බෙදා දීම

 "මම එයාට ආදරේ තමයි.. ඒ කියන්නේ ඔයාට ආදරේ නෑ කියන එක නෙමෙයි"


.

හිච්චි කෙල්ලක සංදියේ

අතට අහුරක් නෙළාගෙන ආ

වෙරළු මා දං වගේ නම්

ආලය,

බෙදා දෙන්නට ඇහැක මට

කහටක් නැතිව 

හිත කොණක..


සරුවාංගෙම සූරා

නෙළුම් පතකට වඩම්මා

ඔබේ දෑතින් ගෙනත් ඇරලුව

පසුව හදවත,

දන්නෙ නෑ මම අයියණ්ඩි

ඔබට තව මා මක්ක දෙන්න ද!


****************


ප්‍රේමිය,

ඔබ කුඩා ලෝකයකි,

ප්‍රේමය විසල්

විශ්වයකි!





Comments

  1. ඔයා ලියන ඔක්කොම වගේ , ගොඩාක් ලස්සනයි , අර්තවත් අය්යෙ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular Posts