tag:blogger.com,1999:blog-60203312725202995802024-03-13T19:09:23.255-07:00අමාගේ හීන සාප්පුවමහන්සිද ජීවිතේ කියන්න.මහන්සි නිවන්න,කවි කෝපි බොන්න,කෙටි කතා පැණි වළලු කන්න,අමාගේ හීන සාප්පුවට ගොඩ වෙන්න.අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.comBlogger326125tag:blogger.com,1999:blog-6020331272520299580.post-83853627825341744992024-02-09T23:32:00.000-08:002024-02-09T23:32:26.238-08:00காதலன்
"நானும் உன்னை காதலிக்கிறேன்"

-කෙටි පණිවිඩයක්-

දම් පැහැ සිහිල් මීදුමක ගිලුන

කුඩා වැහි පොද වැටෙන

හරිත පැහැ සානුවකි

මා හදවත.

කළබල විසල් නගරයක

පසෙකින් ඇසෙන විට

දෙමළ සුපුරුදු ගීත,

ඔබගෙන් මා විමසාවී

"කියා දෙන්න මට තේරුම"

(ඔබ ඇස් හීනිකර

හිනා වෙනවා දැනෙයි මට)

උරහිසේ රැඳි හිම පියල්ලක්

අතින් පිසදමනවා මෙන්

සිසිර සෘතුවම ඉවතලා

වසන්තය මා වෙතට ගෙන එන.

සුසුවඳ සැවැන්දරා සුවඳක

ගිලෙමින් සදා පැවතුන

ඔබේ මිම්මටම මැසූ

ඉරිදා වලාකුළු පාට කමිසයකි

මගේ හදවත.

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com2tag:blogger.com,1999:blog-6020331272520299580.post-38748975427881776362023-12-20T19:49:00.000-08:002023-12-20T19:51:57.738-08:00ශීත හදවත
"සමාවෙන්න මට.. ඔයා කොයිතරම් හොඳ කෙනෙක් වුනත් මට ඔයා ගැන ආදරේ හිතෙන්නේ නැති එකට"

-ලියා මැකූ කෙටි පණිවිඩයක්-

සදාකාලික සිසිරයක

හදවත මිදී ඇති විට

ඔබ පැමිණ

උණුසුම් හාදු තවරා

ග්ලැසියර හිම දියකරන්නට

වෙහෙසෙන..

ඔබ මල් රැගෙන එන,

උණු කිරි කෝපි ඔඩමක්

මා අත්ල මත තබන,

මා මඟහැරෙන්නට නොදී

මා අත අත්නොහරින..

සදාකල් සිසිරයකි මම

ඔබ වසන්තය රැගෙන එන විට

මුදවමි, රිදවමි, හඬවමි

ඔබව,

සමාව දිය හැකිද මට

ආදරේ නොහිතෙන තරමට

ජීවිතේ මුඩුබිමක් වුන එකට,

සැමරිය යුතු ඔබේ ප්‍රේමය

ඉවසා සිටීම පමණි

කළහැකි මට..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com5tag:blogger.com,1999:blog-6020331272520299580.post-78508924436864684002023-11-01T07:49:00.001-07:002023-11-01T07:49:34.186-07:00නිවර්තන කුසුම
"Should I start to learn about flowers?I miss the flower I left in Korea"

"නිවර්තන වැසි වන ගුල්මයක

ලඟාවිය නොහැකි කඳු මුදුනක

මීදුම් වලාකුළු කැදැල්ලක

මලක් මෙන් පිපුණා ද ඔබ

පෙර ආත්මයක ඇත්තටම?"

ඔබ නිතර අසන

නම් නොදන්නා මල් කිනිති වෙත

දෑත දිගුකර මා විමසන විට වතගොත

"ආදරේ කරන්නට ඔයාට

මල් ගැන මා ඉගෙනගත යුතුමද"

සිනසී මා ඇස් වලට එබෙන

නුපුරුදු නගරයක උයනක

මා තනිකර ඔබ ගිය පසුව ඈතක,

නිවර්තන සුවඳ කඳුළු වල

දියකරනු විනා මක් කරන්න ද..

මල් පෙති එකින් එක ගිලිහී

ඔබ නැතිව සිසිරයට සැරසෙමි

ඔබ නැවත ඒවි යැයි සිතසිතා

වසන්තය සිහිනයක නිදිකරමි

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com3tag:blogger.com,1999:blog-6020331272520299580.post-72210019972247847452023-10-01T07:41:00.004-07:002023-10-01T08:03:57.086-07:00ස්වොන් ජුන්
සැප්තැම්බරය අහවර වෙලා ඔක්තෝබරය ඇවිත් හිටියත්, බූසාන් නගරය ගිම්හානය තවමත් තදින් බදාගෙන ඉන්නවා.. ඉඳහිට දැනෙන නොදැනෙන හීතලත්, දීප්තිමත් කහ පාටට හැරෙමින් තියෙන පොප්ලර් ගස් වල කොළත් හැරෙන්න, "තවම මේ අගෝස්තුවේ මැද ද" කියලා රැවටෙන්න වුනත් පුළුවන්.. දවස පුරාම වෙහෙසිලා ඉන්න ඉර, කොරියන් මුහුදේ ගිලිලා අතුරුදන් වෙන්න කලියෙන් අහසේ ඉතිරි කරලා ගියපු රාස්සිගේ අව්රැළි එකක් දෙකක් තවමත් අහසේ වලාකුළක ඇමිණිලා තියෙනවා..

මම ස්ටේෂම ගාවට යනකොට ස්වොන් ජුන් ඇවිත් ඈත ඉදන් මම ඇවිදන් එන හැටි හිනාවෙවී බලාගෙන ඉන්නවා.. අවුල් වෙච්චි කොණ්ඩේ අතින් හදාගන්න ගමන් මම එයා ලඟට දුවගෙන යන විදිහ, එයාට කෝම පේනවා ඇද්ද කියන එක ගැන හිතිලා, හිතට එක පාරටම ආපු ලැජ්ජාවට මම ඇවිදින වේගය බාල කලා.. හෙමින් සීරුවට ඇවිදගෙන එනකොටම මගේ ලඟට දුවලා ආපු ස්වොන් ජුන්, මගේ කරේ එල්ලිලා තිබුණ විසාල, ඒත් හිස් බෑග් එක එයාගේ කරට දාගත්තා..

කොරියන් මළපොතේ අකුරක් නොදන්න මම, බිඳුණු කොරියන් වලින් " කන්සන්මිදා" කියනකොට, "ආ ඔයා වචන හොදට ප්‍රොනවුන්ස් කරන්න ඉගෙන ගෙන නෙහ්" කියන ගමන් වටපිට බලලා කම්මුලට හාද්දක් දුන්න ස්වොන් ජුන්, මගේ අතේ සුලඟිල්ලෙන් හෙමින් අල්ලගෙන කොච්චිය දිහාවට ඇවිදගෙන ගියා..

මේ අපි හම්බෙන හය වෙනි දවස.. කිරි ටොෆි පාට කමිසයට, කහට අඩු කිරි තේ පාට කොට කලිසමක් ඇදගෙන හිටිය ස්වොන් ජුන්ගේ උරහිස උඩ ඔළුව තියාගත්තාම වෙනදා හුරු නැති පර්ෆියුම් සුවඳක් ආව නිසා "ඔයා ගාවින් අද අලුත් සුවඳක් එනවා" කිව්වේ මම.. "ඔලිව් යුන්ග් එකේ පර්ෆියුම් වගයක් ට්‍රයි කලා..එව්වා ඔයාට සුවඳද" කියලා අහන ගමන් මගේ අත හෙමින් මිරිකලා හෙමින් අත අතෑරියා..

බූසාන් කියන්නේ ස්වොන් ජූන්ගේ උපන් පලාත.. මෙහෙ තියෙන කිසිම දෙයක් එයාව පුදුමයට පත් කරන්න තරම් පුදුම සහගත නැති වුනත්, ඉන්දියන් සාගරේ පුංචි දූවක ඉපදුන මම දකින දකින හැමදේකින්ම පුදුම වෙන හැටිත්, ඇඟිල්ලෙන් ඇනඇන ඒ දේවල් පෙන්නනකොට, ඒ දේවල් දිහා මං තරම්ම උද්යෝගයෙන් බලන්න වෙහෙසෙන හැටිත් මට පේනවා..

"මම මගෙ රටට ආදරේ වුනත්, මට මෙහෙ ජීවිතය වෙහෙසයි.. ඒකයි මම තව ටික දවසකින් රට අතෑරලා යන්න තීරණය කරලා ඉන්නේ", අපි හම්බුන පළවෙනි දවසේ මින්ට් ටී එකක් හෙමින් බොන ගමන්, වෙහෙස ඇස් වලින් මං දිහා බලාගෙන කියපු හැටි මට මතක් වෙනවා.. ඒ වෙහෙස දැන් ඇස් වල තිබ්බා ද කියලවත් හාංකවිස්සියක් නැතිව දිළිසෙන හැටි!

"අපි මේ කොහෙද යන්නේ?"

කෝච්චියට ගොඩ වෙලා ඉඳගත්තාට පස්සේ මම ඇහුවේ, අතේ එල්ලිලා ආවාට, යන්නේ කොහෙදවත් නොදැන නේද ආවේ කියලා මතක් වෙලා..

"ග්වොන්ගලී බීච්? ඔයා ආසයි නෙහ් මුහුදට"

මම ස්වොන් ජුන්ගේ උරහිසේ ඔළුව තියාගෙන ඇස් වහගෙන, ලංකාවේ හික්කඩුව මුහුද හිතින් මවාගත්තා..සුදු පාට පෙණ කැටි, කකුළ් දෙක ඉඹින ගමන් හිනා වෙන හැටි මට මැවිලා පෙනුනා..

ග්වොන්ගලී මුහුදු වෙරළ ඒ වගේ නෙමෙයි.. චෙසුක් නිවාඩුව නිසා මිනිස්සුන්ගේ පිරිලා ගියපු වෙරළේ, ලස්සන සුදු පෙණ රැලි තිබුනේ නෑ.. ලෝකේ පුරාම මිනිස්සුන්ගෙන් මූණ වල් , එක එක භාෂා වල සද්ද අස්සෙන් ඇහෙන කොරියන් විරහ ගීයක් විලාපයක් මිස, මහ මුහුද ගොළු වෙලා.. සුදු පාට විසල් පාලම පාළු දර්ශනයක ඇඳපු චිත්‍රයක් වගේ..

"ඔයා ලංකාවට ආවාම එහෙ තියෙන ලස්සන මුහුදු වෙරළකට ඔයාව එක්ක යන්න මට ආසයි.. මේ මුහුද හරියට දුක හිතෙන චිත්‍රයක් වගේ."

"ඔයා දන්නවා ද.. මට ලෝකේ පුරාම මිනිස්සු හම්බවෙලා තියෙනවා.. ඒත් ලංකාවෙන් මුලින්ම හම්බුනේ ඔයාව.. ලංකාවේ හැමෝම ඔයා වගේ හොදයි ද.."

"මම?? හොදයි?? ඇයි මම හොද ? "

"මට ඔයා ගාව ඉන්න එක සැනසීමක්.. මට තේරෙන්නේ නෑ කියන්න.."

ස්වොන් ජුන්ගේ සුදු පාට වල ගැහෙන කම්මුල් දෙක ළා රෝස පාටට හැරුනා..

"ඔයා හිනා වෙනකොට හරිම ලස්සනයි.. ඒ නිසා ඔයාට පුළුවන් හැමවෙලේම හිනා වෙලා ඉන්න"

මම එහෙම කියන ගමන් හෙමින් කම්මුල මිරිකුවා..

කිසිම හැලහොල්මනක් නැති මහ මුහුදේ ගෑවීගෙන හෙන හුලඟ මට හරිම හීතයි.. මට හීතල වග දැනගෙන මාව හීතලෙන් බේරගන්න ක්‍රමයක් හිතහිතා මාව තුරුල් කරගෙන කොරියන් බාබිකියු කඩයක් ඇතුළට ගියේ ඒ වෙලේ.. මස් පිළිස්සෙන සුවඳවත් දුමින් මුළු කඩයම පිරිලා..

"පොඩි හීතලක් දරගන්න් බැරි ඔයා කෝමද සෙල්සියස් සෘණ ගනන් යන ශීත කාලය ගෙවාගන්නෙ..?

ස්වොන් ජුන් එහෙම කිව්වේ හිනා වෙවී..

"මම ඉපදුනේ හැදුනේ සමශීතෝෂ්ම සමයකට ලඟ රටකට.. අපිට හැමදාම තිබ්බේ ගිම්හානය.. මම ඉපදිලා ඉන්නේ පුංචි පතොක් ගහක් වෙන්න මිස, විසාල පයින් ගහක් වෙන්න නෙමෙයි කොල්ලෝ"

මම එහෙම පණ්ඩිත විදිහට කියලා හිනා වෙනකොට, ආයිත් එයාගේ කම්මුල් රතු වෙනවා.. ඌරු මස් ගිනි අඟුරු වලින් රත් වුන තැටිය උඩ පිළිස්සෙනකොට, නිවුන මස් මගේ පිඟානට දානගමන් "පරිස්සමෙන් නිවලා කන්න, කට පිච්චෙයි " කියලා හිනා වෙලා කියන ස්වොන් ජුන්, එයාගේ හිස් වෙච්ච සෝජු වීදුරුව පුරෝගන්නවා..

ඇති වෙන්න බඩපිරුනාට පස්සේ, ආයිත් මුහුද වෙරළේ කෙළවරක පොඩි බංකුවක ඉඳගත්ත අපි දෙන්නා, මූණට මූණ බලාගෙන හිටියා.. එයාගේ ඇස් කරුණාවන්තයි.. ලංකාවේ කවමදාවත් නොදැක්ක දීප්තිමත් හෙවනැලි වලින් පිරුණ ඇස් දිහා බලාගෙන ඉන්න ගමන් මම "ඔයා ඇයි මට කැමති" වගේ මෝඩ ප්‍රශ්නයක් අහන්න හිතුනා..

"ඔයා ගාව වැනිලා සුවඳයි..ඔයාව කොච්චර ඉම්බත් ඒ සුවඳ නැති වෙන්නෙ නෑ.. ඔයාට තියෙන්නේ ලොකේ කාටවත් නැති තරම් ලස්සන ඇස්.. ඔයා කතා කරනවා අහන් ඉන්න කැමති හිතෙනවා.. ඔයා කරුනාවන්තයි වගේම දක්ෂයි.. මට මෙහෙම ඔයා දිහා බලාගෙන මැරෙනකන් වුනත් ඉන්න පුළුවන්. ඔයාගෙන් මම ඒ ප්‍රශ්නෙම ඇහුවොත්?"

