මම ගිරි හිසෙන් පනිමි

අතීතය හදවතේ ගැඹුරක
වළලා දැමූ පසුව
කාලය සර්වබලධාරීව
මැවූ ඒ තුංග ගිරි හිස
නිහඬකම



ඒ ගිරි හිස පලාගෙන
ගලයි මතකයන්
තෙමමින් සානු සහ නිම්න
සරු කරමින් දුක කෙත්වතු
නොපෙනෙයි සැඟව ගලයි
ඒ අතර
නුඹෙ සුවඳ ඇති
දිළිසෙන ගල් පතුරු




සතුටු වළා දියවයයි
සැනෙකින් වෙනස්වෙයි
කඳුළු වී ඇද හැලෙයි
නුඹ වටා ඇති දෑ
දිරාපත් කර
නුඹව පමණක්
ඉතිරි කර ඉවත යයි



මම ගිරි හිසෙන් පනිමි
දිනපතා මිය ගොස්
නැවත නැවතත්
නුඹ අසල ඉපදෙමි!!





Comments

  1. සරු කරමින් දුක කෙත්වතු
    නොපෙනෙයි සැඟව ගලයි

    ජය වේවා ..!!!!

    ReplyDelete
  2. අමුතුම හැඟීමක් හිතට දැනුණා වචනයෙන් විස්තර කල නොහැකි.. ජයවේවා !

    ReplyDelete

Post a Comment

Popular Posts