මම කුඩා ග්‍රහකයක් ය..

ආලෝක වර්ෂ සියගණන් දුර

දල්වා ගත් හදින් යුත් තරු ය,

ග්‍රහක් දූවිලි අතර තනිවුන

නමක් නැති කප්පරක් තරු ය,

ඔබ හිතින් යා කරන-තරු සිතියමේ සොයන

තරු රටා වලට හිමි තරු ය,

ඒත්,

මගේ ඇස් අස්සේ නිවි නිවී දැල්වෙන

නුඹ තමයි එකම ඉරබටු තරුව..





නුඹේ ඇස් අහස මත රැදෙන

මහ පොළව මඟහැරෙන,

හදේ පෙම් කවි ලියා මකන

නුඹට ඒ කවි නොපෙන්වන,

සිහින තරු මෙන් කඩා වැටෙන

නුඹත් සිහිනයක් බව දන්න,

නුඹේ තුළ විශ්වයම දකින

මම කුඩා ග්‍රහකයක් ය..




Comments

  1. ඉතාම සුන්දරය්. ඔබට බොහොමත්ම ස්තුති.නිතර කියෙවත් පහසුවෙන් සිංහල ලියන්න හොයාගත්තේ අද.

    ReplyDelete
  2. නුඹේ ඇස් අහස මත රැදෙන

    මහ පොළව මඟහැරෙන,

    හදේ පෙම් කවි ලියා මකන

    නුඹට ඒ කවි නොපෙන්වන,

    wow .... Harima lassanayi

    ReplyDelete

Post a Comment

Popular Posts