මම කුඩා කෘමියෙක්මි

පෙනෙයි මළ මිතුරන්
කැඩුණු තටු ,
පහන් දල්ලකට පෙම් කළ
කුඩා මුත් ඒත් හදවත්

දෙමාපිය උපදෙස්
පෙම් කිරීම නොකළ යුතු වග
දිලිසෙන සහ උණුසුම්
කිසිත් විශ්වාස නොකළයුතු වග

මම කුඩා කෘමියෙක්මි

නොකළ යුතු දේ කිරීම
එය කුඩාවට හෝ සතුට,
වෙහෙසය තටු වලට
සොයා පැමිණ 
දැවෙන දිලෙන පහන

මම කුඩා කෘමියෙක්මි

ඔබ කියන්න,
වඩා වැදගත්ම දේ
පෙමක් සහිතව දැවිමද 
පෙමක් රහිතව සිටීමද

පිළිස්සුනු කිසිවෙක්ම
ඉතිරි නොවෙනා වග 
ඇත්තද



Comments

Popular Posts