ඒ සාංසාරික කර්මය

"මම ඔයාට ආදරෙයි ඒත්...? "

.
විඩාබර දිනක අවසන
ඔබ මා සොයා පැමිණෙන,
"අත ගානවද ඔළුව"
තබා  උකුළ මත හිස
විමසන විට ඔබ,
ආදරේ හදවතේ දියකර
දෑඟිලි අගට පොම්පකර
ඔබේ හිසකේ මා පිරිමදින..


.
යහළුවන් සිනහ හඬ මැද
කවටකම් රස කතා ඉතිරෙන,
"තාම කවුරුත් නැද්ද උඹට"
කොනිත්තා ඔබේ අත
අයෙක් ඔබෙන් විමසන,
"කවුරුත් හිතට ඇල්ලුවේ නෑ තාම"
මා දෙස බලා ඔබ කියන විට,
ඔබෙ ඇස් කොනිත්තන්නේ
මගේ හදවත.


.
දුක රැගෙන
ඔබ මා සොයා පැමිණෙන,
දුක ලෙහා මා මත
ඔබ නිදහස්ව පාවෙන,
"ආදරේ නැති ද මට"
කඳුළු පුරවන් ඇස් වලට
පාව යන ඔබෙන් මා විමසන,
එවිට ඔබ,
වචන අමතකව මෙන් හැසිරෙන..

.
ආදරේ වේදනා
සාගරේ තරම් උසුලන,
අතහැර යන බවත් දැනදැන,
අතහරින වග දැක දැකත් ,
ඔබේ සුවඳම සොයන,
ඒ සාංසාරික කර්මය!!





Comments

  1. ela blog reader ekk https://sithuvili.info/

    ReplyDelete
  2. "සංසාරික කර්මය" නෙමෙයි මම හිතන්නෙ "සංසාරික බැදීම".

    ReplyDelete

Post a Comment

Popular Posts