කල් ඉකුත්වීම
සුලං අල්ලන්නාගේ සිප්පු කටු, පුංචි කිරි කවඩි වල මෝසම් හුස්ම තැවරිලා , එක දිගටම, මුහුදු ඝෝෂාවක් මවන ගමන් එහාට මෙහාට පැද්දෙනවා..දෙසැම්බරයට තියෙන්නේ කෙටි දවස්..බොහෝම කෙටි දවල් කාලයක් එක්ක අන්ධ ගුප්ත රාත්‍රී කාලයක් තියෙන මීදුම අතර මිඳුන ශීත දවස්..තව ටිකකින් වහින්න පටන් ගන්නවා...ඊට පස්සේ සුලඟ එක්ක කාමරේ ඇතුළට ගහගෙන එන, දිය වුන වැහිවලාකුළු වලට තෙත් වෙන ගමන් ජනේලේ ලඟ සෝපාව උඩ ඔහේ වැතිරිලා ඉන්න අද අමාරුයි.. ලයිබ්‍රියේ ඉදන් එක්කගෙන ආපු නෙරුඩා මගේ උකුළ උඩට වෙලා සිවිලිම දිහා බලාගෙන ඉන්නවා..කියවගෙන කියවගෙන යන්න පුළුවන් පොත් තියෙනවා.. එක හුස්මට... ඒ වගේ පොත්, කියවලා අහවර වුනාට පස්සේ තමා ( ගොඩක් වෙලාවලට) පාවීම පටන් ගන්නේ..සමහර පොත් ඒ පොත් අස්සේ අපිව ෆ්‍රීසර ගතකරනවා..හුස්ම ගන්න එක නවත්තලා එක මොහොතක ජීවිතය රස්තියාදු කරවනවා..
නෙරුඩාගේ කවි තියෙන පොත් එහෙම නෙමෙයි.. එයාලට පුළුවන් මගේ අතින් අල්ලගෙන ගිහින් මේ දැන් වැස්සක් වෙලා වැටෙන්න ඉන්න වලාකුළක් උඩට වාඩි කරවන්න..ඒ වලාකුළ තව මොහොතකින් මහ වැස්සක් වෙලා, ගංවතුරක් වෙලා අහවර වෙනවා කියලා මට අමතක කරවලා වලාකුළු හාදුවකින් පුළිගු ඉපදෙන හැටි පෙන්නවන්න..ඒත් එහෙමයි කියලා ලයිබ්‍රි පොත් තමෙන්න ඉඩ තියන්න මට බැහැ.. මම ජනේලේ වහලා දැම්මා...
ඒත්, ජනෙල් රෙද්ද පහළට දාන්න මට උවමනාවක් නැහැ.. වැස්ස ඇවිත් සටපට ගාලා ජනෙල් වීදුරු වලට වැදිලා බොඳ වෙලා යන දිහා පාරේ ලයිට් කණු වලින් කාන්දු වෙලා එන එලියෙන් බලාගෙන ඉන්න මම කැමති...උණු කෝපි කෝප්පයක අඩුපාඩුව දැනිච්ච නිසයි කුස්සියට ගියේ..තිමති නිදාගෙන හිටපු පුටුවෙන් පැනලා ඇවිත් පුරු පුරු ගගා කකුළේ වෙලි වෙලී කුස්සියට ආවා.. කෝපි උණු වතුරේ දියවෙලා කෝපි කෝප්පයක් වෙනකන් තිමතිට චොකලට් කුකී එකක් බිමට කඩලා විසි කළා.. කළුවරයි... කළුවර කොයිතරම් සනීපද..සීතලද.. සැහැල්ලුද...මම ආයිමත් සෝපාවට ගිහින් නෙරුඩාව අතට ගත්තා..
ඒ වෙලාවේ දොරේ අගුල කරකවන සද්දේ ඇහුනත්,මට කළබල වෙන්න දෙයක් නැහැ..පුරුද්දට පුදුම වෙනවා වගේ මට ඉන්න තියෙන්නේ...සුපුරුදු පරිදි පුදුම වෙන්න බලන් ඉන්නවා වගේ... ඒ අගුල කරකවන්නේ කල්ප... මම ඒක දන්නවා...එයා ඇවිත් ලයිට් එක දානවා.. හැමදාම වගේ..මම ඇස් දෙක තද කරලා වහගන්නවා..තිමති කෑ ගහගෙන කල්ප ලඟට යනවා..
