මහ ගෙදර
-"ඔය කඩලා දාලා සමතලා කරලා දාන්නේ කබොක් ගල් වලින් හදපු නිකන්ම නිකන් ගෙයක් නෙමෙයි..ඒ මගේ ජීවිතෙන් බාගයක්..නෑ තුන් කාලක්"-
-ආච්චි අම්මා-
තරු රටා හැරදමා අහස් කුස මොහොතකට
හිස් මුදුන් මත ඇවිත් නවාතැන් සොයන දින
ඔහුගේ අත අල්ලගෙන ජය මගුල් හඬ මැදින්
යලිත් මම උපන්නෙමි සිහින ගුලිකර අතක
නුහුරු සුලඟක් ඇවිත් කවුළු දොර මත වදින
බියව මා වැසි දිනෙක තනිව වුන් සැදෑවක
නුඹය මා සිත හෙමින් පිරිමැද්ද සුලඟිල්ල
ගොළුව සිටියා වුනත් නුඹ නිතර දොඩමළුය
දින ගෙවී ගතව යන දිහා අපි බලාගෙන
නුඹ සෙවන හිසට නොව හදවතට බව හැඳින
කබොක් ගල් හදවතකි තෙත නමුදු උණුසුම්ය
අපි දෙදෙන තිදෙන වන දින නුඹත් සිනහ වුණ
දුක් සුසුම් සිනහවන් දෝරේ ගිය එළිපත්ත
මිහිරි මතකයන් රැඳි පුංචි මුළුතැන් ගෙදර
අට්ටික්කා මල් සුවඳ සඳ වඩින මැද මිඳුල
මගෙ සෙනෙහෙ තැවරි ඇත කබොක් බිතු මත තදට
අළු ගසා දරු පැටව් තටු හයිය වෙලා අද
නුඹ වගේ ඉරිතලා මමත් දැන් වියපත්ව
හඬ නගා කියනු බැරි බොහෝ දේ ඇත සිරව
නුඹට දැනෙනවා යැයි මම දනිමි සහතිකෙට
පොඩි පුතා අමෝරා කුළු ගෙඩිය අතින් ගෙන
මහගෙදර වැඩක් නැහැ කියා මර හඬ නැගුව
සභාවේ සැවොම එය හිස සලා පිළිගත්ත
මගේ හඬ ඇහුණ මුත් නෑසුනා මෙන් සිටිය
නුඹේ ඕදාත බිතු මත බැඳුණ දියසෙවළ
වලට වැහිලා තියෙන කාලයේ අඳුරු ලප
පුතුණි නුඹෙ මතකයන් මෙහි තියෙනවා තවම
කෙළෙස නුඹ බිඳින්නද මහගෙදර උළුවස්ස
ඉවසලා දරාගෙන වදින කුළු ගෙඩි පහර
කැබලි වී කබොක් ගල් ගොඩක් වී යන විටෙක
තරහ අවසර ඉතින් මං මොකක් කරන්නද
අවලංගු කාසියක් නුඹ වගේ මමත් අද
ප.ලි.-
අතිශය පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් ලියවුනි
-ආච්චි අම්මා-
තරු රටා හැරදමා අහස් කුස මොහොතකට
හිස් මුදුන් මත ඇවිත් නවාතැන් සොයන දින
ඔහුගේ අත අල්ලගෙන ජය මගුල් හඬ මැදින්
යලිත් මම උපන්නෙමි සිහින ගුලිකර අතක
නුහුරු සුලඟක් ඇවිත් කවුළු දොර මත වදින
බියව මා වැසි දිනෙක තනිව වුන් සැදෑවක
නුඹය මා සිත හෙමින් පිරිමැද්ද සුලඟිල්ල
ගොළුව සිටියා වුනත් නුඹ නිතර දොඩමළුය
දින ගෙවී ගතව යන දිහා අපි බලාගෙන
නුඹ සෙවන හිසට නොව හදවතට බව හැඳින
කබොක් ගල් හදවතකි තෙත නමුදු උණුසුම්ය
අපි දෙදෙන තිදෙන වන දින නුඹත් සිනහ වුණ
දුක් සුසුම් සිනහවන් දෝරේ ගිය එළිපත්ත
මිහිරි මතකයන් රැඳි පුංචි මුළුතැන් ගෙදර
අට්ටික්කා මල් සුවඳ සඳ වඩින මැද මිඳුල
මගෙ සෙනෙහෙ තැවරි ඇත කබොක් බිතු මත තදට
අළු ගසා දරු පැටව් තටු හයිය වෙලා අද
නුඹ වගේ ඉරිතලා මමත් දැන් වියපත්ව
හඬ නගා කියනු බැරි බොහෝ දේ ඇත සිරව
නුඹට දැනෙනවා යැයි මම දනිමි සහතිකෙට
පොඩි පුතා අමෝරා කුළු ගෙඩිය අතින් ගෙන
මහගෙදර වැඩක් නැහැ කියා මර හඬ නැගුව
සභාවේ සැවොම එය හිස සලා පිළිගත්ත
මගේ හඬ ඇහුණ මුත් නෑසුනා මෙන් සිටිය
නුඹේ ඕදාත බිතු මත බැඳුණ දියසෙවළ
වලට වැහිලා තියෙන කාලයේ අඳුරු ලප
පුතුණි නුඹෙ මතකයන් මෙහි තියෙනවා තවම
කෙළෙස නුඹ බිඳින්නද මහගෙදර උළුවස්ස
ඉවසලා දරාගෙන වදින කුළු ගෙඩි පහර
කැබලි වී කබොක් ගල් ගොඩක් වී යන විටෙක
තරහ අවසර ඉතින් මං මොකක් කරන්නද
අවලංගු කාසියක් නුඹ වගේ මමත් අද
ප.ලි.-
අතිශය පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් ලියවුනි
ඉතාම සංවේදී අත්දැකීමක්.අගෙයි.
ReplyDeleteදුක හිතෙනව තමයි...ඒත් පරණ ගෙවල් ඇතුලෙ හරි කරුවලයි...ගේ කඩද්දි අපේ සුද්දගෙ අම්මටත් ඔහොම හිතෙන්නැති..පවු
ReplyDeleteඕදාත කිව්වෙ..? සංවේදීයි මේ පදපෙළ අමා. පව් අත්තම්ම.
ReplyDeleteඕදාත = සුදුපාට
Deleteනුඹේ ඕදාත බිතු මත බැඳුණ දියසෙවළ = සුදුපාට බිත්තිමත බැඳුන දියසෙවල
කාලෙකට වරක් අපේ හිත ඇතුලේ තියන පරණ මන්දිර වුනත් කඩා බිඳදමන්න සිදුවෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය.
ReplyDeleteඅගේ ඇති පද පෙළක් ඇති සංවේදී යථාර්තයක් අමා...
ReplyDeleteඅමා මේක තමයි යථාර්තය.. මගේ පියාට අයත් ඉඩමත් ගෙයත් කිසිම දවසක හිතුවේ නැති විදිහට විකුනල සතියක් යන්නත් කලින් තමයි ඔහු අපිව දාල සඳහටම ගියේ.. අපි එකතු කරන භෞතික දේවලට බැඳිම අඩු කර ගන්න මට ඒ සිදුවීම බොහෝ සේ උදව් උනා..
ReplyDeleteහ්ම්ම් භෞතික දේ සමඟ මතකයන් බැඳුනාම ජීවිතේ අතහැරීම දුෂ්කරයි.
ReplyDeleteඅගෙයි මලයා
ReplyDelete