මට ස්වොන් ජුන්ගේ ඇස් වලින් මාව පේනවා.. මම මං දිහා බලාගෙන මම මගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා ඇයි මම මේ මනුස්සයාට කැමති කියලා.. කවමදාවත් කොරියන් මනුස්සයෙක්ට කැමති වෙන්න හීනෙකින් වත් නොහිතපු මට, මේ මනුස්සයාට කැමති හිතුනේ ඇයි කියන්න ඇත්තටම මම දන්නේ නෑ නේද කියන එක මට ඒ වෙලාවේ තේරුනා..

"ඔයාට තමා මේ ලොකේ ලස්සනම හිනාව තියෙන්නේ..බලන්න ඔයා දිහා, ඔයා ගාව ඉන්නකොට මට කිසිම දෙයක් ගැන බය නොවී ඉන්න පුළුවන්"

ඒ ලැබුන උත්තරයට හිනා වෙලා කම්මුලට හාද්දක් දුන්න ස්වොන් ජුන්, මගේ අත තදින් මිරිකගත්තා..

" අදින් හරියට අවුරුදු දහයක් ගියාට පස්සේ, ඔයයි මමයි දෙන්නාම තනිකඩ වෙලා හිටියොත්, ඔයාට පුළුවන් ද මාව කසාද බඳින්න?"

ස්වොන් ජුන් එහෙම කිව්වේ මුහුද දිහා බලාගෙන.. මුහුදේ ඈත කෙළවරේ තරු වගේ දිලිහෙන එළි දිහා බලාගෙන, මුහුදු හුලඟට කිව්ව ඒ කතාවට, එයා උත්තරයක් බලාපොරොත්තු වුනා ද නැද්ද කියලා මම දන්නේ නෑ..

"මට පොරොන්දු වෙන්න පුළුවන්.. ඒත් ඒ අවුරුදු දහය ඇතුළත කොයිතරම් දේවල් වෙන්න පුළුවන් ද? මම බාගදා මැරිලා ඉදීවි."

මට රවලා බලපු එයා මුකුත් නොකියා ලොකු හුස්මක් ගත්තා..

" මම කොරියන් ඉගෙනගෙන ඔයත් එක්ක කොරියන් වලින් කතා කරන්නම්.. මම දැන් අකුරු කියවන්න දන්නවා ටිකක්"

"ඔයාට පුළුවන් ද ඔයාගේ මව්භාශාව මට උගන්වන්න.. මට පුළුවන් එතකොට ඔයාට මගේ හිතේ හැමදේම ඔයාට දැනෙන විදිහට කියන්න.. ඔයා ලියන කවි කියවන්න.. ඒ කවි වල ඔයා මං ගැන ලියලා තියෙන දේවල් බලන්න.."

"සිංහල ඉගෙන ගන්න අමාරුයි.. ඔයාට ගොඩක් මහන්සි වෙන්න වේවි.."

"මම උත්සාහ කරන්නම්.. මට පුළුවන් තරම්.."

ස්වොන් ජුන් මගේ කම්මුල් දෙක එයාගේ අත් දෙක උඩට අරගෙන හාද්දක් දුන්නා..

ආයිමත් කෝච්චියට එනකොට අපි දෙන්නාට යන්න තිබ්බේ කෝච්චි දෙකක.. අන්තිමට බොහෝම තදට මාව වැලදගත්ත ස්වොන් ජුන්, "ඔයාට මට ආදරේ කියන්න බයයි, වගේම වේලස්සනයි.. ඒත් මේ වෙලාවේ මට දැනෙන දේ ආදරේ නෙමෙයි නම් , මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා.. මම ඉක්මනින් රටින් යන නිසාත් , ගියාට පස්සේ ඒවිද කියලා සැක නිසාත් මට දුකයි.."

මගේ ඇස් වල කඳුළු පිරිලා ගිහින් මහ වැස්සකට කලින් පොද ගහනවා වගේ කඳුළු වැටෙන්න පටන් ගත්තා.. පිට අල්ලෙන් කොච්චර පිහදැම්මත් වැටෙන කඳුළු නැවතුනේම නෑ.. ඒ එක්කම ආපු කෝච්චියට ගොඩ වුන මම කෝච්චියේ විදුලි වේගයෙන් ස්වොන් ජුන්ගෙන් ඈතට ඈතට ඇදිලා ගියා..

රෑ වෙලා තිබ්බත් දවල් වගේ එළිය දෙන මහ වීදිය දිගේ කඳුළු පිහදදා ආපු මට ස්වොන් ජුන් එවපු මැසේජ් එකක් පෙනුනේ අහම්බෙන්..

"I will miss your smell until I understand the language in which you are dreaming"

ස්වොන් ජුන්, ඔයා මගේ හීනවල ගොඩක් හොඳට සිංහල කතා කරනවා කියලා මට කියන්න ඔනි වුනත්, මගේ ඇඟිලි මුහුදු හුලඟට හිරිවැටිලා තිබුනා..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com3tag:blogger.com,1999:blog-6020331272520299580.post-74427753318437858412023-09-19T05:03:00.002-07:002023-09-19T05:03:04.888-07:00වැරදි ද
නුහුරු නුපුරුදු සුවඳ මුහු

මේ සුලඟ මට නුපුරුදු,

නොදන්නා හඬකින් කියන ගී

නොතේරෙන දුක් කසුකුසු..

සත් සමුදුරු හා කඳුවැටි

වලාකුළු බැමි හා දියඇළි

හරිත කඳු නිම්න සියුමැළි

පසුකර මේ වෙරළට පැමිණියෙමි..

ග්‍රීස්මයේ පවා චෙරි මල් පිපෙන

මෘදු සිහිනමය දනව්වකි ඔබ,

සොයසොයා මා සිටිය දිවයින

නොතේරෙන මා හද තතු විමසන..

නොතේරෙන මුත් මා කැමති

ගීත අසමින් නැළවෙන,

තනුවක හාදුවක සුවඳක

මතක එක එක අමුණන..

තරවටු කරමි කොනිත්තමි

දඩබ්බර හිත ඔබ සොයන විට

ලං වෙන්න බැරි තරම් දුර වුනත්

ආදරේ හිතෙන එක වැරදි ද..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com0tag:blogger.com,1999:blog-6020331272520299580.post-85825063778184804162023-02-09T06:56:00.002-08:002023-02-09T06:56:20.177-08:00කළුතර
කළුතර ටවුමේ මැද හරි කෙලින් හිටගෙන ඉන්න ඔරලෝසු කනුවටත් උඩින් බස් වල දුම් වලාකුළු පාවෙනවා පේනවා.. හැන්දෑ හය වුනත් වැහි වලාකුළු අස්සෙන් සීරුවට පෙරිලා එන ළා ඉර එළිය, කළුතර බෝධියේ බෝ කොළ උඩ රත්තරන් පාට සායමක් වගේ ඉහිරිලා තිබුණා.. බස් වල හෝන් සද්දේ, ඈතින් ඇහෙන නෑහෙන මුහුදු රැළි වෙරළ බදාගෙන කෑ ගහන විලාපේ එක්ක මුහුවෙලා මට ඇහෙන්නේ විසාල ඝෝෂාවක් වෙලා..

මට මහන්සි.. මගේ කකුළ් දෙකට තව විනාඩියක් වත් කළුතර බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්න බැරි විත්තිය දැනුනා.. එයා එනවා කිව්වේ හවස පහට.. ඔරලෝසු කණුවේ හවස හත වදිනවා ඇහෙනවා.. ඔරලෝසු කණුවේ ඝන්ඨාව වදින සද්දයට බය වෙච්ච කුරුල්ලෝ රෑන් පිටින් මහා සද්දෙට කෑ ගහනවා.. තව දුරටත් මට හිටගෙන ඉන්න ශක්තියක් නැති නිසා හෙමින් මම කළුතර බෝධිය පැත්තට පයින් ඇවිදන් ගියා.. ෆෝන් එකේ එයාගේ නම්බරයට කතා කලාම, "ඔබ ඇමතු අංකය කාර්යබහුලයි " කියලා ඇහෙනකොට, මට ඇඬෙන්න ආවත්, මේ වෙනකොටත් අමුතු විදිහට මං දිහා බලන් ඉන්න රට කජු විකුණපු ඇන්ටිව තවත් අවුලෙන් අවුලට දාන්න බැරි නිසා ඉවසන් හිටියා..

එයාට තිබ්බා මට එන්න විදිහක් නෑ කියන්න..එයාට තිබ්බා ඔයා බෝඩිමට යන්න, බොරුවට ඉන්න එපා කියන්න..ඒත් එයාට ඒම කියන්න උවමනාවක් තියෙන වගක් පෙනුනේ නෑ.. පපුව ඇතුලේ පුංචි ගිනි කන්දක් ඇවිලීගෙන එනවා දැනුන නිසා, මට ප්ලාස්ටික් කලයකට පැන් අරගෙන බෝධිය නාවන්න ඔනි කියලා හිතුනා.. ඉතිබිසෝ ගාථාවේ අග මුල පැටලි පැටලී බෝධිය වටේ හෙමින් ගාටනකොට, බෝ කොළ මහ හුලඟට හෙළවිලා, "අඬන්න ඔනි නම් අඬපන්" කියනකොට, කඳුළු කළු ගඟ වගේ ඇස් වලින් කඩාගෙන ඇවිත් පැන් කළයට වැටෙන්න ගත්තා..

"ආදරේ සියල්ල උසුලාගෙන සිටියි" කියලා කොහේදෝ තැනක කියවලා තියෙනවා.. දැන් ඒවි, දැන් ඒවි කියලා මේ ගෙවිලා යන්නේ කීවෙනි පැය ද කියලා මම දන්නේ නෑ.. වැහි වලාකුළු හද්දා කළුවරේම මහ වැස්සක් වෙලා වැටෙන්න පටන් අරගෙන.. දන්නේ නැති පලාතක, දන්නේ නැති මිනිස්සු ගොඩක් මැද්දේ, ආදරයේ අවසාන ගිනි කූරත් දල්වන ගමන් මම පුංචි වහලයක් යට ගාල් වුනා..

" මොකෝ දරුවෝ මේ මහ රෑ.. ගෙදර යන්න බස් එක ගන්නද?"

ආයිත්මත් බෝධියේ ඉදන් බස් හෝල්ට් එකට ඇවිත් ඉද්ද ගහලා වගේ කෙලින් ඇස් රතු කරන් ඉන්න මගෙන් එහෙම ඇහුවේ වයසක තාත්තා කෙනෙක්..මම හිනා වුනා මිස උත්තර දෙන්න ගියේ නෑ.. ඔරලෝසු වෙලාව යනවා මට තේරෙන්නේ නැති තරමට මට දුකයි, මට වෙහෙසයි.. ඔයාට ඇයි එන්න බැරි වුනේ.. අපි ආදරේ කලා නම් ඇයි ඔයාට බැරි වුනේ සාදනීය සමුගැනීමක් දෙන්න..

බස් හෝල්ට් එකේම එළිවෙනකන් ඉදලා කියලා තේරුනේ අහස පුරා ආයිත් සායම් ඉහිරෙන්න ගන්නකොට.. කළු ගඟ ඔයාගේ හැම මතකයක්ම විසි කරලා යන්න මට ඔනි.. ඒත් ආදරේ කොහොල්ලෑ වගේ හිතේ හැමතැනම ගෑවිලා.. අහක් කරන්න මට තේරුමක් නෑ..

"පුතේ කැම්පස් ගියා ද?"

අම්මා එවලා තියෙන මැසේජ් එක දැක්කේ ඒ වෙලාවේ.. දැන් බස් එකට නැග්ගොත් අටේ ලෙක්චර් එකට යන්න පුළුවන් වෙයි..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com4tag:blogger.com,1999:blog-6020331272520299580.post-83303180752025267742022-12-17T08:15:00.003-08:002022-12-17T08:15:23.796-08:00තම්බ'ජියා
තටු තෙමිච්ච සලඹයෙක් තට්ටු විස්සක බිල්ඩිමක උඩ ඉදන්, පහළ තියෙන දම්පාට තම්බ'ජියා මල් වැලක් දිහා බලන් ඉන්න හීනේ නිසා බය වෙලා නැගිට්ටුන කීවෙනි පාරද කියලා මට මතක නෑ.. එළියේ මහ වැස්ස "අම්ල වැස්සක් විය හැකි" කියලා මගේ කාමරේට හරියටම සම්මුඛව තියෙන ගෙදර රේඩියෝවෙන් කියනවා යාන්තමට ඇහෙනවා.. "කරදරකාරී, ඝෝෂාකාරී අසල්වැසියෙක්" නොවුනත්, ඒ රේඩියෝව වහලා දාන්න පුළුවන් ද කියලා මට අහන්න හිතෙනවා..ඒත් ඒක කරදර වැඩක්.. ඒක කරන්න දහිරිය එකතු කරගන්නම මට කොච්චර කාලයක් යාවි ද කියලා හිතා ගන්න බෑ..

"ඔයාට නම් ඉතින් මොන ප්‍රශ්න ද අනේ.. මොකෝ ඔයාට ළමයි ඉන්නවා කියලෑ.. තනියෙන් සතුටෙන් ඉන්න එක නෙහ්" කියලා ලඟම යාලුවෙක් කියලා හිනා වුනේ, මම යහපත් වගේම නිදහස් ජීවිතයක් ගත කරන එක ගැන සතුටෙන් ද, නැත්නම් වෙන අදහසකින් ද කියලා හිතන්න , තප්පර වැය කරන්න ගියේ නෑ මම..

තනියම ගෙයක් අරගෙන, තනියම ජීවත් වීමේ නිදහස උපරිමයෙන් විඳින ගමන්, කොරෝනා වලින් අවුරුදු ගාණකට පස්සේ ආයිත් ගෙවල් වලම නිරෝධායනය වෙන්න කියලා අදට මාසයක්.. ලැප්ටොප් එක දිග ඇරගෙන, අලුතින් ආපු වසංගතය නිසා මැරෙන මිනිස්සු ගාණ ගැන ලියන සටහන්, හැඟීමක් නැතිව කියවන එක දිනචරියාවක් වුන එක ගැන අපුලක් තිබුණත්, වෙන මොනවා කියලා කරන්න ද.. ඉඳලා හිටලා ගන්න වීඩියෝ කෝල් එකකින් හම්බවෙන පවුලේ අය, මගේ සෞඛ්‍ය ගැන වද වීම, යුතුකමක් විදිහට මිස වෙන දෙයක් නිසා නොකරන වග මට දැනෙනවා..

