මම ආසම සුවඳ

හිස හොවාගෙන පපුතුර
පොඟවමි කඳුළෙන් කමිසය,
කිසිවක් නොකියයි නුඹ
අසා සිටිනවා පමණි මගේ දුක..

හඬා අවසන් කර
ඔසවා හිස, බලමි නුඹේ දෑස,
"දැන් හරි ද ඔක්කෝම,
කමු ගිහින් මොනවහරි දැන්ම"
නුඹ කියා හිස සිඹින..


වෙහස ,විඩාව ,
විශාදීය වේදනා ,
පා කරමි අහසට..
සිනහසී නුඹ සමඟ
"ආදරේ නේ දැයි"
උත්තර දැනදැනත්
නිතරෝම අසන..


මම ආසම සුවඳ,
ඔබ ආදරේ කරන විදිහ..



Comments

Popular Posts