නුඹ - මම

නුඹ

බෝ ගසක
බාර ගැට ගහන්නට,
දුක අහන් ඉන්නට,
නියම වුන
පහළ බෝ අත්ත


මම

දුක ඉවසලා බැරිම තැන
නුඹ අතැර යන පත් අහුලන
නිවන් යන තුරා ලඟ ඉන්නට
'කොන්දේසි 'නැතිවම කැපවුන
වැලි මළුව සෙමින් සූරණ
මුල් වලට රිදුනාද විමසන
ඉදල




.

Comments

  1. නුඹ බෝ ගසක්
    මම
    එහි පාමුල
    වැලි කැටක්

    ReplyDelete
  2. මෝහයේ තිමිරපට දවාලන
    නිරතුරු නුඹ ලඟ හිද

    ආලෝකය ලබා දෙන
    පහන් වැට
    වෙමි මම

    අපූරුයි ඔයාගෙ නිර්මාණය....

    ReplyDelete
  3. හ්ම්..........යථාර්ථයට මුහුණදීම.

    'බාර ගැටගසන' සහ 'කොන්දේසි' ලෙස වචන දෙක නිවැරදි කරන්න අමා.

    ReplyDelete
  4. බෝ අත්තකට පෙම්බැඳි ඉදලක් :)

    ++++++++++++++

    ReplyDelete
  5. පට්ට උපමා රූපක.

    ReplyDelete
  6. නුඹ...
    දවසින් දවස
    හුස්ම නාල්ලාම
    බොල් අහස අල්ලන්ට,
    මට අල්ලන්ට
    බැරිතරං ඉහළට ඇදෙන
    බෝ අත්ත...

    මම...
    නුඹ දෑස මානෙං
    ඉවත යන හැටි බල බල
    නුඹට දිය, සරු අංශු හොයාගෙන
    මහපොළොව හාරගෙන ඇදෙන,
    දෙනෝදාහක් පයට පෑගෙන
    බෝ මුලක්...
    නෑ, මූල කේෂයක්.

    ReplyDelete
  7. ඉරටු වැල් බිඳුනු දින
    කෙලෙස අප
    හමුවෙමුද.....

    ReplyDelete
    Replies
    1. ඉරටු බිඳුනට මිට හයියයනම් ඇති. නැත්නම් ඔය වයඝ්‍රා තියෙන්නේ. හැක්

      Delete
  8. උපමාව නම් මරු.

    ReplyDelete
  9. හැමෝටම ගොඩාරියක් ස්තූතියි

    ReplyDelete

Post a Comment

Popular Posts