සුදු පාට කොළයක් අරගෙන, මොනවා හරි ලියන්න කියලා හිතුනාම, ඔළුව ඇතුලේ හෙන ගෙඩියක් පුපුරනවා වගේ ආපු මුල්ම අදහස, "උඹ සූසයිඩල් නෝට් එකක් ලියලා, මැරියන්" කියන එක.. මේ වෙනකොට ජීවිතේ විඳින්න ඔනි, දුක සතුට දෙකම පදමට විඳලා තියෙන මට, ජීවිතේ අමුතුවෙන් දෙයක් ලැබෙන්න ඇත්තෙත් නෑ..

එළියේ මහ හයියෙන් වහිනවා ඇහෙනවා.. අම්ල වැසි, හිම වැසි, මල් වැසි, මේ හැම වැස්සක්ම සමසිතින් දරාගෙන ඉන්න, බැල්කෙනියේ තියෙන තම්බ'ජියා වැල වැහිකෝඩය එක්ක හිනා වෙනවාදෝ මන්දා..

මීට අවුරුදු ගාණකට කලින්, ආදරේ කියලා මගේ වටේට කැරකුණ වලාකුළු වගේ මිනිස්සු, දැන් මේ වැස්ස වගේ වැටිලා, හිත මහ පොළව වගේ පොඟවලා යන්න ගිහින්..

"ඔයාට පුළුවන් වයසට ගියාම යන්න මහළු නිවාසයකට.." නංගිගේ ලොකු පුතා ඇවිත් දවසක් කියලා ගියා..මම වයසට යන එක පිළිගත්තේ අවුරුදු විසි පහේ දි.. ඒත් ඇත්තටම වයසට යනකොට, ඒ වයසට යාම එක්ක එන හීතල පාළුව ගැන මට ඒ වයසෙදි හාන්කවිස්සියක් තිබුණේ නැහැ.. කේන්දරේ විදිහට අවුරුදු සීයක් ජීවත් වෙන්න ආයුශ තියෙන ගැන මට තියෙන්නේ දැන් නොසෑහෙන්න බයක්..

යාලුවෝ හැමෝම තමන්ගේ චූටි කැඳලි අස්සේ ගුලි වෙලා ඉන්නවා පේනවා.. ප්‍රශ්න, කරදර මැද්දේ වුනත්, ඒ කැඳලි උණුහුම් ඇති කියලා මට හිතෙනවා.. ඒත් මේ තට්ටු පහක් උඩ තියෙන පුංචි කාමරය ඇතුළේ කාලයත්, ජීවිතයත් මිදිලා ගිහින්.. දුක සතුට තරහව වගේ හැඟීම් තුනී වෙලා ගිහින් අමුතු මූසල අළු පාටක් ඉතිරි වෙලා..

"ඔයාට පුළුවන් මැරෙන්න.. ඔයාව නවත්තන්න කෙනෙක් නෑ.. දුක් වෙන්න කෙනෙක් නෑ.." කියලා ඔළුව ඇතුලේ ඉදන් කතා කරන කෙනෙක් කියනවා ඇහෙනවා..ඒත් ඇත්තම කතාව, ජීවත් වෙනවා වගේම මට මැරෙන්නත් මහන්සි ... ඒක කොයිතරම් මෝඩ කතාවක් වුනත් ඒක ඇත්ත..

දොරේ බෙල් එක වදිනවා ඇහෙනවා.. දොර ඇරියාම දැක්කේ තෙමිච්ච බලු පැටියෙක් වඩාගෙන දොර ගාව හිටගෙන උන්න කොල්ලෙක්..

"අන්කල්, මේ බලු පැටියා ස්කීම් එක ඉස්සරහ තෙමි තෙමි හිටියා.. මම ගෙදර ගිහින් අම්මලා මූව තියාගන්න කැමති කරගන්න කන් තියාගන්න පුළුවන් ද ප්ලීස්"

කට කන ගාවට හිනා වෙන ගමන් කොල්ලා, තෙමිච්ච කුක්කාව මගේ අත උඩින් තිබ්බා..

තම්බ'ජියා වැල හයියෙන් හිනා වෙනවා ඇහෙනවා.. කාමරේ හිම දියවෙන්න පටන් ගෙන..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com3tag:blogger.com,1999:blog-6020331272520299580.post-65289796193828496362022-07-23T09:41:00.003-07:002022-07-23T09:41:51.263-07:00බහු
ගොරෝසු ජනෙල් රෙදි වලින් අකුණු වල ඇස් කණ වෙන එළිය නවත්තන්න අමාරුයි. කොහෙටද කියලා නොදන්නවා වුනාට, ලඟපාතකට අකුණක් වැදුනා කියලා හිතුනේ මුළු ගෙදරම එක පාරට කළුවරේ ගිලිලා ගියාට පස්සේ.. ඒත් තාමත් ගැහිගැහී පත්තු වෙන, මැද සාලේ පත්තු වෙන බුදු පහනේ එළිය, අපි දෙන්නාගේ කාමරේට පේනවා..

"මම ගිහින් පහන නිවලා එන්න ද? හුලඟට පෙරලුනොත් එහෙම.."

මම එහෙම අහන ගමන් සරත්ගේ පපුව හෙමින් අතගෑවා..

"මේ කළුවරේ ඇඳෙන් බැහැලා විකාරේ ඇවිදින්න යන්නේ නැතිව ඉන්න.. අනික බුදු පහන එහෙම නිවන්න හොද නෑ නෙහ්."

මට සරත්ව නොපෙනුනත්, එයා කතා කලේ තරහින් වගේ කියලා මට කටහඬින් තේරුනා.. එයාගේ මූණ මේ වෙලාවේ කොයි වගේද කියලා පේන්න තරම් එළියක් නාවත්, සැරෙන් සැරේ එන යන අකුණු එළි වලින් මට එයාගේ දිළිසෙන ඇස් දෙක විතරක් පේනවා..

අපි කසාද බැඳලා අදට හරියටම සතියක් වෙනවා.. යාලුවෝ හැමෝම ලව් කරලා කසාද බදිනකොට, මට ගෙදරින් හොයලා දෙන එකක් බඳින්න වෙන එක ගැන මට පුංචි දුකක් නොතිබුණා කිව්වොත් මට මහ බොරකාරියෙක් වෙනවා.. ඒත්, සරත්ව හම්බෙලා ආස්සරේ කරනකොට, මට හිතුනා බාගදා මෙහෙම හැමදේම සිද්ද වුන එක හොදයි කියලා..

අම්මලාට ඔනි වුනේ කුජ හතට ගැලපෙන මගුලක් මිස වෙන මුකුත්ම නෙමෙයි. සරත්ගෙත් කුජ හතේ නිසා අපි හොදට ගැලපෙනවා කියලා අම්මා දවසක් කිව්වා මතකයි.. සරත් හැමදාම රෑට බෙහෙත් අහුරක් බොනවා.. ඒ බොන්නේ මොනවටද කියලා ඇහුවත්, එයා හිනා වෙලා විහිළුවට වගේ "මැරෙන ලෙඩක් නෙමෙයි බබා" කියලා මඟහරිනවා මිස මුකුත් කියන්නේ නෑ.. මැරෙන ලෙඩ ගැන විතරයි ද කසාද ගෑනි මනුස්සයාගෙ දැන ගන්න ඔනි.. අම්මාට කෝල් කරලා කිව්වාම මේ ගැන එයා කිව්වේ, "ඒ මිනිහ ඔනි වෙලාවට කියයි.. උඹ අම්මණ්ඩි නොවී හිටපන්" කියලා..

වැස්සේ හීතලයි, වැස්සේ සද්දෙයි නිසා ද මන්දා මට දන්නේම නැතිව නින්ද ගිහින් තිබුණා..උගුර, තොල් ඩෙසිකේටරයක දාලා වගේ වේලිලා කරවෙල වගේ දැනිලා මම නැගිටින කොටත් හැමතැනම කළුවරයි.. මම සරත් නිදාගෙන ද බලන්න ඇඳ අතපත ගෑවත් සරත් ඇඳේ හිටියේ නෑ..

මම කාමරෙන් එළියට ගිහින් ලයිට් එක දැම්මා මැද සාලේ.. දෙයියනේ කරන්ට් එක ඇවිත් තිබුණා..මම කුස්සියට යනකොට දැකපු දේ නිසා මට ක්ලාන්ත නොවුන එක විතරයි.. සරත් නිල් පාට ගවුමක් ඇදගෙන තේ හදනවා.. මම හිටියේ උතුර දකුණ මාරු වෙලා.. මම හයියෙන් " සරත්" කියලා කෑ ගැහුවත්, සරත් මං දිහා ජීවිතේට දැකලා නැති කෙනෙක් දිහා බලනවා වගේ බලන් හිටියා..

"කවුද සරත්? මම ලලිතා.. දූ කවුද මම කලින් දැකලා නෑ නෙහ්?"

මම හිතන්නේ මගේ කකුල් දෙක පණ නැතිවෙලා මාව ඇදගෙන වැටුණා.. සරත් හිනා වෙවී තේ හදලා තේ දීසියකින් වහලා කුස්සියෙන් එළියට යනකොටත් මම හිටියේ මොකද වුනෙ හිතා ගන්න බැරිව බිම ඉඳගෙන.. මම මාවම කොනිත්තගෙන බැලුවේ හීනයක් නෙමෙයි කියලා හරියටම දැන ගන්න..

සරත් ආයිත් කුස්සියට ආවේ සරම ඇඳගෙන.. එතකොට මම අඬන්න පටන් අරන්.. සරත් ඒත් මාව අඳුනගත්ත පාටක් පෙනුනේ නෑ..

"නංගි මොකෝ අඬන්නේ.. මොකද වුනේ?"

කියලා අහපු සරත්, මගේ අතින් අල්ලගෙන නැගිට්ටලා පුටුවක වාඩිකළා..

"මේ මහ රෑ ඇයි මෙහෙට ආවේ? කරදරයක් වුනා ද ඔයාට"

මම සරත් දිහා තුෂ්නීම්භූත වෙලා බලාගෙන හිටියා මිස මුකුත් කියන්න ගියේ නෑ..

"මම අකලංක.. නංගිගේ නම?"

මම ආයිත් අඬන්න පටන් ගත්තා.. සරත් මාව එක්කන් ගිහින් සෝපාවක නිදි කරවලා එයා ඇඳට ගිහින් නිදාගත්තා..

පහුවෙනිදා සරත්ගෙන් මේ ගැන අහන්න හිතන් හිටියාට, මම නැගිටිනකොට සරත් වැඩට ගිහින් .. අම්මාට කෝල් කලාම අම්මා කිව්වේ ගෙවල් ආරස්සා කරලා නැති නිසා අමුනුස්ස දෝසයක් වෙන්න ඇති, ඒ නිසා පිරිත් කියලා නිදාගන්න කියල..

සරත් ගෙදර ආවාට පස්සේ හැසිරුනේ කිසිම දෙයක් නොවුන විදිහට.. වෙනදා වගේම හොදින් මාත් එක්ක කෑම කාලා ඇඳට ගියේ නිදාගන්න.. ඒත් මට නින්ද ගියේ නෑ..

සරත් එක පාරට ඇඳෙන් නැගිට්ටා මැද සාලෙට ගියා.. මම ටික වෙලාවක් එහෙම්ම ඇඳේ ඉදල මාත් මැද සාලෙට ගියා.. සරත් සිගරට් එකක් බොනවා..

"නංගි ඔයා කවුද?"

"මම සමන්ති"

"මම අකලංක"

සරත් මාත් එක්ක හිනා වුනා.. මගේ ඔලුවේ අම්මා කියපු අමුනුස්ස කතාව වැඩ කරන නිසා ද කොහෙද මට එයා ලඟට ගිහින් ඉඳගන්න බය හිතුනා..පැයක් ගෙවිලා යන්න ඇති.. සරත් මම කවදාවත්ම අහලා නැති පලාතක විස්තර කිව්වා.. එයා පත්තර වලට ලියනවලු.. සරත් නම් මම පත්තර කියවනවා වත් දැකලා නෑ.. ඒම පැයක් විතර ගියාට පස්සෙ සරත් එක පාරට අඬන්න පටන් ගත්තා..

"මට සමාවෙන්න සමන්ති"

මම දන්නේ නෑ මොනව කියන්න ද කියල.. මුළු ගෙදරටම ඉන්නේ අපි දෙන්නා විතරක් වෙච්චි, මම හිටියේ ඔනි එකක් වෙද්දෙන් කියලා හිත හදන්..

සරත් එතකොට තමා කිව්වේ බෙහෙත් බොන්නේ මොනවටද කියලා.. Multiple personality disorder කියලා ලෙඩක් ගැන අහලා තිබ්බත්, එහෙම කෙනෙක් කසාද බඳින්න වෙයි කියලා මම හිතුවේ නෑ කවදාවත්... අමුනුස්ස බය ඒ කතාවත් එක්ක චුට්ටක් අඩුවුන නිසා මම සරත්ව ගිහින් තද කරලා බදාගත්තා..

අද අපේ හත් වෙනි ඇනිවසරි එක.. අකලංක මාව සරත්ට වඩා තේරුම් අරන් ඉන්නවා වගේ මට හිතෙනවා.. සමහර වෙලාවට ලලිතා මගේ කොණ්ඩේ ගොතනවා.. මම අම්මලාට ආයිත් මේ ගැන කියන්න ගියේ නෑ..එකම මනුස්ස සරීරයක් ඇතුලේ එක මනුස්සයෙක් ඉන්නෙත් කොච්චර අමාරුවෙන් ද.. සරත්ට කොච්චර අමාරු ඇති ද කියලා නම් නිතර හිතෙනවා.. ඒත් මට අකලංකට නම් යන්න දෙන්න හිතන්නේ නෑ.. අපි දෙන්නා විතරක් ඉන්න ගෙදර , දැන් පස් දෙනෙක් ඉන්නවා දැනෙනවා..

ප.ලි-

ගොඩක් කාලෙකින් ලිව්වේ.. වැරදි කමත්වා!

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com12tag:blogger.com,1999:blog-6020331272520299580.post-41199171885315300622022-05-26T06:58:00.003-07:002022-05-26T06:58:18.206-07:00හරිත සානුව
"ඔයාගේ මූණේ මේ සම්බන්ධය නවත්තපු එක ගැන දුකක් ගෑවිලාවත් නෑ.. මට සැකයි, ඔයා මට ආදරේ කලා ද කියලා."

බාබන්දේසියා මකරන්දයේ ගිලුණ

විසල් ගිරිදුර්ග යුවලක තුරුල්ලේ

හරිත පැහැ සානුවක නිදැල්ලේ

ඔබ වැතිර සිටින යුරු නරඹමි..

දෑස් ඉදිමී අඳුරු පැහැ වී

කඳුළු බේරී කම්මුල් තෙමී

"දුක නැද්ද ඉතින් තමුන්ට"

වලාකුළකින් අසනවා

ඇහෙනවා මට..

