යුනිකෝඩ් සිහින__

නොපෙනෙයි ඔබව මට..

නිල් පැහැති "හරි" ලකුණ
පෙන්වයි ඔබ
කියවන වග
මා යවන
දිගු "කෙටි පණිවිඩ"..


නොපෙනෙයි මා නුඹට..

කමිස කෙළවරකින්
ඇස් වල කඳුළු පිසිමින්
"සිනහසෙන මුහුණු"
ඔබ වෙත යවන,
"දුක ද" අහන විට
කඳුළු ගලනකන් සිනහසෙන
මුහුණු හතරක් යවන,
"පිස්සුද!! මගේ හිත හයියයි"
ඒ බොරුවේ විසාල!

අපි දෙදෙනට අප නොපෙනෙන..

මම ආදරේ යැයි
ඔබට කියන විට,
ඔබ "ඒත්" යැයි
නතරව
පුංචි සුළි කුණාටුවක
මා අතරමං කරන..

ආදරේ
අතින් අල්ලනු බැරිව
හිතේ ඇලවෙන එක,
දුරින් සිට දුරස්වන එක,
විස්තර කළ හැකි
ස්ටිකර,
මා සතු නොවන..

කාටවත් නොතේරෙන
ඒ යුනිකෝඩ් සිහින,
අහම්බෙන්
ලඟ අවදි වී
නොදන්නා දුකක් ව
හිත පුරවන..



Comments

  1. ^_^
    මා යවන
    දිගු "කෙටි පණිවිඩ"..
    matat ohomama tamai vela tibbe! :D passe phone eka kaduna

    ReplyDelete

Post a Comment

Popular Posts