නැවත මා වෙත එවන්න.

අපි හමුවුන පසුව
ගෙවන ලද බිල්පත්
බස් ටිකට් පත් ,
කෙටි කවි ලියපු
තනිරූල් තුණ්ඩු,
තවමත් තිබෙයි නම්
ඉරුණ ඩෙනිම් සාක්කුවේ,
.
.
.
.
මතක නම් මගේ ලිපිනය
මටත් පිටපතක් එවන්න,
හැකි නම් ඒ ලිපියේ අගට
අපි අතර හුවමාරු වුන
ප්‍රේමයේ බැරපත අමුණන්න.


අමතක නොකරම
මා දුන් හාදු එක එක,
නැවත මා වෙත එවන්න.

Comments

  1. ගෙවුණු දිනයක එක ළඟින් අප සතුට සැමදින ඉතිරිලා
    නිවුණු කෙටි කවි රූල් පිටුවක තවම රිංගයි හිනැහිලා
    තැවුනු හැඟුමන් බස් ටිකට් හෙම එවනු හැකි වුව හිනැහිලා
    එවනු කොහොමද හාදු වැහි යළි ඒව හදෙහි මිරිකිලා.......

    ජයවේවා!!!

    ReplyDelete
  2. නියමයි. අතීත කථාවක් මතක් වුණා.

    ReplyDelete
  3. මගේ බෝඩිමේ හිටියා මලයෙක්. ඒකාට කෙල්ලක් සෙට් උනා. මූ කෙල්ලට වියදම් කරලා අතේ සල්ලි නැති උනාම ක්‍රෙඩිට් කාඩ් එකකුත් අරගෙන වියදම් කලා. මුගේ අතේ සතේ නෑ කියලා දැනගත්තාම කෙල්ල මාරු. මූ සෑහෙන කාලයක් ක්‍රෙඩිට් කාඩ් බිල් ගෙව්වා.

    ReplyDelete
  4. විරහවේ වේදනාවට බිල්පතුත් එක්වුනාම, විරහ රසය ඩබල් වෙනවා :D

    මම අමාගේ පෝස්ට්වලට හරිම කැමතියි.

    ReplyDelete

Post a Comment

Popular Posts