ඔබේ කඳුළු කරමතට ගෙන

මල් සුවඳ කම්මුලේ නවතමි,

ඔබට දුක බව හොදින් දැනදැන

කඳුළු කැට වලාකුළකට පවරමි..

මේ බිඳුණ හිත නොපෑහෙන,

විසිණු වුන කැඩපත් සියයක

දුක නේක වර්ණයෙන් දිලිසෙන,

දන්නේ නැහැ දුක් වෙන්න මම

ඔබට පේන්නට.

වලාකුළු පාවෙනා සැහැල්ලුව

ඔබට පෙනෙන්නේ එපමණය,

කුණාටුවක් තරම් දුක් කඳුළු

වලාකුළු මත හලා ඇත්තේ මමය..

පා වෙමි ඔබ සිටින

හරිත සානුවෙන් ඈතට,

කුණාටුවක් ව වැටෙන්නට

තෙරක් නැති සාගරේ මතට..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com0tag:blogger.com,1999:blog-6020331272520299580.post-76700867956140716932022-05-14T08:14:00.003-07:002022-05-14T08:14:30.569-07:00ප්‍රේමයේ විෂ

මම මේ සම්බන්ධය පටන් ගන්නේ මඟ නතර කරලා යන්න නෙමෙයි."

චිත්‍රපටයක වගේ, ලස්සන කහ පාට මල් වත්තක් මැද සුදු දිග රැළි ගවුමක් ඇඳගෙන, මම හිත යටින් නටට හිටියේ.. නරක නපුරු හිවල්ලු කිහිප දෙනෙක් සූරලා කෑලි කරපු, කාලයත් එක්ක ඒ තුවාල පෑස්සුන හදවත මම එයා අතින් හෙමින් ගෙනත් තිබ්බා..

"මම ඔයාට මෙච්චර කාලයකට සිද්ද වෙච්චි හොඳම දේ වෙන්නම්" කියලා සුදීෂ මගේ අත හෙමින් ඉඹින ගමන් ෆෝන් එකේ සශිකාගේ සිංදුවක් ප්ලේ වෙන්න දැම්මා මතකයි.. මට කියන්න අමතක වුනා.. මේ හැමදේම සිද්ද වුනේ පුංචි කාමරයක් ඇතුලේ.. රළු ජනෙල් රෙදි වලින් එලිය ඇබින්දක්වත් කාන්දු වෙන්නේ නැති, "ගිඩි ගිඩි" ගාලා ගැහි ගැහී කැරකෙන සිවිලිම් පංකාවක් තියෙන පොඩි කාමරයක් ඒක.. දවල් දොළහා වුනත් ඒ කාමරේ දොර වැහුවාම හැන්දෑ හය වගේ කෙඩෑරි එලියක් විතරයි ඉතිරි වෙන්නේ.. ඒ මද එළියේ දිලිසෙන එකම දේ වුනේ සුදීෂගේ ඇස්..

ශීත කාලේ ඉවර වෙනව එක්කම ශීත කබා ගලවලා වීසි කරන පුංචි කෙල්ලක් වගේ, ආදරේ ගැන තිබ්බ නරක මතක ඔක්කෝම බිමට අතෑරලා, වසන්තය තියෙන දිහාවට මම පිස්සුවෙන් වගේ දුවමින් හිටියා.. සුදීෂගේ ආදර වෙරළේ රැල්ල පාගමින්, හිනහෙමින් හිටිය මට, තව මුහුද දිහාවට ඇවිදන් ගියොත් ගිලිලා මැරෙයි කියන එක ගැන හාංකවිස්සියක් තිබුණේ නෑ.. "මෙච්චර ආදරේයි ලැබෙනවා නම් මැරිලා ගියත් මොකද" මම හිතුවේ එහෙම..

දවස් පුදුම වේගයෙන් ගෙවිලා ගියා.. සුදීෂ නිතර මූණ එල්ලන් ඉන්න පටන් අරගත්තා.. "ඔයා ඇයි මම ඔයාට ආදරේ තරමට, මට ආදරේ නැත්තේ?"

වලාකුළු උඩ හිටිය මම, එක පාරට බිමට කඩාගෙන වැටුනේ ඒ වෙලාවේ..මගේ ආදරේ ඉතිරි ඉතිරි පිටාර යන හදවත දිහා බලාගෙන මම සුදීෂ දිහා බලන් හිටියේ , මීට වඩා මම මොනවද කරන්න ඔනි කියලා හිතා ගන්න බැරිව..

සුදීෂ දවසක් කාටත් හොරෙන් මගේ ෆෝන් එක අරගෙන යාලුවන්ගෙයි මගෙයි කතා බහ කියවන්න පටන් අරන් තිබුනා.. "ඇයි ඔයා එහෙම කරන්නේ" ඇහුවාම කිව්වේ "ඔයාට මට හංගන්න දෙයක් නෑ නම් මම බැලුවාම මොකද" කියන උත්තරය.. මම හිනා වුනා.. මුල් දවසේ දුන්න පොරොන්දුව රැකගන්න ගොඩක් දේවල් ඉවසන්න වෙනවා කියලා මම දැනන් හිටියා..

දවසින් දවස සුදීෂ මගේ කියලා තිබ්බ හැමදෙයකම ඉඩක් හොයන්න ගත්තා.. "ඔයාට කියලා විතරක් දේවල් ඔනි නෑ.. මම හැමදේම දැන ගන්න ඔනි" කියලා හැමදෙයක්ම වගේ ඉව කරන්න පටන් ගත්තා.. මම මටම කියලා ගොඩ නගාගත්ත මගේ "සුවදායි සීමාව" ඇතුළටත් ආපු සුදීෂ, ඒ පුංචි සීමාව ඇතුළෙවත් මට "මම" වෙන්න තිබ්බ ඉඩ ඇහිරුවා.. මේ හැමදේම මැද්දෙන් ආදරේ තවමත් ගලාගෙන යමින්..

"ඔයා ඇයි මේ යාලුවෝ එක්ක මෙච්චර කතා කරන්නේ.. ඔයාට ඒ වෙලාවේ මට කතා කරන්න පුළුවන් නෙහ්.. යාලුවන්ට කතා කරන්න ඔනි නෑ" කියලා සුදීෂ කියනකොට, මට තරහ වගේම දුක හිතෙන්න පටන් අරන් තිබුණේ.. ආදරේ දෙගොඩ තලා ගිහින් මට මගේ හිතේ නිදහස කියන පුංචි තැනිතලාවත් අහිමි වෙලා නේද කියලා හිතෙන්න පටන් ගත්තා..

කොයි පැත්ත බැලුවත් හිටියේ සුදීෂ.. සමහර දවස් වලට රෑ දොළහට වැඩ ඇරිලා ඇවිත් හොදට නිදන් ඉන්න මාව ඇහැරවලා, එයාගේ ආදරේ මගේ ඔඩොක්කුවෙන් අතෑරලා හිනා වෙනවා.. මට නිදාගන්න වුවමනා වුනත්, අමාරුවෙන් ඇහැරන් ඉන්න හදනවා..

"තමුසේ මට හොරෙන් මිනිස්සුත් එක්ක එහෙමෙහෙ යනවා " නේද කියලා බැන අඬගහන දවස් එන්න එන්නම වැඩි වෙන්න ගත්තා.. මම දරාගන්න බැරි දවස් වල අඬාවැටෙනකොට එයා "තමුසේ කොච්චර කිව්වත් මට විස්වාස නෑ " කියලා යන්න යනවා..

ආදරේ තාමත් එයාගේ ඇස් වල ඉතිරි වෙලා තියෙනවා මට පෙනුනා.. ඉවසන් ඉන්න පුළුවන් කියලා මම මටම කියා ගත්තා..

"විස්වාසේ නැතිවත් ආදරේයි තියේවි ද" මම ඉවසගන්න බැරි තැනකදි සුදීෂගෙන් අහනවා.. එතකොට "විස්වාස නැති වුනාට ආදරේයි.. ඒකයි මම ඉන්නේ" කියනකොට, හීනෙන්වත් නොකරපු වැරදි කියකියා සූරන පපුව, හෙමින් අතගාගන්නවා.. තව ටිකක් ඉවසනවා කියලා හිතනවා..

ඉවරයක් නැති සැකයෙන් මාව වැස්සට කඩදහියක් වගේ පෙඟිලා ගිහින් තිබුණා.. මට මාවම නැති වෙලා ගිහින් වගේ දැනුනා.. ආදරේ ඉස්මොල්ලේ යමින්, කහිමින් මම ඉවසන් හිටියා..

"මට උඹව අප්පිරියයි" කියලා සුදීෂ කියපු දවසේ තීරණය කළා ඉවසීම නතර කරන්න.. සුදීෂ ඇඬුවා.. මාත් ඇඬුවා.. සුදීෂ කිව්වේ මම එයාට අසාධාරණයක් කලා කියලා .."කෝ ඔයා හැමදාම ඉන්නවා කියලා දුන්න පොරොන්දුව" කියලා අහනකොට, මම වීදුරු කටු වලට සීරුණ හිනාව එයාට පෙන්නුවා..

සුදීෂ සාප කලා එයා මං වෙනුවෙන් කැප වුනා ඒත් මම ගුණමකු වුනා කියලා.. මට හිතෙනවා මම බාගදා වැරදි ද කියල... තවත් සුදීෂගේ ආදරෙන් පෙඟිච්ච් අත්තටු එක්ක මට පියාඹන්න අමාරු විත්තිය මම දැනගෙන හිටියා..

දැන් එළියේ හොදටම වහිනවා.. උණු කෝපි කෝප්පයක් ඇතුලේ මම ගිලිලා පොතක් කියවන ගමන්.. එදා සුදීෂ ප්ලේ කරපු සශිකාගේ සිංදුව මට ඈතින් ඇහෙනවා.. ආදරේ කියන එක කොච්චර සංකීර්ණ ද..

මම මට මුලින්ම ආදරේ කරන එක ඒ තරම් ලොකු වැරැද්දක් ද?

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com1tag:blogger.com,1999:blog-6020331272520299580.post-58743141811741917342022-02-20T09:44:00.005-08:002022-02-20T09:44:31.539-08:00පෙබරවාරියේ සටහන්
රොබරෝසියා පිපෙන්න පටන් අරගෙන.. ජනේරුවේ සීතල හෙමින් ඈතට පාවෙලා යනකොට, විජේරාමයේ ඉන්න රොබරෝසියා ගස්, කොළ පාට කබාය ගලවලා, ළා රෝස පාට කබායක් පොරවගන්නවා.. මීට අවුරුදු හතරකට කලින්, කැම්පස් ආපු මුල්ම දවස් වල, පොත් අස්සේ දාපු රොබරෝසියා මල් ඉලඟ බැජ් එකට අතින් අතමාරු වෙලා ගිහින් දැන් කොහේ කොතැනක නතර වෙලා ඇද්ද කියලා හිතා ගන්නවත් අමාරුයි.. ඒ රොබරෝසියා දිහා බලාගෙන, පළවෙනි වසරේ මවපු පුංචි හීනයක්, අන්තිම වසරේ අන්තිම දවස් ගෙවමින් ඉන්න කාලෙක ඔයා ඇවිත් හැබෑ කරනවා..

දුක හිතුනාම බර වෙන්න උරහිසක්, සතුටු හිතුනාම තුරුල් වෙන්න පපුවක්, ඇස් හීනි කරලා හිනාවෙන ඇස් දෙකක්.. ලොකු ලොකු හීන ආදර ගිණුමට කවමදාවත් බැර වුන දේවල් නෙමෙයි.. "මට ආදරේ නම්, මාව විස්වාස නම් ඊට එහා මුකුත් ඔනි නෑ" කියන දේ මන්තරයක් වගෙ හිත යටින් කියමින් අවුරුදු විසි පහක් ගෙවිලා ගියත්, එකසිය අට වාරයකට වඩා මිමිණුනත්, හැබෑ වෙන්න විසාල කාලයක් ගිය එක ගැන දුකයි.. කාලයක් ගිහින් හරි හැබෑ වුන එක ගැන සතුටුයි..

විස පිරුණ සම්බන්ධතා ගොඩකට පස්සෙත්, "ආදරේ විස්වාස කරන්න" මට උවමනායි.. සිය වතාවක් හදවත කෑලි කෑලි වලට කැඩුනත්, එකසිය එක් වෙනිවතාවෙදි එහෙම නොවෙයි කියලා විස්වාස කරන්න මට පුළුවන්.. ආදරේ කියන්නේ විසාලම විසාල විස්වාසයක් කියන එක එක හිතින් අදහන එක මෝඩකමක් ද මන්දා.. ඒත් මම ආදරේ කරන්නේ එහෙම..

මට ඔයාගේ හිතේ පැසවෙන තුවාල පේනවා.. ඒ තුවාල ඉක්මනින් හොද වෙන තුවාල නොවෙන විත්තිය මම දන්නවා.. ඒ තුවාල වලට පුංචි හුලඟක් වැදුනත් රිදෙනවා කියලා මම දන්නවා.. ඔයාගේ තුවාල හොඳ වෙනකන් ඉවසීමෙන් මට බලාගෙන ඉන්න පුළුවන්.. අලුතින් ඔයාගේ හිතේ තුවාල ඇති නොවෙන්න වගබලාගන්න මට පුළුවන්.. ඒත් ඔයාගේ හිතේ දැනටමත් තියෙන තුවාල පෙන්නලා, ඒ වගේ තුවාල මම ඇති කරාවි කියලා ආයිමත් ආයිමත් කියනකොට, වලාකුළු හතකින් බිමට කඩාගෙන වැටෙන්නේ මම.. මම දන්නේ නෑ ආදරේ කරන කෙනා එක්ක තර්ක කරන්න.. ආදරේ ප්‍රශ්න කරන්න.. සමහර වෙලාවට අඬන්නවත්.. මම දන්න එකම දේ, මම ආදරේ විත්තිය විතරමයි..

ඔයාට නොකිව්වාට,මේ ගෙවීලා යන්නේ ඔයාට වගේම මටත් අමාරුම අමාරු කාලයක්.. සමනල කන්ද තරම් විසාල වැඩ තොගයක් තියාගෙන, ඒ වග නොපෙන්වා ඔයා ගාව ඉන්නේ, ඔයා ගාව ඉන්න එක සැනසීමක් නිසා.. සමහර මිනිස්සු ලඟ ඉන්න එකම හරියට විසාල නුග ගහක් යට ඉන්නවා වගේ.. ඔයත් මට විසාල නුග ගහක්.. හෙවනයි සිසිලයි එක්ක සැනසීම අරන් එන..

මට රණ්ඩු කරන්න දන්නෙ නෑ.. සයන්ස් කරපු ළමයෙක් වුනත්, තර්ක කරකර මම හරි, ඔයා වැරදි විත්තිය ඔප්පු කරන්න තරම් හයියක් නැහැ.. මට ජීවිතේ හරිම මහන්සි.. මට ඔනි සැනසීමේ ඉන්න, හිනා වෙන්න, කතා කරන්න,ආදරේ කරන්න.. කිසිම දෙයක් කතා නොකර පවා ලඟට වෙලා ඉන්න..

