වලාකුළු සාපය!

මකරන්ද තුළ ගිලෙයි
වසන්තය,
ඉතා පැහැදිලි අහසක
දීප්තිමත් හිරු ය..


වහා ඉහළින් මට
තනි වැහි වළාවකි,
පොද වැසි වැටෙයි
කම්මුල් තෙමෙයි..

මිතුරන් අසයි
සුසුවඳ  සුලඟ ගැන තතු,
"මට මෝසම තවම"
සිනහසී පවසයි ඔහුන්,
"මේ ගිනි අව්වේ මෝසමක්?
උඹට පිස්සු ද?"


නොපෙනෙයි මල් උයන්
නොඇසෙයි කුරුළු හඬ
නොදැනෙයි මිතුරනි
ඔබට දැනෙනා උණුසුම..


දැල්වෙයි විටින් විට වලාකුළ,
ඇස් වසා ගත් විට ද
හාත් පස අඳුරු ය..

මිතුර!
උදව් කළ නොහැක ඔබට,
මේ නොපෙනන 
වලාකුළු සාපය.




Comments

Popular Posts