවා විය හැකිය.. ඒත් මා සතු ගැහැණු හදවත ඉතා කුඩා එකකි.. ඔහු හැර තවකෙකු උසුල ගනු බැරි..
මන්ත්‍රන් තුවාය හිසේ දවටාගෙන නිරුවතින් පැමිණ මා අසලින් සැතපෙයි..මා අලුතින් රැගෙන ආ සබන් සුවඳ ඉවකරමින් ඔහු නළල සිප ගනිමි..
මා ඔහු මිටින් මුදාහල පසුව ඔහු ආයිමත් පැමිණිය හොත්, එතරම් දෙයක් උසුලා ගන්නට තරම් සවිමත් නැත්තෙමි... ඔහු පිටව යන්නට සැරසෙනු බලා සිටීමත් ශෝකයකි.. ඔහු යතුරු කරකවා දොරෙන් පිටව යනු දැකීමත් ශෝකයකි.. අන්සතු දෑට ප්‍රේම කිරීම කොයිතරම් ශෝකය ඉතිරි කරනවා ද..
ඔහුට ඇයට පෙර මා මුණ ගැසුණා නම්.. කාලය කපටි ලෙස අප අවුල් වියවුල් කරන හැටි.. අල්මාරියේ ඇති ඔහු දිනක් අමතකව ගිය ළා දම් පැහැ කමිසය මා ඇඳගනිමි.. රෑ කෑම උවමනා නැත.. බඩගින්න හුරුපුරුදුය.. මේ නිහඬබව තුළ මා මුහුවෙමින් දෑස් පියා ගනිමි.. ඔහු මගෙම මගෙම පමණක් වන සිහින සබන් බුබුළ තුළ ගුලිවෙමි..නිදමි..

😭❤
ReplyDelete