ඔයා ආදරේ අමාරුවෙන්, වෙහෙසිලා කරන්න ඔනි නැහැ.. ඔයා ලඟින් හිටන් හිටියත්, ඒ හොඳටම ඇති..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com0tag:blogger.com,1999:blog-6020331272520299580.post-11050905806471279632022-02-15T06:16:00.003-08:002022-02-15T06:16:27.294-08:00 ඒ රහස් කුටිය..

අගුල් දා ඇත කවුළු,

ඇතුළත පිටට නොපෙනෙයි,

ඉර ගිනි ගනිද්දී පවා

මද අඳුරකින් සැරසෙයි.

දක්ෂිණාවර්තව කැරකෙන

ඇතුළත හඬ ගිලින පංකාව,

ඔබේ සුවඳ ඉහිරිලා පෙඟී ගිය

මා නිදන පැරණි ඇඳ ඇතිරිලිය..

අගුල් දාගත් පසු ඇතුළතින්

කාලය සෙමෙන් ගෙවෙන

ඇබින්දන් ලෝකයක් ඉපදෙයි.

ඔබ උරහිස තැනිතලාවකි,

මා ළය ඔබට උණුසුම් කබායකි,

ආදරේ යැයි නොකියනා තප්පර නැති,

ඔබ තුරුල්ලම විසල් කතාවකි.

ඔබ පිටව යනවිට

මේ රහස් කුටියෙන්,

දැවෙයි හද, රිදෙයි ඇස් කෙවෙනි,

අතින් අල්ලා නවත්තනු නොහැකි,

දිනකට හෝ වෙන්වීම

දරන්නට බැරි දුකකි.

ආදරේ ඉතිරිලා වැගිරෙන

ඇස් වලට එබිඑබී සිඹිමි,

රහස් කවුළුවෙන් එපිට, අපට,

ආදරේ නම් තහනම් වචනයකි.
අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com3tag:blogger.com,1999:blog-6020331272520299580.post-32181695413219922042022-01-24T18:07:00.004-08:002022-01-24T18:07:53.184-08:00ජර්බරා

මෘදු සියුම් සුවඳක්ව තැවරී

මා වෙලෙන ඔහු දෑතේ දැවටී

මා සොයා පැමිණි,

දැක තිබුණ මුත්

නම නොදත්

මිතුරිය.

සිය දහස් දුර ඇවිද

පා රිදුම් දෙන තුරු වෙහෙසව,

මල් නොපිපෙනා මේ සෘතුවේ

ඔහු ඔබ සොයාගෙන පැමිණ ඇත.

"ඔයා ආසයි නේද මල් වලට"

ඔහු එබෙයි මා ඇස් වලට,

ඔබ මා අතින් තමා හනිකට

මා හාදු වැස්සක ගිල්වන.

ජර්බරා මිතුරිය,

ඔබ සුවඳ ඔහු සිහිකරන,

ආදරේ දේදුණු පැහැ තවරාන

හදවත මත පෙති සලන.

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com2tag:blogger.com,1999:blog-6020331272520299580.post-33760005532429380702022-01-16T08:55:00.003-08:002022-01-16T08:55:38.701-08:00මල් උයන
"ඔයා මට ආදරෙයි නේද?"

මේ උයන,

කල්පයක සිට මල් නොපිපෙන,

දහක් වැසි ඇද වැටුණ,

සිය දහසක් සෘතු

කඳුළු හා හුවමාරු කළ.

"නිසරු පස නිසා හැමදේම,

වල් ගසකවත් මල් නොපිපෙන අරුම"

නොරැදෙයි කිසිවෙක්,

රැදෙන්නට හේතු නැත කිසිවක්,

ඒ ඔබ පැමිණෙන්න ඉස්සර!

විස කටු ඇනිඇනී සියොලඟ ,

කටු පඳුරු ලඳු කැලෑ එලිකර,

වලාකුළු සිහිනයක් දියකර,

ඔබ මල් සිටවන්න වෙහෙසෙන.

කල්පාවසානය දෝ සිතුනි,

එක රෝස මලක් එහි පිපුණි.

ඔබ විමසන විට උයනෙන්

"ආදරේ කාට දැයි වැඩියෙන්"

තුරුල් කරගනු විනා රෝස මල

වචන විසි කරනු කිම මල් උයන..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com2tag:blogger.com,1999:blog-6020331272520299580.post-83056435832335364032021-11-24T07:56:00.003-08:002021-11-24T07:56:12.198-08:00ආදරේ බර
"ඔයා ඔච්චර දුරක නොහිටියා නම්, මට දුවලා එන්න පුළුවන් දුරක හිටියා නම්, බාගදා අපිට ආදරේ කරන්න පටන් ගන්න තිබ්බා."

-කෙටි පණිවිඩයක්-

තනිකඩ හදවතක්

තප්පර කටුවෙන් සිදුරු විය,

මා සුවෙන් නිදන විට

ඔබ අවදියෙන් මා සොයන..

මුහුදු කිහිපයක් දුර

ඔබ 'අලුත්' ලෝකයක

තනිව,

ඉපැරණි මැයි ගහක් යට

මම ඔබට ලියන්නට

කවි ඇහිඳින..

ලැවෙන්ඩර් සුවඳින් පෙඟුන

සුලඟ අත එවිය නොහැකි ද,

දිවා රෑ නොබලා පියඹන

සලඹයෙකු අත එවිය නොහැකි ද,

අත්ලාන්තික් දළ රළ අතර

සිප්පි කටුවක පා කළ නොහැකි ද,

ඔබ දන්න,මම නොදන්න,

ආදරේ ඒ තරම් බර ද?

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com5tag:blogger.com,1999:blog-6020331272520299580.post-31666037963127215992021-09-24T09:50:00.003-07:002021-09-24T09:50:42.811-07:00කුඩා දිය කිඳුරිය
"In the end, when she cannot bring herself to kill the prince with the dagger, she prepares to throw herself into the sea. "

- little mermaid-

ගී කියූ මා හඬ අතැර,

ඔබ සොයා ඒමට

දෙපා උගසට ගතිමි.

පිහිනා යනු විනා දියඹට,

කඳු හෙල් තැනිතලා නුහුරුය,

සිතියම් නොමැත මා අත,

ඔබ සිටින්නේ කොහෙද, කොතැනද,

පෙම්වත, නොදනිමි ඉතින් මම.

රෝස කටු, කුඩා ගල් පතුරු,

ඇනී රිදුම් දෙයි දෙපතුල,

කියවාගත හැකි වෙයි ද ඔබට

මේ රිදුම් අතරින් ඇස් වල

ලියවී ඇති ප්‍රේමය.

ආදරේ හලාහල විෂ ඔඩම,

මා අත්ල මත තබා ඔබ නික්මෙන,

ආපසු යනු නොහැක මුහුදට,

මේ මහ පොළවද

නොවෙයි මට නිවහන.

නොවිය යුතු දෑ සිදුවෙයි

ලෝකය නොනැවතී කැරකෙයි,

ආදරේ හඬ නොනගන ඉකියක්ව

මුහුදු විලාපයක සැඟවෙයි.

ඔබ නිසා සියලු දේ අහිමිව,

බිඳුණු හදවත අතැතිව,

පෙණ පිඬක් වී දියව යමි සදහට.

ආදරේ මේ තරම් දරුණු ද,

සාගරේකට දරන්නට බැරි

තරමට!!

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com3tag:blogger.com,1999:blog-6020331272520299580.post-47537001563500960432021-08-26T12:57:00.000-07:002021-08-26T12:57:00.362-07:00නිරෝධායනය
එළියේ අහස මහ පොළවට කඩන් වැටෙනවා ඇහෙනවා.. "නිරෝධායනය වන නිවසකි" කියලා ගේට්ටුවේ ගහලා ගියපු කොළ කෑල්ල දිය වෙලා ගිහින් ඇති මේ වැස්සට.. කොළේක ලියා ගත්ත කාලසටහනකට දුම් අල්ලන්න ඔනි.. පස්වගේ තම්බන්න ඔනි..සමහර ප්‍රශ්න ආවාම "අනේ මාව මැරිලා යනවා නම්" කියලා මට හිතිලා නෑ කියනවා නම් බොරු..ඒත්, කවුද කැමති මේ විදිහට මැරෙන්න..

මට මතකයි කුමාර මගේ උරහිස උඩ ඇස් පියාගෙන නිදාගෙන ඉන්නවා.. ඒ වගේ වෙලාවට එයා අහන්නෙ පිස්සු ප්‍රශ්න.. "ඔයා හිතන්නේ මම ඔයාට කොච්චර ආදරේ කියල ද?", " ඔයාව මට කරේ තියන් අර ෆිල්ම් වල වගේ කන්දක් නගින්න බෑ කියලද ඔයා හිතන් ඉන්නේ?" වගේ ඕලෙවල් කාලේ ලව් ප්‍රශ්න.. දවසක් ඇහුවා "ඔයාට පියාඹන්න හම්බුනොත් මොකෝ කරන්නේ" කියලා.. ඇත්තටම මට පියාඹන්න හම්බුනොත් මොකෝ කරන්නේ කියන එකට ලස්සන පැහැදිලි උත්තරයක් තිබුනේ නෑ.. බාගදා මම ඔහේ පියාඹ පියාඹ ඉදීවි.. මන්දා, මට තාම හිතා ගන්න බෑ උත්තරයක්.. ඒත්, කුමාර කිව්වේ එයාට මාවත් අරන් එයාට මාව කසාද බදින්න පුළුවන් රටකට පියාඹලා යන්න ඔනි කියලා.. මේ වෙනකොටත් එකට ජීවත් වෙච්ච අපිට, අමුතුවෙන් මොන් කසාද කියලා මම අහලා හිනා වුනා..

කුමාරට හුස්ම ගන්න අමාරු වෙනකොට පාන්දර දෙකයි.. ඇම්බියුලන්ස් එක ආපු ගමන් කුමාරව දාගෙන යන්න කලින් එතන හිටපු කෙනෙක් "මෙයා ඔයාගේ කවුද?" කියලා ඇහුවාම, මට දෙන්න උත්තරයක් නැති වුනා.. ඇත්තටම මම කවුද.. "මම යාලුවෙක්" කියලා කිව්වේ විනාඩි ගාණක් හිතලා..

කුමාර ඉස්පිරිතාලෙ ගිහින් හොදින් ඉන්නවා කියලා මට කෝල් කලා පළවෙනි දවසේ.. එයා කෝකටත් එයාලගේ ගෙදර අයට කියලා තිබ්බා මේ අසනීපේ නිසා ඉස්පිරිතාලෙ වග.. "ඔයා බය වෙන්න එපා.. ගෙදර අය ඉන්නවා නෙහ්.. එයාලා මං ගැන පුළුවන් විදිහට බලයි.. ඔයා මහන්සි නොවී ඉන්න" කුමාර අන්තිමට කෝල් කලාම මට කිව්වෙ එහෙම..

ඉලඟ දවසේ කෝල් කලාට කුමාරගේ ෆෝන් එක වැඩ කලේ නෑ.. මම හිතුවේ බැටරි බැහැලා ඇති කියලා.. මම ආයිත් හවස කෝල් කලාමත් වැඩ කරපු නැති නිසා කුමාරගේ අම්මාට කෝල් එකක් ගත්තා..

"ඇන්ටි, කුමාරට කොහොමද දැන්?"

එහා පැත්තෙන් ඇහුනේ මහලතනියක්.. මට දැනුනේ ලෝකේ එක පාරට නතර වුනා වගේ.. මම හිතන්නේ ටික වෙලාවකට මගේ පපුව නවතින්න ඇති.. ආයිත් පියවි සිහියට එනකොට ඇස් දෙක පුපුරකා කඳුළු කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.. එයා ගැන මට කියන්න තරම් වත් ඉස්පිරිතාලෙට උවමනාවක් තියෙන්නේ නැතිව ඇති.. නිකන්ම "යාලුවෙක්ට" ඔය දේවල් කියලා වැඩක් නෑ කියලා එයාලා හිතන්න ඇති.

ෆේස්බුක් එකට ගියාම තම දැක්කේ කුමාරගේ යාලුවෝ හැමෝම සුදු කොඩි වෝල් එක පුරාම ශෙයාර් කරලා තියෙනව.. හැමෝම කුමාර එක්ක තිබ්බ හොද මතක ගැන ලියලා නිවන් සුව පතලා තිබ්බා..

මගේ පපුව ගැලවිලා බිම වැටෙන්න තරම් රිදෙනව.. දුක කියන්න, දුක බෙදගන්න අතට අහුවෙන සීමාවේ මිනිස් පුළුටක් නැති කොට, ඇඟ පුරාම ඒ වේදනාව කටු අනිනවා වගේ දුවනවා.. කුමාර ඉස්පිරිතාලෙ යන්න කලින් ඇඳන් හිටිය සරම තාමත් ඇඳ විට්ටමේ තියෙනවා..

තමන් ආදරේ කරපු මිනිහාව දෑහටවත් නොදැක සදහටම නැති වෙලා යනකොට, ඒ දුක බෙදාගන්න මේ ලොකේ මිනිස් පුළුටක් වත් නැති වෙලා යනකොට, ලෙඩ වෙලා දුර්වල වෙලා ඉන්නකොට, කෑ ගහලා අඬාගන්නත් වාරු නැති වෙලා යනවා..

ෆේස්බුක් මැසේජ් වල "උඹේ යාලුවා නැති වෙලා නේද?" අහන මැසේජ් පපුවට කටු අණිනවා වගේ.. ඒ මගේ යාලුවා විතරක් නෙමෙයි කියලා කියන්න බැරිව හිත අස්සේ දාහක් දේවල් පිපිරෙනවා දැනෙනවා..

අනේ එකම පාරක් බලන්න තිබ්බා නම්, එකම එක පාරක් ඉඹින්න තිබ්බා නම්.. ඒ දවස් වල අහපු මෝඩ ප්‍රශ්න වලට දැන් මට උත්තර තියෙනවා කියලා කියන්න තිබුණ නම්..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com1tag:blogger.com,1999:blog-6020331272520299580.post-63507415695828834122021-08-12T12:09:00.004-07:002021-08-12T12:09:55.805-07:00කසාදය
අවුරුදු දෙකක් තිස්සේ , 'ගෙදර' කියලා කියලා හිතන් හිටිය තැන අතෑරලා ඇවිත් අදට දවස් දෙකක්.. කළඹලයෙන් බෑග් එකට දා ගත්ත ඇඳුම් අස්සේ, වැරදිලා සුපුන්ගේ කමිසයක් ඇවිත් තිබුණා..මම ආසම ඕගන්දි ගවුම මඟහැරිලා මේ වැඩකට නැති කමිසයක් අරන් ආව එක ගැන මට මතක් වෙනකොටත් තරහයි..

