ශීත හදවත

 "සමාවෙන්න මට.. ඔයා කොයිතරම් හොඳ කෙනෙක් වුනත් මට ඔයා ගැන ආදරේ හිතෙන්නේ නැති එකට"


-ලියා මැකූ කෙටි පණිවිඩයක්-


සදාකාලික සිසිරයක

හදවත මිදී ඇති විට

ඔබ පැමිණ

උණුසුම් හාදු තවරා

ග්ලැසියර හිම දියකරන්නට

වෙහෙසෙන..


ඔබ මල් රැගෙන එන,

උණු  කිරි කෝපි ඔඩමක්

මා අත්ල මත තබන,

මා මඟහැරෙන්නට නොදී

මා අත අත්නොහරින..


සදාකල් සිසිරයකි මම

ඔබ වසන්තය රැගෙන එන විට

මුදවමි, රිදවමි, හඬවමි

ඔබව,


සමාව දිය හැකිද මට

ආදරේ නොහිතෙන තරමට

ජීවිතේ මුඩුබිමක් වුන එකට,

සැමරිය යුතු ඔබේ ප්‍රේමය

ඉවසා සිටීම පමණි

කළහැකි මට..





Comments

  1. ජීවීතේ ආපසු හැරිලා බලද්දි මේ වගේ දේවල් කොච්චරක් නම් වෙලා ඇත්ද....මං කියන්නෙ යෞවන ප්‍රේමය විතරක් නෙමේ ...සාමන්‍ය යාලුකම් වලදී පවා.... -MAYYA

    ReplyDelete
  2. මෙවන් අත්දැකීම් ඇත

    ReplyDelete
  3. රහයි..ඒ වගේම හිතට දැනුනා...

    ReplyDelete

Post a Comment

Popular Posts