ඉස්තිරික්ක කළ වලාකුළු

ඔබ හමුවුන දිනෙක
දෙන්නට යැයි කියා මම
එකතු කළ
සැන්දෑ වලාකුළු කිහිපයක්
කලිසම් සාක්කුවක තිබී
අහම්බෙන් හමුවුණි..

ස්තිරික්ක කරමි වලාකුළු,
සඟවමි කිසිදා නොඅඳින
ඉස්තරම් ඇඳුම් ගොඩ'තර,
අහම්බෙන් යලිත් දවසක
හමුවන තුරු නැවත..



Comments

Post a Comment

Popular Posts