කුලියට අරන් ආපු ෆ්ලැට් එක, තවම ගෙදර කියලා මට හිතෙන්නෙ නෑ නේද කියලා ඔළුවට කල්පනා වෙනවා.. තුන්වෙනි තට්ටුවට ඇඳක් උස්සගෙන එන්න බැරි තරම් මහන්සි නිසා තවම මෙට්ටේ තියෙන්නෙ බිම..එක අතකින් එහෙම තියෙන එකත් ලේසියි නේද කියලා කල්පනා වෙනවා..කලින් මේ ෆ්ලැට් එකේ පදිංචි වෙලා හිටිය කට්ටිය,ගෑස් ලිප දාලා ගිහින් තිබුණ නිසා උයා පිහා ගන්න එව්වාට කරදරයක් නෑ.. බැල්කෙනියට ගිහින් පහළ බැලුවාම පේන ගිනිපෙට්ටි වගේ ගෙවල් ඇතුළේ,එක පොදියට පොඩි එවුන්, මහ මිනිස්සු ගෑනු කිටිකිටියේ ජීවිත ගෙවා ගන්න දඟලන හැටි පේනවා.. ඈත බැලුවාම පේන්නෙ මහ මුහුද.. ඈතින් පාවෙලා කොළඹ වරායට ( මම හිතන විදිහට) යන නැවක් පේනවා.. ඉර මහ මුහුදේ දිය වෙලා ගිහින්.. ඉතිරි වෙච්ච රාස්සිගේ අව් රස්නේ ජනේල වීදුරු වලින් සෝපාව උඩ තෙත් කරනවා..

උයන්න කම්මැලි නිසා ඌබර් දාලා මොනවා හරි කන්න ගෙන්න ගන්න ඔනි කියලා හිතුන නිසා, ෆෝන් එක අතට ගත්තාම තමා දැක්කේ යශෝ ගේ මැසේජ්..

"මම දන්නවා උඹට මට සමාව දෙන්න බැරි විත්තිය.. ඒත් ඒක මම හිතාමතා කරපු වැරැද්දක් නෙමෙයි"

මැසේජ් එක දිහා බලන් ඉන්නකොට, ආයිත් පපුව මැද්දේ නිවිලා තිබ්බ ගිනි ගොඩේ ගිනි පුපුරු ඇවිස්සෙනවා දැනුණා.. ගිනි රස්නෙට හිත උතුරලා ඇස් වලින් ගලන්න පටන් ගත්තත්, කම්මුල් දිගේ ඔහේ දිය ඇල්ලක් වගේ කඩා වැටෙන්න ගත්තත්, දැන් මට ගාණක් නැහැ.. කාට පේන්න ද..කවුරු සනසන්න ද..

යශෝව මම දන්නේ පොඩි කාලේ ඉදන්.. අපි ඉස්කොලේ ගියේ එකට.. කැම්පස් ගියේ එකට.. හොදම යාලුවා පට්ටම "උඹ මගේ හොදම යාලුවා" කියලා කටින් නොකිව්වාට, නිතරඟයෙන්ම ඒ තැන අයිති වුනේ යශෝට.. යශෝයි මායි කැම්පස් යන කාලේ තමා සුපුන් හම්බුනේ.. සුපුන් මගෙන් කැමැත්ත ඇහුවේ සෙකන්ඩ් ඉයර් එකේ එක්සෑම් ඉවර වෙලා අපි ගෝල්ෆේස් ගියපු දවසක.. ඒ වෙලාවේ සද්ද නැතිව ගෙදර ඇවිත්, යශෝ එක්කත් කතා කරලා, මටත් හොදයි කියලා හිතුන නිසා මම එදා කැමති වුනා.. ඒ දවස් කොච්චර හොදයි ද.. විභාග බර ඇරුණාම ජීවන බරක් තිබුනේ නැති කාලේ..

කේතලේ කෑ ගහන සද්දෙට මනෝ ලෝකෙන් එළියට විසි වුනා... තව චුට්ටකින් වහින නිසා, කෝපි එකක් හදාගන්න හිතුවත්,රෑට නින්ද නොගියොත් කියලා මට බයයි.. හැමදෙම අමතක කරලා ඉන්න පුළුවන් පුංචි පැය හය නැත්නම් හත,කෝපි එකකින් විනාස කරගන්න මට ඔනි නැහැ... ඒ නිසා කහට වැඩි උණු තේ එකක් හදා ගත්තා..

සුපුන්ව කසාද බඳින එකට ගෙදර අයගේ අකමැත්තක් තිබුනේ නැහැ.. මම බඳින්නේ මම ආදරේ මිනිහාව නේද කියන එක මගේ හිතේ, ඉහේ, වගේම මුළු ඇඟ පුරාම දාස් පෙතියා පීදෙන්න තරම් සතුටක් වුනා මතකයි... ඇත්තටම ආපස්සට හැරිලා බලනකොට අපි සතුටින් හිටියා නේද කියලා හිතෙනවා..

මම ජොබ් එකට ගිහින් ගෙදර එනකොට ගොඩක් වෙලාවට සුපුන් රෑට උයන්න පටන් අරන්.. මට ඇවිත් ලුණු මිරිස් ටික අත ගාලා මාළු පිනි ටික ලිපේ තියන්න විතරයි තිබ්බේ.. මට ස්ට්‍රෙස් දවස් වලට පැනිරස කෑම අරන් එනවා.. විසාල වලහෙක්, පුංචි වලස් පැටියෙක් තුරුල් කරන් ඉන්නවා වගේ නිදාගන්නවා... ආරක්ෂාව, සැනසීම, ආදරේ හැමදේම පිරිලා ඉතිරිලා නේද කියලා මම හැම තිස්සේම හිතුවා...

යශෝගේ රස්සාව නැති වුනේ මේ දවස් වල.. මම පැය ගණන් කෝල් කරලා දුක අහන් ඉන්නවා.. මේක බලන් ඉන්නම බැරිව තමා සුපුන් එයාලගේ ඔෆිස් එකේ වේකන්සි එහෙකට යශෝව දාගත්තේ.. යශෝ රස්සාවට ගියපු පළවෙනි දවසේ මම සුපුන්ට කිව්වා එයාවත් එක්කන් අපේ ගෙදර එන්න කියලා.. යශෝයි මායි සුපුනුයි එදා රෑ වෙනකන් හිනා වෙවී කෑම ගත්තා.. යශෝව ගෙදර ඇරලවන්න ගියේ මම..

යශෝ, සුපුන් ඔෆිස් එකේ කරන කියන එව්වා ගැන, විහිළු කතා ඇවිත් මට කියනවා.. යශෝ හැම සෙනසුරාදාම අපේ ගෙදර ආවා.. හොදම යාලුවා එක්ක සති අන්තේ ඉන්න ලැබෙන එක කොච්චර දෙයක් ද.. මට හිතුනේ එහෙම.. මාස ගෙවුනා.. අවුරුදු ගෙවුනා..

දවසක් යශෝ මට කෝල් කලේ හීනි ඉකියක් එක්ක..

"මොකෝ බන් මේ අඬන්න වගේ"

මම හිතුවේ කරදයක් වෙලා කියලා..

"මම උඹට ද්‍රෝහි වුනා කෙල්ලේ.."

යශෝ අඬන්න පටන් ගත්තා.. ෆොන් එකෙන් එහා පැත්තේ ඉකිය අස්සෙන් ඇහෙන වචන එක්ක, කකුළ් දෙකේ ඉදන් හිස් මුදුන වෙනකන් ගිනි ගන්නවා වගේ දැනුණා.. මම හිටියේ ඔෆිස් එකේ.. මට මතක නෑ මම ඇඬුවා ද කියලවත්... යශෝ එක දිගට සමාව ඉල්ලනවා..

"ඇයි මට කියන්න ඔනි කියලා උඹට හිතුනේ මේක?"

මම ඇහුවේ එච්චරයි.

"උඹ මගේ හොදම යාලුවා..."කියලා මොකක්දෝ දිග හෑල්ලක් කියවගෙන ගියා..

එක පාරට මුළු ලොකෙම කැරකෙන එක නැවතිලා,එක මොහොතක ගල් වෙලා වගේ දැනුනා..

මට ඔනි වුන සුපුන්ගේ පැත්තෙන් කතාව අහන්න.. සුපුන්ට ඒ වෙලේම කෝල් එකක් අරන් පුළුවන් තරම් නිවිලා ඇහුවා..

"මේ යශෝ කියන කතාව ඇත්ත ද?"

සුපුන්ගේ ඇහුනේ හුස්ම ගන්න සද්දේ විතරයි..

"ඒක එක පාරටම වුන දෙයක්.. මට මාවම පාලනය නැති වුනා.. අනික ඔයා දන්නවා නෙහ් එක අතකින් අත්පුඩි ගහන්න බැහැ කියලා"

මම හාෆ් ඩේ එකක් දාල ගෙදර යන්න හදනකොට, ඔෆිස් එකේ කෙනෙක් ඇවිත් ඇයි මේ හදිස්සියේ ගෙදර යන්නෙ ඇහුවා.. ඇස් ඉදිමිලා, තෝන්තුවෙන් ඉන්න එකට වැඩ කරන ගෑනිගෙන් එහෙම අහන එක ඉතින් පුදුම වෙන්න දෙයක් ද.. ඔළුව රිදෙනවා අනේ කියලා ඇස් පොඩි කරලා හිනා වෙලා ගෙදර යනකොටත් සුපුන් ගෙදර ඇවිත්..

සුපුන් මම ගෙදරට ආපු ගමන් සමාව ඉල්ලන්න ගත්තා.. මගේ ශබ්ද කෝෂය වේලිලා ගිහින් තිබුණේ.. මම දැනන් හිටිය එකම දේ අඬන එක විතරයි.. නාට්ටි වල මිනිහා ගෑනිව රවට්ටලා වෙන ගෑනියෙක් එක්ක යන කොටස් පෙන්නනකොට "මට නම් අහුවුනොත් ඔහොම මම දෙන්නවම පතුරු ගහනවා" කියලා පණ්ඩිත කතා කියපු මම නේද මේ කරකියා ගන්න දෙයක් නැතිව අසරණ වෙලා අඬා වැටෙන්නේ කියලා මට මතක් වුනා.. මගේ හොදම යාලුවා මට ද්‍රෝහි වෙච්ච දුක ද, ආදරේ කරපු මනුස්සයා ද්‍රෝහි වෙච්ච දුකද ගොඩක් වැඩි කියලා මට හිතා ගන්න බැරි වුනා.. මම දැනන් හිටිය එකම දේ, ඒ වෙලාවේ මගේ හිත රසදිය ඔඩමක් වගේ බර විත්තිය විතරයි..

මම ඔහේ සෝපාවේ දිගා වෙලා ඇඬුවා.. සුපුන් එක එක කතා කියනවා..තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කියනවා.. ආයිත් සමාව ඉල්ලනවා.. මම දැනගෙන හිටියේ නැහැ කියන්න ඔනි දේවල් ගැන.. මේ වගෙ වෙලාවකට රණ්ඩු කරගන්නවත් හිතට පණ නැති වෙලා යනවා.. ලෝකෙම එක පාර අළු පාට වෙලා යනවා..

බොහෝම අමාරුවෙන් උඩ තට්ටුවට ගිහින් අතට අහුවෙන ඇඳුම් බෑග් එහෙකට අඩුක් කරගෙන ත්‍රීවිල් එහෙකින් අම්මලාගේ ගෙදර ගියා.. මම දුවගෙන ගිහින් අම්මා බදන් අඬනකොට තාත්තා ඇවිත් "මේ මොකෝ" කියලා ඇහුවා මතකයි.. පස්සේ මගෙන් එයාලා විස්තර අහනකොට මම කිව්වේ මට ගෙදර මතක් වෙලා ආවා කියලා.. ඒ බොරුව එච්චර හයිය නැතත් අම්මායි තාත්තායි පිළි ගත්තා..

මට යශෝ එක්ක තරහ වෙන්න බැරි ගතියක් දැනුනා.. ඒත් මට යශෝට සමාව දෙන්න පුළුවන් තත්ත්වයකට මේ ජීවිත කාලේ ඒවි කියලා මම හිතන්නෙ නෑ.. අම්මලා එක්ක සතියක් ඉදලා තමා මේ තැන මම හොයන් ආවේ..තාම අම්මලා දන්නෙ නෑ සුපුන් ව මම සදහටම අතෑරලා ආවා විත්තිය..

සුපුන් මට කතා කරන්න හැදුවත්, මට හිත් කෝටියක් තිබුණේ නෑ කැඩෙන කැඩෙන පාරට මාරු කරන්න.. තිබ්බ එකම හිතෙන් ආදරේ කරලා කැඩිලා බිඳිලා ගියාට පස්සේ, සමාවට හේතු නිකන් සෙලෝටේප් වගේ.. ඇලවිලා තෙමුනම ගැලවෙනවා.. මම ලෝයර් කෙනෙක් හොයා ගන්න ඔනි.. මම දන්නෙ නෑ මම කරන්නේ හරි දේ ද කියලා.. ඒත් මට මගේ හොදම යාලුවා එක්ක මගේ මහත්තයා බුදිය ගත්තා කියන එක අමතක කරලා සමාව දෙන්න අමාරුයි..

ඔක්කොටම කලින් මේ බිත්ති පාට කරන්න ඔනි...මොන පාටින් පාට කරන්න ද හිතා ගන්න බෑ.. ෆ්ලැට් එක දිහා බලන් මට දැන් කල්පනා කරන්න තව දේවල් තියේ නේද.. අර මුල්ලට තියන්න මල් පෝච්චියකක් ගන්නත් ඔනි..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com0tag:blogger.com,1999:blog-6020331272520299580.post-68402074414872937862021-07-16T22:33:00.001-07:002021-07-16T22:33:12.519-07:00බීර මත
"අනේ.. මේ ජීවිතේ හරිම බරයි.. ඔයාට බැරි ද මාව වඩාගන්න.."

-බීර මතින් සිටි රැයක-

ගිලී ඉපිලෙමි

තෙත වලාකුළක,

ඔබ කියූ ලෙසටම

සඳ අතහැර ගොස් ඇත

අහස.

බොහෝ ඉස්සර දවස් වල,

පුළුන් රොදකි මා ඔබට,

මැසිවිලි නැත කීවේ කිසිදින

ඔසවාගෙන උරමතට

සමනලුන් පසුපස ගියා මිස.

