ලයිකන

 "මෙච්චර කල් අපි හිතන් හිටියේ ලයිකන කියන්නේ එක දිලීර වර්ගයකත්  ඇල්ගේ වර්ගයකත් සහජීවී සම්බන්ධයක් කියලා..ඒත් අපි වැරදි.. තව තුන් වෙනියෙකුත් ඉන්නවා"


-දේශනයක දි-


ගිනියම්  ගල් පොත්තක

දහදුක් දරාගෙන එක හුස්මට

වැළඳගෙන දෑත්, බදාගෙන උරහිස්

පැවතිණි,

යුගල පද පමණක් ම

ප්‍රේමයට..


ඇය නිවෙන, ඔබ නිවන,

දුක කියා වචනයක් නැති

ශබ්දකෝෂයකි ඔබ දෙදෙන..


ඇය සහ ඔබ

සහතික ලත් අය 

ආදරේ කරන්නට!


පාන්දර ඇය උයන

පාතරසයත් රැගෙන

ඔබ පැමිණෙයි,

තහනම් උයනට..


.................................


මම,


ඔබ නම් නොකළ

දුරකතන අංකය,

රහස් හඬකින්  විටෙක

"අද කොහෙහරි යමු" දැයි අසන..


අතහැර පින සහ පව,

ඔබ වටා දැවටෙමින් ය.

නොසැලකිල්ලෙන් විසීකරන

ප්‍රේමයක සොයමි මහද්වීප..


ජීවිත දෙකක් අතර

නමක් දිය  නොහැකි

ඒ ක්ෂුද්‍ර ජීවිතය 

මම


................................................


පෙම්වත,

මා ඔබේ පෙම්වත ද?




Comments

Popular Posts