"ඇයි ලයිට් නිවාගෙන ඉන්නේ..මේ මොන කෙහෙල්මලක්ද"
කල්ප කෑ ගහගෙන දොර වහල දැම්මා..අගුල වැටෙන සද්දේ ඇහුණා..මම ඇස් දෙක ඇරියා..තිමතිට කල්ප පයින් ගහන්න හැදුවත් තිමති පිටි පස්සට පැනලා බේරුණා..
කල්ප ගාවින් එන්නේ බියර් කුයිලක්..වැස්සට අවුල් වෙච්ච කෙස් තව තවත් අතින් අවුල් කරන ගමන් සෝපාවේ කෙළවරකින් කල්ප වාඩි වුනා..
"ඇස් රතු වෙලා.."
"මම බිව්වා"
"මම දන්නවා"
මම නැගිටලා කුස්සියට යන්න හදනකොට තිමති මගේ පස්සෙන් දැවටි දැවටි ආවේ බඩගිනි වෙලා විත්තිය මම දන්නවා..එක චොකලට් කුකී එකකට බඩ පිරෙන්නේ නෑ තිමතිට..මම ඒක දන්නවා..
"තිමතිට ගහන්න එපා.. එයා අම්මෙක් වෙන්න යන්නේ"
මම කේතලය ලිපේ තියලා සෝපාවෙන් වාඩි වුනා..තිමති කෑම ලැබෙයි කියන බලාපොරොත්තුව සුන් වෙලා වගේ ඇවිත් ආයිත් සෝපාවෙන් ඇලවුනා..
"මංගලා මට බල කරනවා ඔයාගෙන් ඩිවෝස් වෙන්න කියලා.."
වතුර උතුරනවාය කියන කේතලයේ මහ මූසල විසිල් සද්දේ එක්ක මම කුස්සියට දුවලා ගිහින් ලිප නිවලා කේතලය ලිප උඩම නිවෙන්න ඇරලා ආයිමත් සෝපාවේ කෙළවරකින් වාඩි වුනා..කල්පට තේ තිබහ නැතුව ඇති...බියර් බීපු මනුස්සයෙක්ට තේ එකකින් ලැබෙන අමුතු සතුටක් නැහැ...සෝපාවේ මගේ කෙළවර මං එනකන් බලන් හිටියා..
"අපි කසාද බැන්දේ අවුරුදු හතරක් ආදරේ කරාටත් පස්සේ කල්ප..."
මම නෙරුඩාගේ කවි පොතේ පිටු ආයිමත් ආයිමත් හෙමින් පෙරලුවා..
"Love is so short, forgetting is so long."
මම එහෙම කිව්වේ මට විතරක් ඇහෙන්න.. ඒත් දෙන්නෙක් (ඇත්තටම තුන් දෙනෙක් ) විතරක් ඉන්න කාමරේක තමන්ටම කියලා කියාගන්න දේවලුත් අනිත් කෙනාට, අනිත් අයට ඇහෙනවා..ඒ අය නෑහුනා වගේ ඉන්න හැදුවත් ඇහුන වග මම දන්නවා..තිමතිත් දන්නවා ඇති බාගදා..
"මංගලා මට ඔයාට කලින් හම්බුනා නම් මේ තරම් කරදර සිද්ද නොවෙන්න තිබ්බා"
"එහෙම වුනා නම් , මෙහෙම වුනා නම්, ඒ දේවල් ආපස්සට ගිහින් හදන්න අමාරුයි කල්ප.. ජීවිතේට රිවස් ජියර් එකක් නෑ..ඔයා මට ඇත්තටම ආදරේ කලා නේද කල්ප..මම කියන්නේ මංගලා හම්බෙන්න කලින් වත්"
"ඔව්..ඔයාට මාව විස්වාස නැද්ද.. මම ආදරේ කලා..බාගදා තවමත් ආදරේ ඇති..ඒත් මම මංගලාටත් ආදරෙයි..මම කැමති නෑ කවුරුත් මංගලාට මගේ හොර ගෑනි කියලා කියනවට"
මම ඇස් පියාගත්තා.. මංගලා ඇස් ඉස්සරහට ඇවිත් දත් විලිස්සා හිනා වෙලා නොපෙනී ගියා..
"ඔයාට මතකද කල්ප..ඉස්සර අපි කැම්පස් යන කාලේ..බොග කැන්ටිමට ගිහින් බිත්තර රොටි කාලා ගල් පිට්ටනිය පැත්තට ගිහින් ඔහේ අහස දිහා බලාගෙන කියව කියව හිටපු හැටි"
කල්ප එක අතකින් ඔළුව කහන ගමන් හිනා වුනා.. මාත් එක්ක් නෙමෙයි.. සිවිලිමත් එක්ක..