සැඩ කුණාටුවක් මැද

කැලැන්ඩර් කොළ ඔරුවක සිට,

මා ඔබට ආදරේ වග

කෑ ගසා පවසමින් ය,

මේ සුලඟ මා ගොළු කර,

ඔබේ කන් බිහිරි කර

ඇති වග හැඟෙන.

බීර ඔඩමක පතුළක

ගිලී මියදෙන්නට ප්‍රථම,

ඔබට පමණක් ඇසෙන්නට,

"අනේ මාව වඩාගන්න" යැයි

කියන්නට හැකි ද?

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com0tag:blogger.com,1999:blog-6020331272520299580.post-35691459843468400532021-05-14T10:49:00.006-07:002021-05-14T10:49:52.204-07:00බෙදා දීම
"මම එයාට ආදරේ තමයි.. ඒ කියන්නේ ඔයාට ආදරේ නෑ කියන එක නෙමෙයි"

හිච්චි කෙල්ලක සංදියේ

අතට අහුරක් නෙළාගෙන ආ

වෙරළු මා දං වගේ නම්

ආලය,

බෙදා දෙන්නට ඇහැක මට

කහටක් නැතිව

හිත කොණක..

සරුවාංගෙම සූරා

නෙළුම් පතකට වඩම්මා

ඔබේ දෑතින් ගෙනත් ඇරලුව

පසුව හදවත,

දන්නෙ නෑ මම අයියණ්ඩි

ඔබට තව මා මක්ක දෙන්න ද!

ප්‍රේමිය,

ඔබ කුඩා ලෝකයකි,

ප්‍රේමය විසල්

විශ්වයකි!

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com2tag:blogger.com,1999:blog-6020331272520299580.post-51358775353577901092021-05-02T11:38:00.001-07:002021-05-02T11:38:33.443-07:00දහස්පෙති

පෙර කතාව-

"මම හිතන්නේ උඩම තට්ටුවේ ඉදන් පැනලා වෙන්න ඔනි..මේ වැස්ස අස්සේ ඔව්වා ඉතින් පේනවා කියලෑ..අනික ඔව්වා කියන්න ගිහින් නැති කරදර"

රතු පාට මාස්ක් එකක් ඒම කියන ගමන් කම්මුලට අත තියන් බලන් ඉන්නවා..

"තට්ටු හතක් කියන්නෙ සෙල්ලම් ද ඉතින්"

තවමත් වැස්ස ඉවර වෙලා තිබුනේ නැහැ..කුඩ වල අගිසි වලට ඇස් ඇමිණෙන්නේ නැති වෙන්න කුඩය ඉහිලගෙන ඉන්න අමාරුම තැන මිනිස්සු ටික ටික විසිරිලා යන්න පටන් අරන් තිබුණෙ.. "ඇම්බියුලන්ස් එහෙකට කතා කලා.. දැන් එනවා ඇති.. ඒත් දැන් ඉතින් ගෙනිච්චා කියලා වැඩක් වෙන එකක් නෑ"

ඒ කටහඬ ආවේ කොහෙන්ද කියලා නොදන්නවා වුනාට, ඒ කියපු දේ ඇත්ත විත්තිය හැමෝගෙම ඇස් වලින් පෙනුනා..

වැස්ස එන්න එන්නම වැඩි වුනා විතරයි.. සුදුපාට කමිසය අස්සෙන් රතුපාට ලේ පාරක් ගලාගෙන ඇවිත් වැහි වතුර එක්ක කාණුව් දිගේ ගහගෙන යනවා පෙනුනා..

****කතාව***

සමනල්ලු පියාඹන්න පටන් අරන් තිබුණා.. පුංචි දළඹු කෝෂයක් ඇතුළේ ඉදගෙන, අත්තටු වලට උන් පාට තෝරන හැටි තාත්තා ඉස්සර කියලා දුන්නා මට මතකයි..

"දළඹුවෝ සමනල්ලු වෙනකොට උන් ඔය පැහැ අස්සට වෙලා නිකන් ඉන්නෙ නෑ කම්මැලිකමේ.. උන් උන්ගේ තටු පාට කරගන්න එපැයි"

තාත්තා ඒම කියලා විසාල උපැස් වලට උඩින් මං දිහා බලාගෙන ඉන්නවා මට මතකයි..

ෆ්ලැට් වල ගස් වවන්න තරම් ඉඩක් නෑ..ඒත් අමාරුවෙන් ඊබේ එකෙන් ගෙන්න ගත්ත දාස්පෙතියා ඇට පැළ වෙලා මල් එන්න පටන් අරගෙන.. තාත්තා හිටියා නම් මේ මල් පුංචි වට්ටියකට කඩලා බුදුන් වඳීවී..මට කොච්චර මතක් කලත් මල් පූජා කරන ගාථාව මතක් වෙන්නෙ නෑ.. කරුමෙ!

ගෙදර අතෑරලා ඇවිත් අවුරුදු පහක් වෙන්න ඇවිත්.. ගෙදර අතෑරෙනකොට පවුලම ඒ එක්ක අතෑරිලා ගියා නේද කියලා මතක් වෙනකොට දුකයි..අම්මා දැන් හිත හදන් ඇති නේද..තාත්තා නම් මම මළා කියලා හිත හදාගන්නවා ඇති...අම්මාට ඒම කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ..මට අම්මා ගැන දුකයි.. මට මං ගැන දුකයි..

"උඹට ඔය ජවුසම් නටාගන්න ඔනි නම් මේ හතර මායිමේ ඉන්න බෑ..පලයන් රෙදි ටිකත් අරන් දොට්ට"

තාත්තා කිව්වේ ඒම.. මම හිතුවේ රන්දුනු මාව බේරගනී කියල..ඒක ඒම සිද්ද වුනේ නෑ.. හැරෙන හැරෙන පැත්තට මහ ආගාද තිබුණා.. කිසිම එළියක් නැතිව, උදව්වක් නැතිව කොහොමද මං තුවාල නොවී බේරෙන්නේ.. රන්දුනු මාස කිහිපයකට පස්සේ කසාද බැඳලා කියලා ෆේස්බුක් පිටුවක දකිනකන් ම, යටි හිතෙන් එයා මාව බේර ගන්න එයි කියලා හිතන් හිටිය විත්තිය තේරුම් ගන්න බැරි වුනා..මම මෝඩ ද?

වළාකුළු අල්ලන්න පුළුවන් තරම් උඩක තියෙන මේ පුංචි කාමරේ හොයා ගන්න කොච්චර මහන්සි වෙන්න වුනා ද.. තනිවීම කියන එක බොක්කටම දැනෙන්න අරන් තිබුණා.. ඒත් ජීවිතේ අතාරින්න මට ලෝභයි.. පුංචි කාලේ ඉදන් ම ජීවිතේ අපිට යුද්ධයක්.. ඒක මෙහෙමය කියලා විස්තර කරන්න තරම් මට නිච්චි නැහැ.. ඒත්, ඒ තරම් දුරක් ආවාට පස්සේ ජීවිතය මඟදි අතාරින්න ලෝභ හිතෙන්න ගන්නවා..

මම රැවුල වවන්න පටන් ගත්තා...හැමදාම උදේට කණ්ණාඩිය ඉස්සරහට ගිහින්, තෙරපිස්ට් කියපු විදිහට මාත් එක්ක හිනා වුනා.. හැමදේම සතියයි.. ආයිමත් සුපුරුදු භූතාත්ම ඇවිත් පපුව ඇතුළේ පදිංචි වෙන්න ගත්තා..

මට මගේ ඇඟෙන් කොටසක් අඩුයි වගේ දැනෙන්න පටන් අරන් තිබුණේ..ඒ අඩුව මොකක්ද කියලා නොදැනුන නිසා මම, ඒ හිදැස එක එක පැලැස්තර වලින් වහගන්න උත්සහ කලා..පිස්සුවෙන් වගෙ කෑම හදලා, ඔන්ලයින් මහන්න පුරුදු වෙලා, ටික්ටොක් කරලා.. එක එක විදිහට හිදැස පුරවගන්න හැදුවත්, ඒ කිසිම දෙයක් හරි ගියේ නෑ..ඒ අඩුව ආදරේ ද කියලා මට සැක හිතුනා..

ෆේස්බුක් එකෙන්, එක එක ඩේටින් ඇප් වලින්, නානාප්‍රකාර මිනිස්සු ජීවිතේට එන්න පටන් ගත්තේ ඒ නිසා.. වයසක අය, තරුණ අය, කසාද බැඳපු තලත්තෑනි මිනිස්සු, එක එක කාලෙට එන්න පටන් ගත්තත් හිස්තැන එහෙමම තිබුණා..

සුරේශ් ඇවිත් ඒ හිදැසේ වාඩි වුනා.. ඒක කොහොම සිද්ද වුනා ද කියන එක මට තේරෙන්නේ නෑ.. එයා මට ආදරේ නොකරපු එක නම් සහතිකයි.. මට ආදරේ ඔනි වුනත් එයාට ඔනි වුනේ එයාගේ විසාල අත් අස්සේ මාව රඳවගෙන ඉන්න විතරයි. ඒක ශෝකිය අනුරාගයක්.. කිසිම දෙයක් නැතිව ඉන්න කෙනෙක්ට ඒම දෙයක් වුනත් මහමෙරක් තරම්..

"මේ උඹේ වීඩියෝ එකක් යනවා හතර වටේ ගෲප් වල.. මොනවද මේ කරගත්තේ?"

"ඒ මම නෙමෙයි.. මේ මොකක්ද වෙන්නේ?"

හැමදේම පැයට කිලෝමීටර් සීයක වේගෙන් ඔළුව වටේ කැරකෙන්න පටන් අරගෙන තිබුණා.. කල්පයකට කලින් දැක්ක අම්මා තාත්තා පවා ගල් උස්සගෙන මට ගහන්න ඒවි නේද කියලා හිතෙන්න ගත්තා..

දුරදොඩනය පිරිලා තිබුණ පණිවිඩ, හීනි කියතකින් ඔළුව සූරනව වගේ දැනුණා..මම දැනන් හිටියේ නෑ කරන්න ඔනි මොනවද කියලා..

මම දුවලා ගියේ දාස්පෙතියා මල් පඳුර ගාවට.. කතා කරන්න, දුක කියන්න කවුරුත් නැතිව මාව තෙත රෙද්දක් වගේ බර වෙලා තිබුණේ.. කවදාවත්ම නැතිව තට්ටු හතක් උඩ ඉන්න මගේ දාස්පෙතියා මල් ඉඹින්න සමනලයෙක් ඇවිත් හිටියා... මට ඔනි වුනේ සමනලයාව අල්ලන්න.. මම හිතුවේ සමනලයාට මාව තේරේවි කියලා.. මෝඩ කතාවක් වගේ හිතුනාට,මට ඇත්තටම ඒ වෙලාවේ ඒම හිතුනා.. මට එක වලාකුළක් මඟ හැරිලා පය ලෙස්සලා අහසින් බිමට වැටුණා.. මට මතක එච්චරයි..

***පසු කතාව***

"මිනිය ගෙනියන්න කවුරුත් ආවේ නැද්ද..?"

"අපි කතා කරලා කිව්වා පවුලේ අයට.. මූගේ මිනිය අපිට එපා, මූට මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ කිව්වා"

"ඉතින් අපි මොකද කරන්නේ?"

"සමනල්ලුන්ට කන්න දාමු"
අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com1tag:blogger.com,1999:blog-6020331272520299580.post-32559168738806859672021-04-13T09:03:00.003-07:002021-04-13T09:03:33.802-07:00අහස අතහැරීම
පවරා දිය හැකිද ශෝකය

සැනකින් වෙනස් වෙන අහසට,

සඟවා තැබිය හැකි ද ස්නේහය

තවරා පුයර කම්මුල් මත..

කියවාගත නොහැකි බසකින්

දෙවියන් ලියා ඇති විට

මා හදවත,

වරදක් නැහැ ඔබ අත,

මේ නොවැදගත් දුක

වලාකුළු මවන්නට දිය හැක..

ඔබ

සිනහසී අත හරින්න

අහස,

මට හැකී අල්ලා ගන්නට!

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com0tag:blogger.com,1999:blog-6020331272520299580.post-31509608328726752852021-01-13T20:28:00.004-08:002021-01-13T20:30:23.847-08:00කුල
ආදර සදෙව්,

අකුරු ලිවීම අමතක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, ඔයාට ලියමනක් ලියන්න ලැබුණ එක ගැන සතුටුයි..මේ ලියමන ලියන්න කලින් උදෙත්, මූණට මූණ හම්බුන ඔයාට මේම ලියන්න හිතුනේ, සමහර වෙලාවට මූණට මූණ බලාගෙන මේ දේවල් කියන කොට, හිත අස්සේ කොණක හරි කහටක් මම නොදැනුවත්වම ඉතිරි වෙලා තිබ්බොතින්, මම කියන දේවල් වලට වඩා, තරහ, කණගාටුව ඔයාගේ ඔළුව ඇතුලේ මළකඩ වගේ බැඳෙන්න පුළුවන් කියලා හිතුන නිසා..මේ මොහොත වෙනකොට හිතේ පුංචිම දුකක් වත් , තරහක්වත් නැති නිසා, ඔයාට මේ ලිපිය, මගේ "සෝ ස්වීට්" කටහඬෙන් කියවගන්න පුළුවන් වෙයි..

ඔයා මගේ පොඩි කාලේ ගැන උනන්දුවක් නෑ කියලා මම දන්නවා..ඒත් මට ඔයාට ඒ ගැන බලෙන්, ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න උවමනායි..එතකොට මට අවුරුදු දොළහයි...අපේ ගමේ පන්සල තිබ්බේ ලස්සන වෙල්යායක් මැද්දේ..ඔව් ඔව්.. ඔයාට දැන් හිතට මැවුණ ජාතියේම පන්සලක් ඒක..අර හතාමාරට යන කතාවේ පේන පන්සල වගේමයි..

ඉරිදා උදේ පාන්දර නැගිටින ළමයි, ගෑනු පිරිමි භේදයක් නැතිව, අරලිය ගස් බඩගානවා මල් කඩන්න.. අපි ඇත්තටම මල් කැඩුවේ ලොකුම මල් වට්ටියට දෙන ලකුණු ගන්නයි , වැඩිම ලකුණු ගන්න කෙනාට හම්බෙන චොකලට් එකට තියෙන පෙරේතකම නිසයි..දහම් පාසලේ ළමයි හැමෝම හිටියේ එක පවුලක් වගේ..මේ කාලේදි තමයි වෙසක් නාට්ටි ඌෂ්ණය ගමට ආවේ.. වෙසක් පෝයට දහම් පාසලේ ළමයි එකතු වෙලා පෙන්වන වෙසක් නාට්ටියට ප්‍රධාන චරිත තෝරන්න නියම වෙලා තිබ්බේ අපේ පංතියෙන්.. මට හොදට මතකයි ඒ දවස.. ලොකු සර් ඇවිත් පංතියට, "කුසපබා" නාට්ටිය තමා මේ අවුරුද්දේ කරන්න ඉන්නේ , ඒකට 'කුස' ගේ චරිතෙට කොල්ලෙකුයි, පබාගේ චරිතෙට කෙල්ලෙකුයි තෝරගන්න ඔනිය කියලා වේවැල කරකර කියාගෙන ගියා...ඉතින් ඒකට, ලොකු සර්,අපි හැමෝවම පෝළිමට හිටවලා එක එක්කෙනාට කිව්වා වෙන වෙනම පොඩි නාට්ටි කොටසක් රඟපාල පෙන්නන කියලා...

