ඒ ඔබ ආදරේ කියන විදිහ

ඒ ඔබ ආදරේ කියන විදිහ..

එක පාරටම එවා කෙටි පණිවිඩ
"එක්සෑම් කොහොමද" අහන,
"අමාරුයි" කියන්නට කලියෙන් මම,
ඔබ,"ඉලඟ එකට ලෑස්ති වෙන්න"
යැයි නපුරු මුහුණෙන් කියන..


හඬන්නට උරහිස නොදෙයි
කඳුළු පිසදමන්නට නොවෙහෙසෙයි,
ආදරේ යැයි කියන්නට බියෙන් තව
අඩි කිහිපයක් මා මඟහරියි..

ඒ ඔබ ආදරේ කියන විදිහ...

අතගා බලමි ගිලිහුණ කැරළි කෙස්
ඔබ ආසා කළ දැන් මා සතුව නැති,
සනසා ගනිමි මසිත ඔබ අහිමි බැව්
ඔබගෙන් දුරක රැදෙමි, එය ඔබට රිසි..

ඒ ඔබ ආදරේ කියන විදිහ,
"මට වෙලාවක් නෑ
රිසච් එකේ වැඩ
ෆයිනල් ඉයර් එක නම්
මහ කරදර ගොඩක්"
අසමි ,සනසමි මම ඔබව..

ඔබ ඔබේ උයනක
ආදරේ මල් වවන,
ඒ මල් මට යැයි හඟවන
නමුත් උයන තහනම් මට..


ඒ ඔබ ආදරේ කියන විදිහ..








Comments

  1. සුන්දරයි ඔබ ආදරේ කරන විදිය

    ReplyDelete
  2. ඔහොම ආදරේ දරන් ඉන්න එක හරි අමාරුයි ඒත් මේ ආදරේ කියන විදිහ අපුරුයි

    ReplyDelete
  3. පොල්ලක් අරගෙන් තඩිබාන්න
    එතකොට ඇහැරෙයි
    ශිශිර තාරකා නින්ද!

    ReplyDelete
  4. උයන තහනම් උනාම මොකද.. මල් ටික තියෙනවනේ. හරිම ලස්සනයි ලියපු විදිය.

    ReplyDelete
  5. ඔබ ඔබේ උයනක
    "ආදරේ මල් වවන,
    ඒ මල් මට යැයි හඟවන
    නමුත් උයන තහනම් මට.."


    සමීකරණයක් වගේ ....

    වෙනස් විදියේ ලස්සන ගෙත්තමක්

    ReplyDelete
  6. අවුරුදු පහලොවකට පසු..

    ටිකක් පමා වැඩියි දැන්
    කළු ගලක් උණු නොවන බව පිිළිගන්න..
    ආදරේ කරන හැටි කලාවක්
    හදවතේ උණුසුම තැනක හටගන්න..

    ReplyDelete

Post a Comment

Popular Posts