"ඔයා ඒ දවස් වලත් නෙරුඩාගේ කවි කියවනවා නේද..තාම එපා වෙලා නැද්ද එකම කවි ටික කියවලා"
"ඒ කවි වයින් වගේ... පරණ වෙන්න වෙන්න තමා හොද."
මම තිමතිව ඔඩොක්කුවට අරගෙන ඔළුව අතගාන්න පටන් ගත්තා..
"මංගලා මං ගැන ගෙදරට කියලා..ගෙදරින් කැමති නෑ බැදපු මනුස්සයෙක්ව බදිනවට"
ජනේලෙන් එළියේ තාමත් තදටම වහිනවා..පොතේ හැටියට නම් මම දැන් කල්පගේ බෙල්ල මිරිකලා මංගලාට සාප කරන්න ඔනි..අවුරුදු දෙකක කසාදේ කඩලා දාන්න ආවාට.. කසාද මිනිහව මගෙන් ගලවගෙන ඈතකට අරගෙන යනවට..කල්ප මංගලා ගැන මුලින්ම කියපු දවසේ මම ඇඬුවා... වැලපුනා.. මාව දාලා යන්න එපා කිව්වා...කාලයත් එක්ක මංගලා පරණ මාතෘකාවක් වුනා... තුවාලේ පැසවලා පරණ වුනත්.. ලෙඩා වේදනාවට හුරු වෙලා ..
මට තරහයි.. තරහට වඩා දුක උස රැල්ලක් වෙලා ඇවිත් තරහව වහගන්නවා...මම කල්ප දිහා බලාගෙන ඉන්න කැමති.. කල්ප හිනා වෙන හැටි, කතා කරන හැටි, ඒ හැමදේම මගේ ආදරේ එක්ක බැදිලා හිතේ මුල් ඇදලා ඉවරයි...
කල්ප මංගලාට ආදරේ කරන්නේ එයා මට ඉස්සර ආදරේ කරපු විදිහටමයි..මම එයා දිහා බලාගෙන ඉන්නවා.. එයා අහක බලනවා..කල්ප කාලෙකින් රැවුල කපලා නෑ... මංගලා කපන්න එපා කියනවා ඇති..
"මම අඳුනන ලොයර් කෙනෙක් ඉන්නවා.. එයා මගේ යාලුවෙක්.. එයා වැඩේ ඉක්මනට කරලා දෙයි..මේ තියෙන්නේ ඩොකියුමන්‍ට්ස් ටික"
කල්ප සාක්කුවෙන් අරගෙන කඩදාසි වගයක් මගේ පැත්තට විසිකලා..
කල්පගේ ෆේස්බුක් බිත්තියේ අපි දෙන්නාගේ මඟුල් පොටෝ එක ඇලවිලා තියෙනවා තාම.. පොටෝ එක යටින් මංගලා සුභ පතලා තිබුනා මට මතකයි.. අවුරුදු දෙකකට කලින්..කාලය කොයිතරම් දේවල් වෙනස් කරගෙන කඩාගෙන බිදගෙන යන කෙනෙක්ද ඇත්තටම..
මම නෙරුඩාගේ කවියක් කල්පට ඇහෙන්න කියවන්න පටන් ගත්තා..
"You can cut all the flowers but you cannot keep Spring from "
වසන්තය එන්න තව මාස කීයද කියලා මට හිතින් ගණන් හදන්න පුළුවන්..ඒත් ගණිතයට මේ වගේ වෙලාවක කරන්න පුළුවන් දෙයක් නෑ..
කල්ප ජනේලෙන් පිට වහින මහ වැස්ස දිහා බලාගෙන ඉන්නවා..
මම ලඟට ගිහින් කල්පගේ අත අල්ලගෙන කල්පගේ ඇස් අස්සට එබුනා..අත් රස්නෙයි.. වෙනදා වගේම..දෙසැම්බර් හෙවනැලි කල්පගේ ඇස් වලට යටින් වැටිලා බොඳ වෙලා තිබුණා..
"කල්ප..මේ ගෙදර තිමති විතරක් නෙමෙයි අම්මා කෙනෙක් වෙන්න යන්නේ"

Thun wannekuta puluwan hugak katha wenas karanna, hodata wagema narakata
ReplyDeleteසෑහෙන කාලෙකට පස්සේ....
ReplyDeleteGood job !
ReplyDeleteතව දිගට තිබුණා නම් ...😍
ReplyDelete