මම රඟපාල පෙන්නුවේ ගෙවිලියකගේ චරිතේ.. දිග පෝළිමම රඟපාල ඉවර වුනාට පස්සේ දැනුම් දුන්නා මාව පබාවතිට තෝරගෙන කියලා..ඒ කාලේදි ජීවිතේ ලොකු පුදුම හිතෙන දේවල් වෙනවා අඩුයි.. ඉතින් මේ වගේ දෙයක් සිද්ද වෙනවා කියන්නේ පපුව කඩාගෙන යන්න තරම් සතුටක්..පබාවතීට දිග කොණ්ඩයක් ඔනිය කියලා අම්මා රෑට රෑට තැඹිලි තෙල් අහුරක් දාලා කොණ්ඩේ පීරන්න පටන් ගත්තා.. මම හිටියේ පාවි පාවි..

අපි නාට්ටි පුරුදු වෙන්න ගිය පළවෙනි දවසේ, දායක සභාවත් ඇවිත් හිටියා..හැමෝම මං දිහා රවාගෙන හිටියේ ඇයි කියලා මම දන්නේ නෑ අදටත්.. එතන හිටිය වයසක මනුස්සයෙක් මම පබාවතීට රඟපානවාට අකමැති විත්තියත්, ඒම රඟපාන්න ගත්ත එක වැරදි විත්තියත් එක දිගටම මහ සද්දෙට කියන්න පටන් ගත්තා.. මම හිටියේ බය වෙලා සදෙව්..මම හිතෙන් ඇස් දෙකේ කඳුළු බිමට නොවැටෙන්න අල්ලගෙන හිටියේ..

"මේ කෙල්ලට කොහොමද හාමුදුරුවනේ පබාවති දේවි රඟපාන්න දෙන්නේ.. දන්නේ නෑද මේකිගේ අප්පාගේ කුලගොත් විස්තර..බුදුන් ලඟින් හිටිය ස්තිරි පරාණයකට රඟපාන්න දෙන්න පුළුවන් ද මේ කෙල්ලට."

ඒ වයසක මනුස්සයා එක දිගට කියවගෙන ගියා.. මම බලන් හිටියේ කවුරු හරි නැගිටලා මං වෙනුවෙන් කතා කරාවි කියලා.. ඒත් දායක සභාවම සද්දයක් නැතිව බලන් හිටියා විතරයි... මම චරිතෙට තේරුනා මිස, මම චරිතය ඉල්ල ගත්තේ නෑ කියන්න මට ඔනි වුනා.. ඒත් මම ඇඬෙයි කියලා බයට බිම බලාගෙන සද්ද නැතිව හිටියා..

අම්මාට මේ විස්තරේ කිව්වාම, අම්මා කිව්වෙත් ඒ තීරණේ සාධාරණයි කියල එක අතකින්..මං වෙනුවෙන් ගෙදර මිනිස්සු වුනත් කතා නොකරන කොට නම් මට කඳුළු හිරකරගෙන ඉන්න බැරි වුනා..මම නොසෑහෙන්න ඇඬුවා.. අවුරුදු විස්සකට පස්සෙත් ඒ ගැන මතක් කරලා ආයිත් අඬන්න මට පුළුවන්..කුලය කියන දේ මගේ මූණේවත් ඇඟේවත් තියෙන උපන් ලපයක් නෙමෙයි..කුලේ කියන දේ අපි බලහත්කාරෙන් පවරගන්න දෙයකුත් නෙමෙයි..මම දැනගෙන හිටියේ අඬන්න විතරයි ...

මේ වෙනකන් කියවගෙන ආවා නම්, ඔයාට තේරෙන්න පටන් අරගෙන ඇති, මම මේ වටෙන් ගොඩෙන් එන්න හදන්නේ කොතැනට ද කියලා..

මම ඔයාට තව කතාවක් කියන්නම්..

සුදේශ්ව හම්බුනේ මට කැම්පස් එකේදි.. සුදේශ් කියන්නේ මම වගේම ආර්ථික අපහසුකම් ගොඩක් මැද්දේ කැම්පස් ආපු කොල්ලෙක්...අපි පාඩම් කලේ එකට, කෑම කෑවේ එකට..පළවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන දවසෙදි සුදේශ් මට ආදරෙයි කිව්වා.. අකමැති වෙන්න හේතුවක් නොතිබුණ නිසාත් , ඇත්තටම සුදේශ් හොඳ කොල්ලෙක් වගේ දැනුන නිසාත් මම දෙපාරක් නොහිත යාලු වුනා..ඒත් ඒක වැඩි කාලයක් තිබුණේ නැහැ...

පළවෙනි සෙමෙස්ටරේ අන්තිම විභාගේ ලියන්න ඇඩ්මිශන් එක අරගෙන එන්න කියලා මම දවසක් සුදේශ් ට අයි.ඩී. එක දුන්නා.. සුදේශ් මගේ අයි.ඩී. එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා, "මේක ද ඔයාගේ වාසගම" කියලා මූණ දෙක කරගෙන බලන් හිටිය හැටි මට තාම මතකයි.. ඊට දවස් දෙක තුනකට පස්සේ , මේ සම්බන්ධයට ගෙදර අය කවදාවත් කැමති වෙන එකක් නැතය , දුර දිග යන්න කලින් නවත්තමු ය කියලා යන්න ගියා.. මම දැනගෙන හිටියේ නෑ කියන්න ඔනි මොනවද කියලා..මම එදා නම් ඇඬුවේ නෑ.. ඒත් මට දුක හිතුනා.. දුක කාලයක් එක්ක මැකිලා යනවා..කැම්පස් එකෙන් අවුට් වෙලා යනකන්ම එයා මාත් එක්ක කතා කලේ නෑ...සුදේශ් දැන් දෙපාරක් ඩිවෝස් වෙලා විත්තිය කිව්වේ මගේ පරණ යාලුවෙක්.. මම දන්නේ නෑ ඇයි කියන එක නම්..

මම හොඳට ඉගෙන ගත්තා.. ස්පෙශල් එකක් කරන්න තේරුණා.. ක්ලාස් එකක් ගත්තා.. ඒත් මට අහක් කරන්න බැරි අඳුරු හෙවනැල්ලක් වගේ මගේ වාසගම පස්සෙන් එන එක හිසරදයක් වුනා..

කසාදයක් කරගන්න හදනකොට තරම් කුලය හොයන් වෙන ජීවිතේ අවස්ථාවක් මට හිතා ගන්න බෑ...අම්මාට ඔනි වුනේ මාව දොස්තර කෙනෙක්ට බන්දල දෙන්න..දොස්තර පුත්තු පෝළිමට බඳින්න කැමැති වුනත්, දොස්තර පුතාලගේ සනුහරේ වාසගම් ප්‍රශ්නේ නොසළකා අතාරින්න හිත දුන්නෙ නෑ..

මට කසාද බඳින එක තිත්ත වෙලා ඉන්න කාලේ තමයි ක්‍රිස්ව හම්බුනේ..සදෙව් ක්‍රිස් අන්තිමට කසාඳ බැන්දේ මාව.. මගේ වාසගමවත්, කුලේවත් නෙමෙයි, මේ මාව..

මේ රස්සාවට ඇවිල්ලා මම දැන් අවුරුදු තුනක් වෙනවා සදෙව්...ඔයා මම නැති වෙලාවට කියන සමහර විහිළු, මගේ මේසේ ලඟට ඔයාට හිතන්නත් බැරි වේගෙන් පාවෙලා එනවා...ඒ විහිළු මගේ වාසගම එක්ක පැටලෙන විත්තියත් මම දන්නවා..ඔයාගේ මී මුත්තාගේ ගෙදර මගේ මී මුත්තා වළං සේදුවාට, මේ වෙනකොට ඔයා මගේ යටතේ වැඩ කරන සේවකයෙක් විත්තියත් මතක් කරන්න මම කැමති.. ඔයා දැකලවත් නැති මී මුත්තෙක්ගේ ඌෂ්ණය එක්ක බහුජාතික සමාගමක වැඩ කරන එක අමාරු ඇති කියලා මට වෙලාවකට හිතෙනවා..ඔයා ගැන දුකක් හිතෙන්න ගන්නවා..

මම ජීවිතේ අන්තෙටම වැටිච්ච වෙලාවලට අපේ අම්මා, අපේ සීයලා ආච්චිලා සමහර ප්‍රශ්න වලට මූණ දුන්න හැටි ගැන කියලා දෙනවා...ජීවිතේ කටුක විත්තියත්, දරාගෙන ඉස්සරහට යන්න උවමනා විත්තියත්, ලේ උරුමයෙන්ම මට ලැබිලා තියෙනවා කියලා දැනෙනවා.. වාසගම වෙනස් කරගන්නම ගිහින් ඒ අදහස අතහැරියේ, අද මේ ඉන්න මම කියන පුද්ගලයාව වාසගම වගේ දෙයකින් මනින්න බැරි තරම් විසල් නේද කියලා හිතුන නිසයි... මම කියන කෙනාගෙ වටිනාකම අකුරු දෙක තුනකට ලඝු කරන්න පුළුවන් ද..

පුංචි කාලේ ඉදන් වෛර කරපු ඒ වාසගමට ආදරේ කරන්න මම ඉගෙන ගනිමින් ඉන්නවා..

සදෙව් මම හෙට අයර්ලන්තයට යනවා.. මම දන්නේ නෑ හෙටින් පස්සේ ජීවිතේ කොහොම වෙයිද කියලා.. මම කැමති ඔයා ඔයාගේ ඇස් වල බැඳිලා තියෙන දශක ගාණක දුවිලි තට්ටුව පිහදා ගන්නවා නම්.. මොකද මේ වෙනකොට වාසගමකට, කුලයකට කරන්න පුළුවන් දේවල් සීමිතයි...ඔයා හිර වෙලා ඉන්න පුංචි ලෝකෙන් පොඩ්ඩක් එළියට ආවොතින් බාගදා ඔයාටත්, වාසගමෙන් එහා ලෝකයක් දකින්න පුළුවන් වෙයි..

මාෂා..

පසුව ලියමි-

හොදම යාලුවෙක් ලියන්න කියලා කරපු ඉල්ලීමකට ලියවුන දෙයක් මේක.. ගොඩක් කාලෙකින් ලියපු නැති නිසා මේක කෝලමක් වගේ පේනවා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com1tag:blogger.com,1999:blog-6020331272520299580.post-9443460176959127032020-12-11T09:15:00.003-08:002020-12-11T09:15:17.066-08:00කිරිල්ලක් මි
සහෝදර කුරුල්ලන් පියාඹා ගොසින් තිබුණි..මා කුඩා කෙල්ලක් ව, ඉපල්'තර තැනූ කූඩුවේ සිට බිම බලමින්, බියෙන් සිටි යුරු සිහිවෙයි... දෙමාපිය කුරුල්ලන් හොටෙන් ඇන, මා සුවෙන් සිටි කූඩුවෙන් බිමට ඇද දැමූ පසුවත්, පියාපත් සොළවා ගත නොහැකිව මා ගල් ගැසී සිටියෙමි..මා තටු ගැසූව ද අහස සතු වන්නට තරම් හයියක් නොතිබුණි..

මා බිම වැටී, තුවාලව සිටිය දී, මා රැගෙන විත් සාත්තු කල, ඒ කුඩා කොල්ලා ද, මා සමඟම උස් මහත්ව ඇත.. මගේ අත්තටු තිබුණාට වඩා සවිමත් ය.. ඔහුගේ දැළි රැවුල් ගස්'තරින් ඇස් හීනි කරමින් ඉපදෙන සිනහව ද උණුසුම් ය.. ඒ කුඩා යකඩ කූඩුව මට පහසුවක් විය..

මා සවිමත් තටු විහදා කූඩුව තුළ ඔබමොබ පියඹන යුරු ඔහු බලා සිටියේ විමතියෙනි..කූඩුවේ සිට අහස පෙනීමම මට උවමනාවට වැඩිය.. මා පැය ගණන් ඔහු දෙස බලා සිට ඇත්තෙමි.. බාගදා ඔහු මා දෙස බලා සිවුරුහන් බායි..

දිනක් ඔහු කූඩුවේ දොර හැර දා මා අතට ගෙන අහස දෙසට වීසි කර දමා ඔහු විසූ කුඩා කුටියේ දොර වසා ගන්නට විය.. මා ඉගිල යනු මිස අන් කවරක් කරන්න ද..මම පියාසරමින් සිටිමි.. කිසිදා නොදැකපු සුන්දර වනගුල්ම මැදින් ද, සිහිනමය වලාකුළු අතරින් ද නොබියව පියාඹමින් සිටිමි..

මා ඔහුට ආදරේ බව මට දැනුනේ ඔහු මා අතහැර දැමූ පසුව ය.. මේ නිදහස අතහැර වෙනත් යමක් තෝරාගන්නට අවස්තාවක් ලැබේ නම්, මම තෝරාගන්නේ ඔබ කුටිය තුළ කුඩා යකඩ කූඩුව පමණි.. පියාඹා යෑම, මේ සියළු සිහින ඔබේ සිනහවක් දෙස බලා සිටීම වඩා වටිනවා යැයි මට නොසිතෙයි..

ඔබ නිවැරදි ය!! මම කුඩා පිස්සු කිරිල්ලක් මි..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com1tag:blogger.com,1999:blog-6020331272520299580.post-74672143091180901552020-11-19T08:38:00.003-08:002020-11-19T08:38:24.410-08:00පෙම
"මට ආදරේ කරන්න එපා.. "

-කෙටි පණිවිඩයක්-

ගිල්වා තබමි මම

චිල් බීර ඔඩමක

හදවත..

ගිලෙමින් ඔබේ දෑත් තුළ

ගුලිවෙමි සුවඳ මතකෙක

එබෙමින් ඔබ තුළට

"හාදුවක් දෙනවද?"

ඔබ කළ අවසන් ඉල්ලීම

ඉටුකරන්නට සැරසෙන විට

මම,

නොඉල්ලනු මැන

ඉටුකළ නොහැකි

දෑ තවතව..

අමාගේ හීන සාප්පුවhttp://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com1