ගෙවී ගිය අවුරුද්ද
කෙටිපණිවිඩය-
මේ මාසෙන් පස්සේ
ඇවිත් අවුරුද්දක් ඉවරයි,
තාමත් තනිකඩ ඇයි?
ජීවිතේ ඒ තරම් මහන්සිද?
****************************
ඉඳුල් කුණු ගොඩ ගැහෙන,
මලින් අරලිය සුවඳ මුසුවුන
ගසින් පත් වලින් හෙවනය
ගෙවී ගිය මාස අරලිය බැමි යට
ජීවිතේ ගෙවෙන ඉක්මන
දරන්නට බැරි තරම් ඒ වේගය..
'වලෙන්'* අපි බිව්ව පහේ කහට
ඕපන් එකේ තිහේ කෑම එක
ජිම් කැන්ටිමේ බිත්තර රොටිය
දිවෙන් රස බලන එක නතර කර
කොහෙන් හෝ කුස පුරවාගත්ත
බිඳෙන් බිඳ බොඳ වෙලා යන මතකය..
ඉතින් ඔබ උරහිසට බරව
ඔබෙන් ආදරේ ලබනු රිසිව
ගෙවෙන මේ දින ඉතින් කෝම
අතින් අල්ලා නවත්තන්නද,
ජීවිතේ ත්‍රිකෝණයේ මුල්ලක
වළදමමි ප්‍රේමය, වෙහෙසය,
ඔබෙන් ලද සිනහවක අගිස්සක
තබා යමි මගේ මතක ඔබ ගැන
*******************************
කෙටි පිළිතුර-
ගෙවුනේ එක අවුරුද්දයි
ජීවිතේ කියන්නේ
ගෙවුන ඒ අවුරුද්ද ද ඇත්තටම!
(* වල - වල කැන්ටිම )
මේ මාසෙන් පස්සේ
ඇවිත් අවුරුද්දක් ඉවරයි,
තාමත් තනිකඩ ඇයි?
ජීවිතේ ඒ තරම් මහන්සිද?
****************************
ඉඳුල් කුණු ගොඩ ගැහෙන,
මලින් අරලිය සුවඳ මුසුවුන
ගසින් පත් වලින් හෙවනය
ගෙවී ගිය මාස අරලිය බැමි යට
ජීවිතේ ගෙවෙන ඉක්මන
දරන්නට බැරි තරම් ඒ වේගය..
'වලෙන්'* අපි බිව්ව පහේ කහට
ඕපන් එකේ තිහේ කෑම එක
ජිම් කැන්ටිමේ බිත්තර රොටිය
දිවෙන් රස බලන එක නතර කර
කොහෙන් හෝ කුස පුරවාගත්ත
බිඳෙන් බිඳ බොඳ වෙලා යන මතකය..
ඉතින් ඔබ උරහිසට බරව
ඔබෙන් ආදරේ ලබනු රිසිව
ගෙවෙන මේ දින ඉතින් කෝම
අතින් අල්ලා නවත්තන්නද,
ජීවිතේ ත්‍රිකෝණයේ මුල්ලක
වළදමමි ප්‍රේමය, වෙහෙසය,
ඔබෙන් ලද සිනහවක අගිස්සක
තබා යමි මගේ මතක ඔබ ගැන
*******************************
කෙටි පිළිතුර-
ගෙවුනේ එක අවුරුද්දයි
ජීවිතේ කියන්නේ
ගෙවුන ඒ අවුරුද්ද ද ඇත්තටම!
(* වල - වල කැන්ටිම )
++++
ReplyDeleteAth hala dinaka, sundaramuth atheethaya, jeewithama wewi gewenaaa hama nimeshayama...
ReplyDelete