Hallucinogenic Fungi

 "Hallucinogenic fungi ගැන අහලා තියෙනවාද? ඒ හතු කෑවොත් දෘෂ්ටි මායාවන් පේන්න ගන්නවා.. ඔනිවට වඩා consume කලොත් මැරෙන්න වුනත් පුළුවන්"


-දේශනයකදි-


ආදරේ යැයි ඔබ කියූ 

සාගරේ රැළි ගැන ලියූ

කවි කැබළි වී ඇත.

ප්‍රේමය මලකි, ගඟකි, ඔරුවකි,

නැත,

එය මායාමය හත්තකි..


ඔබ කිසිදා නොපෙන්වූ

ඒ ප්‍රේමයේ වර්ණයන්

අන්ධකාරය තුළ දකිමි,

ඔබ මට අහිමි, නොලැබෙනා බව දනිමි,

මායාමය සිහිනයක

නවතිමි...


මම 

බිඳෙමින්

ඇවිලෙමින්

කැබළි වෙමින්

සිහිනගත නින්දක

පසුවෙමි..


ඔබේ මායාමය දෘෂ්ටිය

කුඩා බැසීඩිඵලයක

සැඟව තව තිබේ දැයි 

සොයමි..

හාලාහල විස හතු

වැරදීමකින් ගිලදමමි..



Comments

Post a Comment

Popular Posts